පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුළුවන්

August 7, 2018
4,912
Men too can get breast cancer
අද වන විට ජනතාවගෙන් බහුතර පිරිසක් පීඩා විදින බෝ නොවන රෝගයක් විදිහටයි අපි පියයුරු පිළිකාව හදුනා ගන්නේ. බොහෝ දෙනාගේ මතය නම් කාන්තාවන් පියයුරු පිළිකාව බහුල වශයෙන් ගොදුරු වන බව. නමුත් ගැහැණු අයට විතරක් නෙමෙයි පිරිමි අයටත් පියයුරු පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ බොහොමත්ම වැඩියි. නමුත් මේ පිළිබදව දැනුම්වත් භාවයක් අද සමාජට තුළ දක්නට ලැබෙන්නේ නැති තරම්. ඉතිං මේ ගැන Hadakari තුළින් ඔබව දැනුම්වත් කරන්න අපි තීරණය කළා.

පුරුෂයින්ට පියයුරු පිළිකා හැදෙන්නේ ඇයි?

කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් පියයුරු පිළිකා හැදෙන්න විවිධ හේතු සාධක බලපානවා. විශේෂයෙන්ම අධික ලෙස විෂ රසායනික අන්තර්ගත මත් ද්‍රව්‍ය භාවිතය පිරිමින්ට පියයුරු පිළිකා හැදෙන්න ප්‍රබලව බලපානවා. බුලත්විට කෑම, මත්පැන් පානය නිසා මුඛ පිළිකා වැනි දේවල් ඇති වෙන්න සෘජුවම බලපාන නමුත් පියයුරු පිළිකා ඇති වීමට මෙන්න මේකයි හේතුව කියලා සෘජුවම කියන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පුරුෂයින්ගේ පියයුරු ඉතා හිනී වී යන හෙයින් නිසි ලෙස හේතු හදුනා ගැනීම අපහසුයි.
ජානවල ඇති වෙනස් වීම් හා උපතින්ම පිළිකා ඇති වන ජාන වල බලපෑම මේ කෙරෙහි බලපෑ හැකියි. ඒ වගේම පාරම්පරිකව ආවේණික ලක්ෂණ මගින් පියයුරු පිළිකා ඇති වීමේ හැකියාව තිබෙනවා. බොහෝ අයගේ උපතින් පසුව පිළිකා ජාන අතිවෙන අතර වයසට යෑමත් සමග පිළිකා ඇති වීමේ අවදානම ඉතාමත් වැඩියි. විකිරණවලට නිරාවරණය වීමද පිළිකා ඇති වීමට හේතුවක්.

සමාජය තුළ මේ පිළිබදව ඇති දැනුම්වත් බව ප්‍රමාණවත් ද?

පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් තුළ පවතින දැනුම්වත් බව යම්තාක් දුරට තිබෙනවා. නමුත් පිරිමි පාර්ශ්වය තුළ මේ සම්බන්ධයෙන් එතරම් දැනුම්වත් භාවයක් නැහැ. කාන්තාවන් 100 කට පියයුරු පිළිකා වැළදෙන විට පිරිමි එක් අයෙකුට පමණ පියයුරු පිළිකා වැළදෙනවා. පිරිමි අතර සාපේක්ෂව පියයුරු පිළිකා අඩු බැවින් ඒ පිළිබදව එතරම් දැනුම්වත් භාවයක් දක්නට ලැබෙන්නේ නෑ.

පිරිමින්ට පියයුරු පිළිකාවක් වැළදී ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවාද?

1. පියයුරුවල කැක්කුම හා වේදනාව
2. පියයුරු ආශ්‍රිත සම ඉතා රළු වීම
3. පියයුරුවල සම ඇතුළට නෙරා යාම
4. තන පුඩුව ඇතුළට නෙරා යාම
5. තන පුඩුව මත කුෂ්ට ඇති වීම
6. තන පුඩුවෙන් ලේ පැහැ දියර ගැලීම
7. එක පැත්තක් විශාල වීම
8. පියයුරුවල සම දොඩම් ලෙල්ලක් ස්වරූපයෙන් දිස් වීම
9. පියයුරුවල තද ගැටති ඇති වීම
යනාදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් පියයුරු පිළිකාවක් වැළදී තිබෙන විට හදුනා ගැනීමට හැකියි. විශේෂයෙන්ම පිරිමි කෙනෙක්ට පියයුරු පිළිකාවක් වැළදී ඇති විටෙක එකී ලක්ෂණ ඒ ආකාරයෙන්ම හදුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙම ලක්ෂණ හදුනා ගැනීමට නොහැකි වුවත් ඇතැම් විට පිරිමි පාර්ශ්වයට පියයුරු පිළිකාවක් වැළදී තිබිය හැකියි. මෙකී රෝග ලක්ෂණ තිබු පමණින් ඔබ අනවශ්‍ය ලෙස බිය යුතු වන්නේ නැහැ.

පියයුරු පිළිකාවක් වැළදී ඇත්නම් ඒ සදහා කළයුතු ප්‍රතිකාර මොනවාද?

ඔබට පියයුරු පිළිකාවක් වැළදී ඇති බවට මුල් අවස්ථාව තුළදීම හඳුනා ගැනීමට හැකියාවක් තිබේ නම් හැකි ඉක්මනින් මැමෝග්‍රරෑම් පරික්ෂාව මගින් පෙර පිළිකා ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. පුරුෂයින්ට වැඩුණු පියයුරු නොමැති හෙයින් මෙම පරීක්ෂණය සිදු කිරීම තරමක් අපහසුයි. පිළිකාව ඇතැයි හඳුනා ගත් ප්‍රදේශය පමණක් ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම හා විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා සෛල විනාශ කිරීමටද හැකියාව තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1003 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:50 PM
Script:/article/1003/men-too-can-get-breast-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:51 PM
Script:/article/1003/men-too-can-get-breast-cancer.html