මොනවද මේ ප්ලාස්ටික් වල තියෙන නොම්මර?

October 4, 2019
7,850
What are these numbers in plastic containers
ප්ලාස්ටික් අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ප්ලාටික් වර්ග එකිනෙකට වෙනස්. සමහර ඒවා නැවත නැවත භාවිතකරන්න පුලුවන් වගේම සමහර ඒවා නැවත භාවිතයට නුසුදුසු ඉතාම අන්තරාදායක ඒවා. ඇතැම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කලහැකි අතර අනෙක් ඒවා එසේ කල නොහැකියි.

ඔයාගේ ආසන්නයේම තියෙන ප්ලාස්ටික් ඇසුරුම අරගන්න, එය ඔයාගෙ වතුර බෝතලය, කෑම පෙට්ටිය, ක්ෂණික නූඩ්ල්ස් කප් එක වෙන්න පුලුවන්. දැන් එහි පිට පැත්තේ හරවා බලන්න. එහි නොම්මර හෝ අකුරු දකින්න ලැබෙයි. ඇතැම් විට ඔබ දැනටමත් ඒ ගැන දැනුවත් ඇති. ඒ නොම්මර වලින් කියැවෙන්නේ ඒ ඒ ප්ලාස්ටික් ඇසුරුම් කුමන ප්ලාස්ටික් කාණ්ඩයට අයිතිද කියලා. එහෙත් ඔබ දැනන් හිටියාද කුමන නොම්මර ඔබ භාවිතයෙන් වැලකී ඉන්න ඕනෙද, ඒවා පරිසරයට කෙතරම් හානියක් කරනවද කියන වග? මේ සටහන ප්ලාස්ටික් ගැන ඔබ දෙවරක් සිතිය යුතු වග මතක් කර දෙන්නයි.

අපේ මේ නවීන ලෝකේ ඔබ දැන සිටිය යුතු ප්ලාස්ටික් කාණ්ඩ 7ක් තියෙනවා.

1 - Polyethylene Terephthalate (PET / PETE / පොලියෙස්ටර්)



මේවා බොහෝ විට භාවිත කරන්නේ ආහාර පාන ඇසුරුම් කරන්න. ඒකට හේතුව මේ ප්ලාස්ටික් හරහා වාතයේ ඇති ඔක්සිජන් ඇසුරුම ඇතුලට නොයාමයි. එතකොට ඇසුරුමේ තියෙන ආහාර නරක් වෙන්නේ නෑ. කාබනික බීම වර්ග ඇසුරුම් කරන්න භාවිත කරන්නේ ඒ බීම වල ඇති කාබන් ඩයොක්සයිඩ් ඇසුරුම් එලියට යන්නේ නැති නිසායි.

මේ ප්ලාස්ටික් වැඩි වශ්යෙන් ප්‍රතිච්ක්‍රීකරණය කරන ප්ලාස්ටික් වර්ගයක්. ඒ වගේම අපේ සජීවී පටල වල පිලිකා ඇති කරන්න මේ ප්ලාස්ටික් වලින් පිට කරන රසායන වලට පුලුවන්. මේ ප්ලාස්ටික් වල දිගු කාලයක් ආහාර ගබඩා කර තියෙනකොට ඒවායින් මේ විෂ රසායන පිට කරනවා. ඒ වගේම උණුසුම් ස්ථානවල මේ ඇසුරුම් තැබුවොත්, උදාහරණයකට වාහන තුල, ප්ලාස්ටික් බීම බෝතල් කඩ වල අව්ව වැටෙන තැන් වල තබා තිබුනොත් ඒවායින් අපේ ශරීරයට අහිතකර රසායන නිරන්තරයෙන්ම පිට කරනවා. ඉතින් හොඳම දේ වතුර බොන්න වීදුරු බෝතලයක් පාවිච්චි කරන්න. වීදුරු බෝතල් වල ඇසුරූ බීම බොන්න.

2 - High-Density Polyethylene (HDPE)



නොම්මර 2 සහිත ප්ලාස්ටික් ඇසුරුම් අනෙක් ඇසුරුම් වලට වඩා විශේෂයි. මේවා ඝනව සහ ශක්තිමත්ව සකසා තියෙනවා. කිරි, ජූස්, ෂැම්පූ, බෙහෙත් වගේ දේවල් මේ ඇසුරුම් වල අසුරා තිබෙනවා දකින්න පුලුවන්. ආහාර ඇසිරීමේදී මේ ප්ලාස්ටික් වර්ගය වඩා ආරක්ෂා සහිත වූවත් මේ ඇසුරුම් හිරු එළියට නිරාවරණය වූවොත් ඒවායින් පිට කරන රසායන මිනිසාගේ හෝමෝන පද්ධතියට අහිතකර ලෙස බලපෑම් කරනවා.

3 - Polyvinyl Chloride (PVC)



බොහෝ විට සෙල්ලම් බඩු, රෙදි සෝදන දියර, ලේ අසුරන බෑග්, රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගන්න ටියුබ්, ජලනල සඳහා යොදා ගන්නා PVC නිපැයුමේදීත්, ප්‍රතිචක්‍රීකරණය කිරීමේදීත් පිටකරන රසායනයන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය වශයෙන්ද දැඩි අහිතකර බලපෑම් ඇති කරන ප්ලාස්ටික් වර්ගයක්. ඇත්තෙන්ම PVC තමයි වැඩිම අහිතකර බලපෑම් ඇතිකරන ප්ලාස්ටික් වර්ගය.

පිලිකා, දරුවන්ට ඇති වන ආසාත්මිකතා සහ හෝමෝන පද්ධතියට කරන බලපෑම් PVC ප්ලාස්ටික් වලින් මිනිසාට කරන ප්‍රධානතම හානියි.

4 - Low-Density Polyethylene (LDPE)



ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය තමයි පොලිතීන්. බොහොම අඩු වියදමකින් නිෂ්පාදනය කල හැකි මේ ප්ලාස්ටික් කාණ්ඩය වැඩිපුරම ග්‍රොසරි බෑග්, ගාබේජ් බෑග්, ප්ලාස්ටික් ව්‍රැප්, ප්ලාස්ටික් පාටි කප්ස්, කෑම අසුරන භාජන, ඒවායේ මූඩි සැකසීමට යොදා ගන්නවා.

ඇතැම් අධ්‍යනයන් වලදී මේ ප්ලාස්ටික් මිනිසාගේ හොමෝන වලට බලපෑම් කරන බව සොයාගෙන ඇතත්, ආහාර පාන ඇසිරීමට ආරක්ෂිත ඇසුරුම් ලෙස ගත හැකියි. නමුත් අවාසනාවකට පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතාම අපහසු ප්ලාස්ටික් වර්ගයක්.

5 - Polypropylene (PP)



හයිය වගේම උණුසුමට ප්‍රතික්‍රියා නොකරන ඵ්ඵ් උණුසුම් ආහාර ගබඩා කිරීමට පාවිච්චි කරනවා. උණුවතුර බෝතලේ මූඩියේ ඇතුල් කොටසට, මෝටර් රථ කොටස් වලට වගේම සනීපාරක්ෂක තුවා සහ ඩයිපර් තුලට යෙදීමට හොදා ගන්නවා.

ආහාර ඇසීරීමට මේ ප්ලාස්ටික් වර්ගය ආරක්ෂා සහිත විකල්පයක්. ඒ කෙසේ වෙතත් මේ ප්ලාස්ටික් වර්ගයත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඉතා අපහසුයි. අනෙක මිනිසාගේ හෝමෝන වෙනස් කිරීම, ඇදුම වැනි රෝග වලට මේ ප්ලාස්ටික් වර්ගය හේතු වන බව සොයාගෙන තියෙනවා.

6 - Polystyrene (PS)



අංක 6 සඳහන් වෙන්නේ රිජිෆොර්ම් ඇසුරුම් වලයි. ආහාර ඇසුරුම්, පාටි කප්, හෙල්මට් හදන්න මෙය භාවිතා කරනවා. මේ ප්ලාස්ටික් උණුසුමට, තෙල් වලට නිරාවරනය වුනාම ස්ටයිරීන් නැමැති රසායනය පිට කරනවා. මේ රසායනයේ ඇති විෂ අපේ ස්නායු පද්ධතියට හානිකරනවා. ඒ විතරක් නෙවෙයි අක්මාවට, පෙනහලු, ප්‍රතිශක්තීකරන පද්ධතියට හානි කරනවා වගේම අපේ ජාන වලටත් පලපෑම් කරනවා. ඒ විතරක් ද මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්නත් ලේසි නෑ.

7 - Other Plastics





වතුර ෆිල්ටර් වල ඇති බෝතල්, කුඩා දරුවන්ගේ බෝතල් / කෝප්ප, ෆයිබර් ග්ලාස් වගේ දේවල් මේ ප්ලාස්ටික් වලින් තමයි හදන්නේ. නැවත් පාවිච්චියට සුදුසු වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්න නම් අපහසුයි.

සාරාංශයක් ලෙස ගත හොත් නැවත පාවිච්චියට සුදුසු ප්ලාස්ටික් ඇසුරුම් වන්නේ වන්නේ 2, 4, 5 අංක සහිත ඇසුරුම් ය.

"Microwave Safe" කියලා සඳහන් වෙනවා නම් හෝ පහතින් ඇති ලකුණ ඇසුරුමේ සඳහන් නම් මේ ඇසුරුම් මයික්‍රෝවේව් එකේ ආහාර රත් කිරීමේදී භාවිතා කරන්න පුලුවන්.



ඒක මේක මොක කීවත් ප්ලාස්ටික් භාවිතය අපේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටත් අහිතකරයි. පුලුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. පුලුවන් හැම විටම තමන්ගේ වතුර බෝතලය අරන් යන්න හිතට ගන්න. හැකි තරම් වීදුරු, ලී, ස්වභාවික ඇසුරුම් භාවිතයට හුරු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1406 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:28:15 PM
Script:/article/1406/what-are-these-numbers-in-plastic-containers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:28:16 PM
Script:/article/1406/what-are-these-numbers-in-plastic-containers.html