පැපොල් වලට කළ හැකි අරුම පුදුම සහගත දේවල් කිහිපයක්

July 5, 2020
8,686
Phenomena a papaya can do
පැපොල් කියන්නේ දිනපතා භාවිතා කරන විට සමට නැවුම් බවක් අත්කර දිය හැකි පලතුරකි. පැපොල් පලතුර රසවත් පමණක් නොව, විටමින් හා ඛනිජ ලවණ වලින් පොහොසත් වන අතර ඔයාගේ සම පැහැපත් කර ගැනීමටත්, කුරුලෑ හා අඳුරු ලප අඩු කිරීමටත් හැකියාව ඇත. ඒ විතරක් නෙමෙයි, මෙම පලතුරේ ඇති එන්සයිම මගින් හිස්කබලේ ඇති මළ සෛල ඉවත් කර දම​න බැවින් එය ඔයාගේ හිස්කබලට පවා ප්‍රයෝජනවත් ​වෙයි. මෙය අවසානයේදී නිරෝගී හිසකෙස් වලට මග පාදයි. ඔයාගේ සම සහ හිසකෙස් සඳහා පැපොල් වලට කළ අරුම පුදුම සහගත දේවල් කිහිපයක් මෙන්න.

හිසරදයට එරෙහිව සටන් කිරීම

මේ සඳහා ඔයා ඇපල් සයිඩර් විනාකිරි සහ පොල්තෙල් සමඟ පොඩි කළ පැපොල් මිශ්‍ර කර හිස් කබලේ ආලේප කරන්න. පැපොල් වල ඇති එන්සයිම, හිස්හොරි ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියා කරයි. ඇපල් සයිඩර් විනාකිරි, හිස්කබලේ pH අගය සමතුලිත කිරීමට උපකාරී වෙනවා. පොල්තෙල්වල ඇති අම්ලය තුළ දිලීර හා ක්ෂුද්‍ර ජීවීන් නැසීමේ ගුණ ඇත.

මුහුණේ දීප්ති​ය වර්ධනය කර ගැනීම සදහා 

පැපොල් වල විටමින් C, A, සහ බීටා කැරොටින් අඩංගු වන අතර එමගින් සම ඇතුලාන්තයෙන්ම පැහැපත් කිරීමට උපකාරී වෙනවා. ලැක්ටික් අම්ලය සහ ස්වාභාවික එන්සයිම මගින් සම ගැඹුරින් පිරිසිදු කළ හැකි වන පරිදි පේස්ට් එකක් සාදා ගන්නත් පුලුවන්. මේ සඳහා පැපොල් සමඟ යෝගට් මිශ්‍ර කර මිශ්‍රණයක් සදා ගන්න පුළුවන්.

සමේ වර්ණ​ය සමතුලිත කිරීම

මළ සම ඉවත් කර ඔයාගේ සම පැහැපත් කර ගැනීම සඳහා, ඕට්ස් සහ පැපොල් මිශ්‍ර කර ස්ක්‍රබ් කරන්​න. මෙම ස්ක්‍රබ් එක ඔයාගේ මුළු සිරුරට ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. මෙමගින් සමේ වර්ණය සමතුලිත කර මිය ගිය සම ඉවත් කරයි.

හිස කෙස් වලට මොයිස්චරයිසින් එකක්

ඔයාගේ කොණ්ඩයට අවශ්‍ය සජලනය ලබා දීම සඳහා ඔයාට කෙසෙල් ගෙඩියක්, පැපොල් හා ඔලිව් තෙල් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. පසුව සියළුම ද්‍රව්‍ය මිශ්‍ර කර ඔයාගේ හිස්කබලේ සහ හිසකෙස් මත ආලේප කරන්න. මෙම අමුද්‍රව්‍ය සියල්ලම ඔයාගේ කොණ්ඩයට තෙතමනය ලබා දෙන අතර හිසකෙස් ව​ල මෘදු බවක් ඇති කරයි.

සම සුවපත් කරයි
පොඩි කළ පැපොල් සමඟ මී පැණි මිශ්‍ර කර සමට ආලේප කරන්න. මී පැණි තුළ ප්‍රදාහ නාෂ​ක ගුණ ඇති අතර එය කුරුලෑ අඩු කරයි. පැපොල් මගින් සම මතුපිටින් ඇති මිය ගිය සමේ සෛල ඉවත් කර සිදුරු අඩු කරයි. සම ප්‍රබෝධමත් කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1679 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:59:46 AM
Script:/article/1679/phenomena-a-papaya-can-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:59:47 AM
Script:/article/1679/phenomena-a-papaya-can-do.html