යම් පුද්ගලයෙකුට HIV ආසාදනය වෙලා ඇත්නම් හෝ තමන්ට එම ලක්ෂණ පහළ වීම ගැන සැකයක් ඇති වුණාම, ඒක පුද්ගලයෙක්ගේ ජීවිතය ඉතාමත් දරුණු ආතතියකට පත් කරවන කරුණක් වෙනවා. අද හැඩකාරී අපි ඔයාට කියන්නේ HIV ආසාදනයක් තියෙනවා ද කියලා සැකයක් ඇති වුණොත් ඊළඟට කරන්න ඕනේ දේවල් ගැනයි. පුද්ගලයෙක් තමන්ට HIV ආසාදනය වෙලා ඇති බවට සැක කරනකොට එම පුද්ගලයාට ඇතිවෙන මානසික ආතතිය සමඟ කටයුතු කරන එක පහසු නැහැ. මෙම තත්වය තුළදී ඔහු / ඇය මුලින්ම කරන්න ඕනේ මනස සන්සුන් කරගන්න එකයි. ඊට පස්සේ නිසි සුදුසුකම් සැපිරූ වෛද්‍යවරයෙක් හමු වෙන්න ගිහින් උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ අතරතුර පුද්ගලයෙකුට මෙම තත්වය තුළදී කරන්න පුලුවන් යම් යම් දේවල් තියෙනවා. මේ ලිපිය එයට අස්වැසිල්ලක් වේවි..
ආසාදනයක් තියෙනවා කියලා සැකයක් ඇති වුණාම කරන්න ඕනේ මොකක්ද ?
පුද්ගලයෙක් තුළ තමන්ට එච්.අයි.වී ආසාදනය ඇති බවට සැක ඇති වුණාම වෛද්‍ය උපදෙස් පිළිපැදීම හැර වෙන කිසිවක් කරන්න ඕනේ නෑ. ඒ වගේම පුද්ගලයා ඉවසිලිවන්ත වෙන්නත් ඕනේ. ඒ අතර පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.
කලබල වීමෙන් වළකින්න
සන්සුන් වෙන්න. කලබල වෙන්න එපා. කලබල වීමෙන් ඔයාගේ ගැටලුවලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵලය නෙගටිව් වෙන්නත් පුලුවන් නිසා ඉවසිලිවන්ත වෙන්න. ඔයාගේ සිතුවිලි ධනාත්මකව පවත්වා ගන්න. ධනාත්මක ආකල්පයක් ඇති කර ගැනීමෙන් තමන්ගේ ආතතිය සමඟ පහසුවෙන් කටයුතු කිරීමට උපකාරී වෙනවා.
පරීක්‍ෂණයක් සිදු කරන්න
සැකය නිරාවරණය කර ගැනීමට ඔබේ සැකයට තුඩු දුන් සිදුවීම සිදුවූ දින සිට සති 12-14ක් ඇතුලත ELISA පරීක්ෂණයක් සිදු කරන්න. ඒඩ්ස් රෝගය මූලිකව විනිශ්චය කිරීමට මේ පරීක්ෂණය කළ යුතුයි. මේ අතර තමන් ආසාදනය වෙලා ඇති කියලා උපකල්පනය කරනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම අනිත් අයට ආසාදනය කරන්න උත්සහ කරන්න එපා. (උදා: ලේ දන් දීම, අනාරක්ෂිත ලිංගික සංසර්ගය, ගැබ් නොගැනීම). පරීක්ෂණයේ ප්‍රතිඵල නෙගටිව් නම් ඒ වැරැද්ද නැවත නොකිරීමට පාඩමක් ඉගෙන ගන්න ඕනේ. පොසිටිව් නම් නැවත පරීක්ෂණයක් කරලා ප්‍රතිඵලය තහවුරු කර ගන්න.
පරීක්ෂණය පොසිටිව් නම් සියල්ල නැති වෙනවා කියලා හිතන්න ඕනේ නෑ. උපදේශන මධ්‍යස්ථාන වල වෘත්තීය සහාය ලබා ගන්න දැන් පහසුකම් තියෙනවා . ළඟම ඇති රජයේ රෝහල අමතන්න. ආරම්භ කළ යුතු ඖෂධ ප්‍රතිකාරය පිළිබඳ උපදෙස් ලබා ගන්න.
සනීපාරක්ෂක ජීවන රටාවක් අනුගමනය කරන්න
දිනපතා, සෞඛ්‍යාරක්ෂිත හා සුදුසු ජීවන රටාවක් ගත කරන්න. [සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී ආහාර]. ආතතිය වළක්වා ගන්න. කෙටියෙන් කිව්වොත්, ශරීරයට බලපාන ආසාදනයකට තුඩු දෙන්න පුළුවන් හැන දෙයක්ම වළක්වා ගන්න. අනෙක් අතට, ශරීරයේ සාමාන්‍ය ප්‍රතිශක්තිය වැඩි කර ගැනිමට උපකාරි වන යෝග අභ්‍යාස, භාවනා කිරීම වගේ ක්‍රියාකරකම් කරන්න. බිය ජය ගන්න.
HIV ආසාදනය වීමේ අවදානම වැඩි කරන සාධක කිහිපයක් මෙන්න.
එක් සහකරුවෙකුට වඩා ප්‍රමාණයක් එක්ක ලිංගිකව හැසිරිම
ගුද සංසර්ගය
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම
ලිංගාශ්‍රිත රෝග
රුධිර පාරවිලයනය සහ රුධිරය ලබන්නන්
HIV ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා කෙනෙකුට ගන්න පුළුවන් වැදගත් පියවර කිහිපයක් මෙන්න.
- එක් විශ්වාසවන්ත සහකරුවෙක් සමඟ පමණක් ලිංගික සබඳතා පවත්වන්න. ඊට වඩා අය සමඟ ලිංගිකව හැසිරීමෙන් වළකින්න. ආසාදිත ඉඳිකටු ආදියෙන්ද HIV ඇති වෙන්න පුලුවන් වුණත්, අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් වැළකී සිටීම HIV ආසාදනය වැළැක්වීම සඳහා හොඳම ක්‍රමය ලෙස සලකනවා.
- ලිංගිකව එකතු වීම වැළැක්විය නොහැකි නම් සෑම විටම කොන්ඩම් භාවිතා කරන්න.
- ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටින්න. ලිංගික සහකරු HIV පරීක්ෂා කරන්න.
* ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් රෝග වලට ද ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර නොකළ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මඟින් HIV ආසාදනය වීමේ අවදානම සහ එය අන් අයට සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩ කඩක් තියෙනවා .
- pre-exposure prophylaxis (PrEP) ගැන ඔයාගේ වෛද්‍යවරයාගෙන් ඉගෙන ගන්න. HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට ඖෂධ ගැනීමෙන් එය වළක්වා ගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න.
- ඖෂධ, එන්නත් කිරීමෙන් වළකින්න. නැතනම් විෂබීජහරණය කළ ඉඳිකටු භාවිතා කරන්න. ඒවා කිසිවිටෙකත් අන් අය සමඟ බෙදා ගන්න එපා.
පසුතැවෙනවාට වඩා ආරක්ෂිතව සිටීම සැමවිටම හොඳයි. ඒ නිසා, ඔයාගේ සෞඛ්‍යය ගැන නිතරම විමසිල්ලෙන් සිටින්න. ඕනෙම සැකයකදී සහ ගැටලුවකදී වෛද්‍යවරයා සමඟ කතා කිරීමට පසුබට වෙන්න එපා.