සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

June 13, 2019
21,921
Ayurvedic treatments  for a glowing skin
සම කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය, ඒ වගේම සංවේදීම ඉන්ද්‍රිය කිව්වොත් හරියටම හරි. මේ සම ලස්සන කරගන්න, පැහැපත් කර ගන්න කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. මොකද ඉතිං කාන්තාවන් කොහොමත් කැමතිනේ ලස්සනට ඉන්න. හැබැයි ඉතින් ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි. කෘතීම දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ස්වාභාවික සත්කාර වලින් ඔයාගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න කියලා තමයි අපි හැමදාම ඔයාට කියන්නේ. ගොඩක් අයට තියෙන්නේ කාර්යබහුල බවත් එක්ක ඒවාට වෙලාවක් වෙන් කර ගන්න බැරි කම. අඩුම තරමේ රුපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගනිද්දී වත් ඒවගේ ප්‍රමිතිය හා අඩංගු දේවල් පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ඒක ගොඩක් වටිනවා.

ගොඩක් තරුණ තරුණියන්ට ඕනේ ඉක්මනින් සුදු වෙන්න, පැහැපත් වෙන්න. ඒත් ඒවායේ ඇති අහිතකර ප්‍රතිඵල ගැනත් ඔබ දැන ගන්නවා නම් තමා වඩාත් හොඳ. ඒ වගේ දේවල් නිසා මුලාවේ නොවැටී සැබැවින්ම සම පැහැපත් කරන මේ ආයුර්වේද ඖෂධ වලින් ඔයත් ඔයාගෙ සුන්දරත්වය ආරක්ෂා කරගන්න උත්සාහ කර ගන්න. ඒ සුන්දරත්වය හැමදාටම ඔබ ළඟ තියේවි.

සුදු හඳුන් කියන්නෙ අපිට ඉතාමත් සමීප ආයුවේද ඖෂධයක්. ඒ වගේම සමටත් ඉතාමත් හිතකර වූ ද්‍රව්‍යයක්. සුදුහඳුන් ඔබේ සම සිසිල් කරනවා. ඒ වගේම සම සෞම්‍ය කරනවා. රුපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගනිද්දී සුදුහඳුන් අඩංගු නිෂ්පාදන තෝරා ගැනීම කාර්යබහුල ඔබට පහසුවක් වෙයි. ඒ වගේම සමේ තෙතමනයත් ආරක්ෂා කරාවි.

රුව වඩවන ආයුර්වේදීය ඖෂධ අතර මුලින්ම ඉන්න සහ වටිනාකමන් ඉහල ඖෂධයක් විදියට රත් හඳුන් හඳුන්වන්න පුළුවන්. ස්වභාවිකව සම පැහැපත් කිරීමට රත් හඳුන් වලට ඉහල හැකියාවක් පවතිනවා.

ඉරමුසු කියන්නේ ඔයාගේ සම පැහැපත් කරන්න වගේම සම සුදු කරන්නත් හැකියාව තියෙන ඖෂධයක්. ඉරමුසු තැම්බූ වතුර දිනකට දෙවරක් පානය කිරීම මගින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී මව්වරුන් මේ සමයේදී ඉරමුසු පානය කිරීමෙන් උපදින දරුවන් පවා පැහැපත් වන බව සදහන් වෙනවා.

සාමාන්‍ය සමට පිරිසිදු ජලය සමග රත් හදුන්, කස්තුරි කහ සහ මීපැණි මිශ්‍රකර ආලේප කිරීම මගින් සමට පෝෂණය වගේම පැහැපත් බවක් එක් වෙනවා.

ඔබ වියලි සමක් තියෙන කෙනෙක් නම් සුදු හඳුන්, ඉරමුසු, වැල් මදට කුඩු එළකිරි හෝ කෝමාරිකා යුෂ සමඟ මිශ්‍රකර කර මුහුණේ ආලේප කරන්න. තෙල් සහිත සමක් තියෙන අයට දෙහි යුෂ හෝ යෝගට් සමඟ මිශ්‍රකර ඉහත ද්‍රව්‍යයන් භාවිතා කරන්න පුළුවන්

ඒ වගේම ඔබ කැළැල් සහිත සමක් හිමි කෙනෙක් නම් යෝගට් සමග දොඹ පොතු, කිරිබදු අල, ඊතණ සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍රකර මුහුණේ හා සිරුරේ ආලේප කරන්න. සිරුර පැහැපත් බව වඩාත් වර්ධනය කරගන්න වගේම කැලැල් අවම කරගන්නත් පුළුවන්.

දැන් ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්ණය තමයි මේ තරම් දේවල් කොහෙන්ද හොයා ගන්නේ කියලා. යන්න සිංහල බෙහෙත් බඩු කඩේකට. ඔයාට ඕන කරන හැමදෙයක්ම මහන්සියක් නැතිවම එතැනින් හොයා ගන්න ඔයාට පුළුවන. හැබැයි ඉතින් මේ සත්කාර දවසක් දෙකක් කරලා කිසිම වැඩක් නෑ කියලා අතෑරලා දාන්න එපා. මේ ස්වාභාවික සත්කාර වලින් ප්‍රතිඵල ලබන්න මාස දෙකක් තුනක්වත් මේ දේවල් කරන්න වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 1351 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:17:32 PM
Script:/article/1351/ayurvedic-treatments-for-a-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:17:32 PM
Script:/article/1351/ayurvedic-treatments-for-a-glowing-skin.html