ඔබ වියපත් කරන සමේ රැලි වැටීම් අවම කර ගන්නේ මෙහෙමයි

July 26, 2020
10,351
Get rid of wrinkles that makes you look older
සමේ තෙතමනය අහිමි වී යාමත් සමඟ ඇතිවෙන වියලි බව ඔබේ මුහුණේ වගේම මුළු සිරුරම රැලි වැටෙන්න හේතුවක් වෙනවා. තරුණ වයසේදීම මේ තත්ත්වය ඇති වුනොත් ඔබේ සැබෑ වයසටත් වඩා ඉක්මනින් ඔබේ පෙනුමට වයස්ගත බවක් එක් වෙනවා. කවුරු වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැක ගන්න. සමේ තෙතමනය රැක ගනිමින් රැලි වැටීම් අවම කරන මේ ස්වාභාවික සත්කාර ඔයත් අදම try කරන්න. 

1. ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න තියෙන හොඳම විසඳුමක්. සමේ රැලි වැටීම් වලටත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් තෙල් සමග මී පැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඇස් වටා සහ නළල මත ඇති රැලි වැටීම් ඉවත් කර ගත හැකියි.

2. උළුහාල්

උළුහාල් තේ හැඳි 2-3 හොඳින් කුඩු කර වතුර සමග මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20 ට පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

3. කෝමාරිකා

වියලි සමට කෝමාරිකා තරම් සුදුසු වෙනත් ප්‍රතිකාරයක් නැති තරම්. කෝමාරිකා මදය සුරා ගෙන වතුරට අල්ලා සෝදා ගන්න. එය පොඩි කර මුහුණෙහි ආලේප කර විනාඩි 15-20 කට පසු මද උණුසුම් වතුරෙන් සෝදා හැරීමෙන් මුහුණේ වියලි බව, රැලි අවම කර ගන්න පුළුවන්. මේ සත්කාරය මුළු සිරුරටම වුනත් කරන්න පුළුවන්.

4. ආමන්ඩ් තෙල් 

රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන් ඔබේ සම අලුත් කරවයි. තව ද සමේ කෙතතමනය ආරක්ෂා කරයි. එසේම සම රැලිවැටීමෙන් වළක්වා ගන්න පුළුවන්.

5. කැරට් යුෂ

කැරට් යුෂ සමග මී පැණි ආලේප කිරීමෙන් මුහුණේ ඇති රැලි හා රැලි වැටීම් නිසා ඇති වුනු ඉරි අවම කර ගන්න පුළුවන්.

6. කොමඩු  

කොමඩු කියන්නෙත් සිරුර සිසිල් කරවන ආහාරයක්.  ඒ වගේම බොහොමයක් රූපලාවන්‍ය සත්කාර වලට යොදා ගන්නා අමු ද්‍රව්‍යක්. කොමඩු යුෂ තේ හැඳි 3කට මී පැණි හා ලෙමන් යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් ඉවත් කරන්න.

සතියකට දෙතුන් වරක් මේ සත්කාර වලින් එකක් දෙකක් try කරන්න. එහෙම උනොත් ඉක්මනින්ම සමේ වියලි බව අවම කර ගන්නත් රැලි වැටීම් මඟහරවා ගන්නත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1728 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:22 PM
Script:/article/1728/get-rid-of-wrinkles-that-makes-you-look-older.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:22 PM
Script:/article/1728/get-rid-of-wrinkles-that-makes-you-look-older.html