අත් යට කළු වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අත් යට කළු වෙන එක රෝගයක් නෙමෙයි. බාල වර්ගයේ ආලේපන භාවිතය, ෂේව් කිරීම, හමට නුසුදුසු ෂේවින් ක්‍රිම් පාවිච්චිය වගේම අත් යට මැරුණු සම ඉවත් නොවීම නිසා තමයි එහි සම අඳුරු පැහැ ගැන්විලා තියෙන්නේ.
මේ හේතුව නිසා ගොඩ දෙනෙක් අත් කපපු ඇඳුම් විලාසිතා වලින් බැහැරව ඉන්නවා. කාටත් පේන්න අතක් උස්සන්න බයයි, අත් යට කළු පැහැය නිසා. මේ වෙනුවෙන් ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
1. ලෙමන්
ලෙමන් කියන්නේ ස්වභාවික පිරිසිඳු කාරකයක්. එහි විෂබීජහරණ හැකියාව සහ මැරුණු ෙසෙල ඉවත් කිරීමේ හැකියාව නිසා සම පිරිසිදු කරලා අව පැහැය ඉක්මනින්ම ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.
ලේමන් පෙති කපලා නාන්න කලින් කිහිලි ප්‍රදේශයේ හොඳින් අතුල්ලන්න. මෙය විනාඩි 5ක් විතර තියලා හොඳින් සෝදා හරින්න. නෑවට පස්සේ අනිවාර්යයෙන්ම සමේ තෙත ගතිය රැකෙන ක්‍රිම් එකක් පාවිච්චි කරන්න. මොකද ලෙමන් නිසා හම වියලෙන්නත් පුළුවන්.
මේ විදිහට එක දිගට දවස් 15 කලහම ඔබට වෙනස වැටහේවි.
2.අලපෙති
හිතාගන්න අමාරු වුනාට අල වල ඇති සංගටක වලට හැකියාවක් තියෙනවා සම සිනිදු කිරීමට වගේම සම අව පැහැ ගැන්වීම පාලනය කිරීමට.
හීනියට අල පෙති කපලා අත් යට විනාඩි 25ක් තියන්න. ඊට පස්සේ සෝදලා දාන්න.
3. බේකින් සෝඩා
බේකින් සෝඩා වලත් පුදුම හැකියාවක් තියෙන්නේ සම සිනිදු කරන්න වගේම සම පැහැපත් කරන්න. ලෙමන් මේස හැඳි එකක් සහ බේකින් සෝඩා එකක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. පස්සේ මේ මිශ්‍රණය අත් යට ගලවලා විනාඩි 5ක් විතර තියන්න. පස්සේ ලා රස්නේ වතුරින් හෝදලා දාන්න. අන්තිමට අනිවාර්යයෙන් හම වියලෙනවාට ක්‍රිම් එකක් පාවිච්චි කරන්න. මේ විදිහට සතියකට 3-4 වතාවක් කරලා වෙනස වටහා ගන්න.