වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

May 30, 2020
13,424
Reasons to falling hair too much
ගෙදරට වෙලා පහු ගිය කාලේ ඉන්න වුණ නිසා වගේම හිරු එළියට සහ පරිසර දූෂණයට නිරාවරණය වුණේ නැති නිසා හිසකෙස් වල සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා ඇති කියලා සමහර අය හිතනවා. නමුත් පහුගිය කාලය පුරාවටම හිසකෙස් සම්බන්ධව බොහෝ රූපලාවණ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න තරුණියන්ට සිද්ධ වෙලා තියනවා. හිසකෙස් සිහින් වීම සහ හිසකෙස් වැඩිපුර ගැලවිලා යාම ලැයිස්තුවේ ඉහළින්ම තියෙනවා. දැනටමත් ඔබ ඒ ගැටලුවට මුහුණ පාලා තියනවා නම් ඒකට හේතු අද අපි ඔබට කියන්නම්. ඒ වගේම හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා...

1 ආතතියෙන් කල් ගෙවී​ම

සීමිත සම්පත් එක්ක ගෙදර බිත්ති වලට කොටු වීම, කරන්න වැඩ නොමැති වීම සහ පිටත ලෝකයේ පැවතුණු බරපතල යථාර්ථය පිළිගැනීමට අපහසු වීම දක්වා තිබුණු මානසික ප්‍රශ්න වල ප්‍රතිඵලයක් විදිහට පහුගිය ලොක්ඩවුන් කාලයේ ආතතිය හා කාංසාව ගොඩක් අයට ඇති වුණා. ආතතිය හිසකෙස් ගැලවෙන්න හේතුවක් වෙනවා. ඒක හිසකෙස් වලට හානිදායක වෙනවා වගේම ශරීරයේ විවිධ රෝග හට ගන්නත් හේතුවක්. මානසික ආතතිය හා කාංසාව නිසා කෙස් කළඹ දුර්වල මට්ටමකට තල්ලු කරන්න පුළුවන් අතර එමඟින් අලුත් හිසකෙස් නිපදවන්නේත් නෑ. තව දුරටත් හිසකෙස් වැටීමට හේතු වෙනවා විතරයි.

2 ඔබේ හිසකෙස් වල පිරිසිදුක​ම මදිකම 

ගෙදරින් පිටතට යාමක් තිබ්බේ නැති නිසා හිසකෙස් සේදීමට පහුගිය කාලේ ලොකු උවමනාවක් ගොඩක් අයට තිබේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් නිරෝධායන කාලය තුළදී හිසකෙස් සේදීමට ප්‍රමාද වීම පවා සාමාන්‍ය දෙයක් වුණා. ඒ නිසාම ගොඩක් අයගේ හිසකෙස් සෞඛ්‍යය සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වෙලා තියෙනවා. දහඩිය හා ආර්ද්‍රතාවය මෙම හිසකෙස් ගැටලු වලට තවදුරටත් එකතු වෙන නිසා හිස කෙස් වැටීමට තවත් හේතුවක් වෙන හිසරදය හැදෙන්න පටන් ගන්නවා.

හිස් කබලේ ස්වභාවිකව ම නිපදවෙන සීබම් (Sebum) ග්‍රන්ථි මගින් හිස්කබල ලිහිසි කරවනවා. ඒක හිසකෙස් අලුතෙන් ඉපදෙන්නත් බාධාවක්. හිසකෙස් පිරිසිඳු කරන්නේ නැති වුණාම මේ සීබම් හිස් කබලේ හට ගැනීම වැඩි වෙනවා. ඒක හිසකෙස් වර්ධනයට බාධාවක්. ඒ නිසා සීබම් නිපදවීම නිෂ්පාදනය පාලනය කිරීමට සහ හිස්කබලේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා හිසකෙස් සේදීම අවශ්‍යයි. 

කෙසේ වෙතත් දහඩිය දානවා කියලා උණුසුම් දවස් වලට ඔබේ කොණ්ඩය අධික ලෙස සේදීමට ලක් කරන්න එපා. මොකද ඒක යහපතට වඩා හානියක් කරන්නේ. ෂැම්පූ සහ කන්ඩිෂනර් අධික ලෙස හා අඛණ්ඩව භාවිතා කිරීමෙන් හිසකෙස් සෞඛ්‍යයට විශාල හානියක් සිදු වෙනවා. අධික ලෙස සේදීම මගින් කෙස් දුර්වල වෙනවා හා බිඳෙනසුළු වනවා. ඒකෙන් ප්‍රෝටීන දුර්වල වෙනවා. ඔබේ හිස්කබලේ ඇති ස්වාභාවික තෙල් ඉවත් නොකරගෙන හිසකෙස් සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා සතියකට දෙතුන් වතාවක් ඔබේ හිසකෙස් සෝදා ගැනීම ප්‍රමාණවත්.

3 තද කොණ්ඩා මෝස්තර දැමීම

තද කොණ්ඩා මෝස්තර කල් පවතින කෙස් ගැටළු ඇති වෙන්න හේතුවක්. ගොඩක් අය මෙහෙම තදට කොණඩය බඳින්න පුරුදු වෙලා ඉන්නේ මුහුණට කෙස් වැටෙන නිසයි. ඒත් Traction alopecia කියන්නේ තද පොනිටේල්, බන්ස් හෝ ගෙත්තම් නිසා සහ නැවත නැවත හිසකෙස් ඇදීම නිසා ඔබේ හිසකෙස් ඔබට අහිමි කරවන තත්ත්වයක්. ඒක කෙස් වලට යාන්ත්‍රික​ව හානියක් කරනවා.

4 ඔබේ පෝෂණ අවශ්‍යතා නොසලකා හැරීම

පහුගිය කාලේ නිසි පිළිවෙලක් නොතිබ්බ නිසා ගොඩක් අය අකලට ආහාර ගැනීම, අධික ලෙස ආහාර ගැනීම සහ දුර්වල, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවක් ගන්නයි පෙළඹිලා හිටියේ. හිසකෙස් වර්ධනයට කැලරි හා ප්‍රෝටීන් පෝෂණය මදිකම මෙන්ම ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් ද සැලකිය යුතු ලෙස බලපානවා. ඔබේ පිඟානට තෝරලා ගන්න සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර තේරීම් නිසාත් හිසකෙස් තුනී හා දුර්ව​ල වෙන්න පටන් ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1628 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:24 PM
Script:/article/1628/reasons-to-falling-hair-too-much.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:25 PM
Script:/article/1628/reasons-to-falling-hair-too-much.html