Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
YOGA PANTS පුළුවන් හැමතැනටම අඳින්න කැමතිද? මේ නීති 5 දැන ගන්න
October 17, 2020
7,231
Share this article
Tweet this article
එක්සත් ජනපදයේ පමණක් මිලියන 36.7 ක ජනතාවක් යෝගා ව්‍යායාම කරනවා. ඒ වගේම එම සංඛ්‍යාව සෑම වසරකම වැඩි වෙමින් පවතිනවා. ඒ සෑම කෙනෙක්ම තමන්ගේ යෝගා කලිසම ජිම් එකට විතරක් ඇඳගෙන යන්නේ නෑ. නමුත් වර්තමානයේ තියන නවීනතම විලාසිතා ප්‍රවණතාවලින් එකක් විදිහට මේ යෝගා කලිසම් ඕනෑම ගමනකට අඳින ඇඳුමක් විදිහට භාවිතා කරනවා දකින්න පුලුවන්. ඇත්තටම YOGA PANTS කියන්නේ සිසිල්, සැපපහසු ඇඳුමක්. ඔබ නිවැරදි YOGA PANTS යුගලයක් තෝරා ගත්තොත් ඒක ඔබේ ශරීරයට පුදුම සහගත පෙනුමක් එක් කරනවා.
නමුත් වැරදි YOGA PANTS යුගලයක් ලබා ගත්තොත් ඔබේ පෙනුම විනාශ වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ කෑමකට ගියත්, ජිම් එකට ගියත් යෝග කලිසම් නිසි ලෙස අඳින්න ඕනේ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි.
1. සුදුසු පරිදි යෝගා පැන්ට් අඳින්න ඕනේ ආකාරය
මේක ඔබ අඳින ඕනෑම ඇඳුමකට අදාළ කාරණයක්. නමුත් යෝගා කලිසම් අඳිද්දී සුදුසු එක තෝරා ගත්තේ නැත්නම් ඒක විශේෂයෙන් ඔබේ පෙනුමට සමාව දෙන්න බැරි වැරැද්දක් වෙනවා. ඉතා තද යෝගා කලිසම් ඔබේ ඉණ සහ තට්ටම් ප්‍රදේශය දැඩිව ඉස්මතු කරලා පෙන්නන්න පුලුවන්.
දැඩි විදිහට ඇඟට තද වෙලා තියන යෝගා කලිසම් නිසා ඔබේ යට ඇඳුම් වල දාර පේන්න තියන අවස්ථා වැඩියි. ඒකෙන් ඔබේ පෙනුම විනාශ කරනවා. නමුත් ඔබේ යෝග කලිසම් ඕනෑවට වඩා බැගී වෙන්න ඕනේත් නෑ.
ඔබ මිලදී ගන්න යෝග කලිසම ඉන උඩට හොඳින් ෆිට් වෙන්න තියෙන්න ඕනේ. යෝගා කලිසම් හිප් එකට අඳින්නේ නෑ. එයත් මතක තබා ගන්න.
ඔබට විවිධ විලාසිතාවන් වල යෝග කලිසම් අඳින්න අවශ්‍ය වෙන්න පුලුවන්. 'යෝග කලිසම් කියන්නේ මොනවාද' කියලා ඇහුවාම ඕනෙම කෙනෙක්ට මුලින්ම හිතෙන්නේ ඉන උඩ සිට වළලුකර දක්වා ඇඟට තද කලිසම් කියලායි. නමුත් boot-cut හා short yoga pants ද ඔබට හොඳ විකල්ප වෙනවා.
ඕනේම ඇඳුමක විලාසිතාව සහ එය ඇඟට හොඳින් ෆිට් වෙන එක ඔබේ සුවපහසුවට අනිවාර්‍යෙන්ම බලපානවා. යෝග කලිසම් වල තියන වටිනාකම තමයි ඒවා සුවපහසු වගේම විලාසිතාමය ගතියෙන් යුක්ත වෙන එක. නමුත් සුදුසු කලිසම් වර්ගය තෝර ගත්තේ නැත්නම් ඒ සුවපහසුව ඔබෙන් ඈත් වෙලා යනවා!
2. ඇඟ පේන එක වළක්වගන්න
ඔබට සුදුසු යෝගා කලිසමක් හොයා ගත්තාට පස්සේ ඔබට තවත් බාධකයකට මුහුණ දෙන්න වෙනවා. ඔබේ යෝගා කලිසම් රෙද්ද ඝන නැත්නම් ඒක ඇදෙනකොට ඇඟ පේන්න පුලුවන්. ඔයා ගෙදරදී මේක අඳිනකොට ඒ තත්ත්වය දකින්න බැරි වෙන්න පුලුවන්. නමුත් ඔබ දීප්තිමත් හිරු එළිය සහිත පරිසරයකට ආවාට පස්සේ මිනිස්සු ඒ බව පේන්න පුලුවන්. ඒ නිසා හොඳ රෙද්දකින් නිර්මාණය කරපු යෝගා කලිසම් මිලදී ගන්න.
ඔබගේ යෝගා කලිසමට යටින් ඇඳපු දේවල් ද ඔබේ පෙනුමට බලපානවා. ඒ නිසා යෝගා කලිසම් අඳිනකොට යට ඇඳුම් ප්‍රවේශමෙන් තෝරා ගන්න.
මූලික රීතිය තමයි යෝගා කලිසම් අඳිද්දී thong එකක් අඳින එක සුදුසුයි. නැත්නම් කිසිම යට ඇඳුමක් අඳින්න එපා. මෙහෙම අඳින එක ටිකක් අපහසු වෙන්න පුලුවන්. නමුත් ඔබේ යට ඇඳුම් යෝග කලිසමේ පිටුපසින් පේනවාට වඩා ඒක හොඳයි!
3. අමතර ඇඳුම් විලාසිතා එකතු කරන්න
යෝගා කලිසම් තවදුරටත් ජිම් එකට පමණක් සීමා වෙන්නේ නෑ. යෝගා කලිසම් සමඟ අඳින්න සුදුසු අනිත් ඇඳුම් වර්ග මොනවාද කියලා හොයාගත්තාම ඒවායින් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්. ඔබට පහසු නම් නම් tight top එකක් සහ විශාල ප්‍රමාණයේ ජැකට් එකක් ඇඳලා බලන්න. ඩෙනිම් ජැකට් එක්ක යෝගා කලිසමක් අඳිනවා නම් ඒක දිවා කාලයේ සාමාන්‍ය ගමනකට හොඳයි. නමුත් ඔබ තදට අඳින්න කැමති නැත්නම් ඔබේ යෝගා කලිසමට tank top එකක් අඳින්න පුලුවන්.
ඔබේ යෝගා කලිසම් සමඟ වැරදි පාවහන් පළඳින්න එපා. යෝගා පෑන්ට් එකේ කට් එක අනුව තෝරගන්න ඕන පාවහන් වෙනස් වෙනවා.
Boot cut යෝගා කලිසම් සඳහා සරල පා වහන් හොඳින් ගැළපෙනවා. ඔබ කැමති නම් Sneakers වුණත් ඔබට පළඳින්න පුලුවන්. ඔබේ බූට් කට් යෝගා පෑන්ට්ස් වල වාටිය බිම ගෑවෙන්නේ නැති නම් හෝ පැටලෙන්නේ නැති නම් බැලේ ෆ්ලැට්ස් (ballet flats) උනත් අඳින්න පුලුවන්.
ඇඟට තද යෝගා කලිසම් සමඟ Sneakers වගේම සරල ක්ලැසික් සැන්ඩ්ල්ස් ද හොඳින් ගැළපෙනවා. මතක තබා ගන්න, ඔබේ පා වහන් වලට ඔබේ යෝග කලිසමට වඩා අවධානය ලැබෙන්න දෙන්නත් එපා.
කෙටි යෝග කලිසම් ජිම් වලින් පිටතට ඇඳුමක් ලෙස අඳිනවා ගොඩක් අඩුයි. නමුත් මෙයින් අදහස් කරන්නේ නෑ ඒවායින් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න බෑ කියලා!
කෙටි යෝග කලිසම් වලට මලල ක්‍රීඩා සපත්තු, ballet flats හෝ සෙරෙප්පු වලින් හොඳ පෙනුමක් ලැබෙනවා.
4. රැකියාවට යද්දී අඳින්න එපා
ඔව්, යෝග කලිසම් වලින් ඔබට ඉතා හොඳ පෙනුමක් ලබා දෙනවා. නමුත් ඒවා කාර්යාලීය ඇඳුම් වර්ගයක් නම් නෙමෙයි. මේවා ඔෆිස් පෑන්ට්ස් එකක් එක්ක සමාන කරන්න බෑ. කාර්‍යාලීය රැස්වීම් වලදී ඔයා යෝගා කලිසම් අඳින එක නම් ඔබේ සේවාදායකයින්ගේ සිත් අරගන්න එකක් නෑ.
5. ප්‍රින්ට් සහිත කලිසම් තෝර ගන්න
මෙහිදී විවිධ මුද්‍රණ සහිත යෝග කලිසම් එක්ක ඔබට බොහෝ තේරීම් කරන්න පුලුවන්.
සාම්ප්‍රදායික කළු වර්ණ හෝ නේවි වර්ණ වලට ඔයාගේ ඇහැ වැඩිපුර යන්න පුලුවන්. ඒත් ප්‍රින්ට් තියෙන යෝගා පෑන්ට්ස් වලින් ඔයාට විලාසිතා බොහොමයක් කරන්න පුලුවන්.
ඔබ කැමති වර්ණ හෝ රටා ගැන සොයා බලන්න. ඔබේ අල්මාරියේ තියෙන අනිත් ඇඳුම් ආයිත්තම් සමඟ මැච් කරන්නේ කොහොමද යන්න ගැනත් හොඳින් සිතා බලන්න.
ඔබ ණුවනක්කාර ලෙස රටා ඇති යෝගා පෑන්ට්ස් මැච් කරනවා නම් ටොප් එක පුලුවන් තරම් සරල තේරීමක් වෙන්න වග බලා ගන්න.
සමහර විට මුද්‍රණ සහිත යෝගා කලිසම් තනි වර්ණ වලට වඩා පැසසුමට ලක් වෙන්න පුලුවන්. ඔබේ සිරුරේ හැඩය වැඩි කරන්න mesh panel තියෙන කලිසම් හෝ පටි රටා ඇති යෝග කලිසම් ඇත්තෙන්ම හොඳ තෙරීමක් වේවි.
Related Articles
13,077
කළු කොණ්ඩයට මැච් වෙන විදිහට කෙස් කළඹ වර්ණ ගන්වමු
5,257
ඔයාගේ ප්‍රතිරූපය ඉහළ නංවන විලාසිතා ක්රමෝපායන් මෙන්න
21,380
දියමන්තියක් වගේ කැපිලා පෙනෙන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන්
Featured Articles
12,068
හෙයාර් අයන් එකක් භාවිතා කරන නිවැරදි ආකාරය දන්නවාද?
4,968
ආහාර ගත් විගස අතුරුපස ගන්න එපා. මෙන්න හේතුව
22,257
ඔයාගේ කකුල් වල හැඩයට ගැලපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි
Trending Articles
15,309
කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?
25,929
මිටි අය උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් tips 07 ක්
4,921
වැඩියෙන්ම කේන්ති යන්නේ මොන ලග්න හිමියන්ටද?
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
161,042
64
No වියදම් Home Gym - Lesson 08
video
Read More
53,174
36
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Read More
22,743
19
වෙරළු වල ගුණ
වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
Read More
23,379
19
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Read More
14,166
18
කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!
අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Read More
Latest Articles
ඔබට විටමින් ඌණතාවයක් ඇති බව අඟවන ලකුණු
එක ගවුමකින් එක එක දවසට එක එක ලුක්ස් වලින් අඳින්නෙ මෙහෙමයි
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්