ඔසප් වීම සිදුවෙන කාලය තුල ලිංගිකව එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

October 5, 2017
19,856
Can girls get pregnant during a menstrual cycle?
බහුතරයක් කාන්තාවන් හිතන්නේ ඔසප් වීම සිදුවෙන කාලයේදී ලිංගිකව එක් වීමකින් ගැබ් ගැනීමක් සිදු නොවෙන බවයි. නමුත් ඔසප් වීම සිදුවෙන කාලයේ ලිංගිකව එක් වීමකදී රුධිර වහනය නිසා සාර්ථක ගැබ් ගැනීමට ඇති ඉඩකඩ සිමා සහිත උනත්, මේ කාලයේදී ඔබ ලිංගිකව එක්වීම නිසා ගැබ් ගැනීමක් සිදුවිය හැකියි. ඔබට කෙටි හෝ අක්‍රමවත් ඔසප් වීමක් තිබුනත් සාමාන්‍යයෙන් ශුක්‍රාණු වලට දින 2 - 5 අතර කාලයක් ජීවී ලෙස පැවතිය හැකියි. ඒ නිසා ඔසප් වීම නතර වූ පසු ඩිම්බකෝෂ සමඟ එක්වීමේ හැකියාව පැවතිය හැකියි. මේ නිසා ඔබ ඔසප් වීම සිදුවෙන කාලයේ ලිංගිකව එක්වීමෙන් ඔබ ගැබ් ගැනීම සිදුවිය හැකියි.

ඔසප් වීමේ අක්‍රමිකතාවයක් තියෙන කාන්තාවන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද ඔසප් වීමේ අක්‍රමිකතාවයක් තියෙන කාන්තාවන් බොහෝ විට ඔසප් වීමට පෙර සිදුවෙන රුධිර වහනයන් ඔසප් වීමක් ලෙස වැරදියට වටහා ගන්නවා. ඒ නිසා මේ කාලයේ ලිංගිකව එක් වීම නිසා ඔවුන් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඔබ තවමත් දරුවෙකු බලාපොරොත්තු නොවෙන කාන්තාවක් නම් අනිවාර්යෙන්ම ලිංගිකව එක් වෙනවා නම් නිවැරදි ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරන්න.

ඒ වගේම ඔබ ඔසප් වෙන කාලයේදී ලිංගිකව එක් වෙන විට වෙන දවස් වලට වඩා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝවීමට, වැඩි අවදානමක් පවතිනවා. මේ නිසා වඩාත් හොඳම පිළියම තමයි ආරක්ෂා කාරී ලෙස ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙන එක. එහෙම නැත්නම් ඔබ නොහිතන ප්‍රශ්න ගොඩකට ඔබට මුහුණ දෙන්න වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 440 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:26:44 PM
Script:/article/440/can-girls-get-pregnant-during-a-menstrual-cycle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:26:44 PM
Script:/article/440/can-girls-get-pregnant-during-a-menstrual-cycle.html