මුත්‍රාශයේ ගල් ඇති වීමෙන් ආරක්ෂා වෙන්න තියෙන විශ්මිතම ප්‍රතිකාරය

February 18, 2018
12,686
Remedies to protect from stones in  bladder
ඖෂධිය වශයෙන් ඉතා ඉහල ගුණ දෙන එළවළුවක් තමයි රාබු කියන්නේ. රෝගාබාධ රැසකට එය ගුණ දෙනවා. ඒත් ඉතින් අපේ බහුතරයක් දෙනා රාබු කන්න නම් එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි "රාබු ගඳයි නේ" කියන එක. කතාව නම් ඇත්ත තමයි. ඒකට හේතුව තමයි රාබු වල ගෙන්දගම් සහ පොස්පරස් අඩංගු වීම. ඒත් ඔයා හිතන්නේ වත් නැති තරම් ඖෂධිය වටිනාකමක් රාබු වල තියෙනවා. කියවලා බැලුවොත් කන්න අකමැති අයත් රාබු කන්න කැමති වෙනවා. නොකා ඉඳලා කර ගත්තේ මොන තරම් වැරද්දක්ද කියලා ඔයාට හිතෙයි.

රාබු ග්‍රෑම් 100ක කැලරි 17ක්, ප්‍රෝටීන් 0.7ක්, කැල්සියම් මිලි ග්‍රෑම් 35ක්, පොස්පරස් මිලි ග්‍රෑම් 22ක්, විටමින් C මිලි ග්‍රෑම් 15ක්, යකඩ මිලි ග්‍රෑම් 0.4ක් අඩංගු වෙනවා.

රාබු අලය සහ කොළ යන දෙකම අපේ ආහාරයට එකතු කර ගන්න පුළුවන්. ව්‍යාංජනයක් විදියට ආහාරයට ගන්න අතරම පානයක් විදියටත් ආහාරයට එකතු කර ගන්න එක ආසියාතික රට වල හරිම ජනප්‍රියයි. වා, සෙම්, පිත් යන තුන් දොස් සමනය කරන්න රාබු වලට විශේෂ හැකියාවක් තියෙනවා. රාබු අල සහ කොළ දෙකම ආහාර රුචිය වර්ධනය කරන්න උදවු වෙනවා. හන්දිපත් ඉදිමුම අවම කරනවා.

ඒ වගේම වියලි රාබු අල වලට ශරීරයේ ඇති වන ඉදිමුම අවම කරන්න පුළුවන්කම තියෙනවා. රාබු කියන්නේ බැක්ටීරියා, දිලිර නසන්න හැකියාව තියෙන එළවළුවක්. පිළිකා සෛල නැසීමේ හැකියාව තියෙන අතරම බඩ පිපිම, මුත්‍රාශයේ ගල් ඇති වීම අවම කරන්න තියෙන හොඳම විසඳුමක්. ඒ නිසා මුත්‍රාශයේ, උණ්ඩුක පුච්ඡයේ ගල් ඇති වීම රෝගයෙන් පෙලෙන අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගත යුත් ආහාරයක් විදියට රාබු හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අක්මාව, ආමාශය, වකුගඩු ඉදිමීම සඳහාත් එය සුවය දෙනවා.

රාබු අධි රුධිර පීඩනය අවම කිරමට, හතිය ඇතුළු ස්වශන ගැටළු වළක්වා ගැනීමට උපකාරී වෙනවා වගේම මෙහි ඇති ප්‍රතිබැක්ටීරීයා සහ ප්‍රතිජීවක ගුණය ඔබව විවධ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානමෙන් ආරක්ෂා කරනවා. ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට පමණක් නොව, පරිවෘත්තිය ක්‍රියාවලියටද හිතකරයි. ඒ වගේම තරබාරුකම, ආමාශයික ගැටළු සහ ඔක්කාරය වැනි දේ සඳහාත් සුවය දෙනවා.

රාබු වල සල්ෆර් සහ රෆානින් කියන පෝෂණ කොටස් අඩංගු වන නිසා එමගින් තයිරොයිඩ් හෝමෝන සමතුලනය කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටළු වලින් ඔබ ආරක්ෂිතයි. එමෙන්ම අර්ශස් රෝගයටත් තියෙන හොඳම ප්‍රතිකාරයක්. රාබු වල වැඩි වශයෙන් වතුර අඩංගු වෙනවා. සිරුරට ශක්තිය ලබා විජලනය අවම කරනවා වගේම සින්ක්, පොස්පරස් හා විටමින් C අඩංගු වෙන නිසා ඔබේ පටක වර්ධනය කරන්නත් එය සහාය දෙනවා.

දැන් මේ ලිපිය කියෙව්වම ඔයාට හිතෙනවා ඇති මේක මොනවටද එතකොට හොඳ නැත්තේ කියලා. ඔව්, රාබු කියන්නේ මේ හැම දෙකටම ගුණ දෙන ඖෂධිය ගුණය අතින් ඉතාමත් ඉහල එළවළුවක්. ඒ නිසා තවත් නොකා එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 662 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:57:39 AM
Script:/article/662/remedies-to-protect-from-stones-in-bladder.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:57:40 AM
Script:/article/662/remedies-to-protect-from-stones-in-bladder.html