ඔබට ජීවිතයේ සැම දෙයකින්ම සාර්ථක වීමට ඕනෙද? මෙම මාර්ගෝපදේශ 5 අනුගමනය කරන්න

October 2, 2020
3,018
5 tips to gain constant success
ජීවිතය ජීවත් කරවන අපි හැමෝගෙම එකම පැතුම පුලුවන් ඉක්මණින් සාර්ථකත්වයට පත් වෙන එකයි. ඒත් ඒකාකාරී රාමුවකට කොටු වෙලා, සාම්ප්‍රදායික ගති පැවතුම් එක්ක ජීවත් වෙමින් නම් ඒ දේ කරන්න බෑ. ඒ සඳහා ඔබට අලුත් උපායමාර්ග කීපයක් වෙත අවධානය යොමු කරන්න වෙනවා. පහසු කෙටි මාර්ග හොයාගෙන එකවර විශාල සාර්ථකත්වයක් ලබලා, ඒ සැණින්ම ආයි පහළට වැටෙන ක්ෂණික තත්ත්වයකට වඩා ඇත්තටම වටින්නේ ජීවිත කාලයේම අඛණ්ඩව පවතින සාර්ථකත්වයක් විතරයි. ඒ නිසා අද අපි ඔබට කියන්නම් දීර්ඝ කාලීන සාර්ථකත්වයකට පා තබන්න ඕනේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ මෙම මාර්ගෝපදේශ 5 අනුගමනය කරන්න ඕනේ :

1. කෙටිකාලීන හා දිගු කාලීන අරමුණු
සාර්ථකත්වය ලැබෙන්නේ, එය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන අයට පමණයි. කෙටිකාලීන හා දිගු කාලීන අරමුණු හදා ගන්නවා කියන්නේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ඔබ විසින් ගත යුතු පළවෙනි පියවරයි. ඔබේ අරමුණු ඔබේ දිනපොතේ සටහන් කරන්න. ඔබ කෙටිකාලීන ඉලක්කයක් සතුටුදායක ආකාරයකින් සම්පූර්ණ කළාම, ඔබේ ඊළඟ කෙටිකාලීන ඉලක්කය සපුරා ගැනීමට ඔබව නිකන්ම පෙලඹෙනවා. ඔබ ඔබේ කෙටිකාලීන අරමුණු සම්පූර්ණ කරනකොට, සාර්ථකත්වය අඛණ්ඩව ආරම්භ වෙනවා. ඒ වගේම ඔබේ දිගුකාලීන අරමුණු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජවය ද ඔබට ලබා ගන්න පුලුවන් වෙනවා.

2. සැලසුම් කිරීම
ඔබට ඉලක්ක තිබෙනවා ඇති. නමුත් ඔබට ඒවා ඉටු කරගන්න පුලුවන් වෙන්නේ ඒවා සඳහා හොඳින් සිතා බලා සැලසුම් කරනවා නම් පමණයි. සෑම සතියකම ඔබ, සියළුම කාර්යයන් සඳහා සවිස්තර සැලැස්මක් ඔබ සකසා ගන්න ඕනේ. ඔබ කරන්න ඕනේ දේවල් ලැයිස්තුවක සටහන් කර ගත්තාම ඒවා සම්පූර්ණ කර ගන්නට ඔබව නිකන්ම පෙළඹෙනවා. දවසේ සියලුම කාර්යයන් සම්පූර්ණ කළාට පස්සේ ලැබෙන තෘප්තිය නිසා ඔබ දැනටමත් පුංචි සාර්ථකත්වයක් ලබලයි තියෙන්නේ කියලා ඔබට හැඟෙන්න පටන් ගන්නවා. ඔබට එලඹෙන සතිය පුරා එම සාර්ථකත්වය දිගටම පවත්වගෙන යන්නත් පුලුවන්. සතියකට පස්සේ එය නැවත නැවතත් කරනකොට ඔබේ ජීවිතයේ සාර්ථකවය ටික ටික ළඟා වෙනවා කියලා ඔබට දැනෙයි. 

3. ඔබේ කාලය ඵලදායී ලෙස භාවිතා කරන්න
නියමිත කාලය තුළ ඔබ ඔබේ කාර්යයන් සම්පූර්ණ කළාම, ඔබගේ උත්සාහයන් පිළිබඳව ඔබට සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙනවා. ඒ නිසා ඔබ ඔබේ දෛනික කාලසටහන සකස් කරනකොට, ඔබ දිනකට කරන්න ඕනේ සියලු කාර්යයන් සඳහා අවශ්‍ය වෙන කාල සීමාවක් වෙන් කරන්න. ඔබ එක් එක් කාර්යය සඳහා කාලය වෙන් කරන කොට, ඒවාට අමතර කාලයක් ද ලබා දෙන්න වග බලා ගන්න. එතකොට ඔබට යම් හේතුවක් නිසා වැඩේට දෙන්න ඕනේ කාලය ඇතුලත, වෙන වැඩකට යොමු වුණත්, නියමිත වේලාවට එම කාර්යය සම්පූර්ණ කරන්න අර වෙන් කරපු අමතර කාලය උපකාරී වෙනවා.

4. අවධානය වෙනතකට යොමු නොකර වැඩ කරන්න
විවිධාකාර දේවල් වලට ඔබේ අවධානය යොමු වුණාම, ඔබේ දෛනික කාර්යයන් නිසි ලෙස ඉටු කරගන්න ඔබට බැරි වෙනවා. වැඩක් කරද්දී පවුලේ සාමාජිකයන්, දුරකථන ඇමතුම්, රූපවාහිනී වැඩසටහන්, ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි වෙනුවෙන් නිරන්තරයෙන් කාලය නාස්ති කරන එක නවත්වන්න. ඒවායින් ඔබේ අවධානය එක තැනක තියන්න බාධා කරනවා. ඔබේ අවධානය නැති වුණාට පස්සේ, ඔබට ඔබේ කාර්යයන් ඉටු කරගන්න එක මඟ හැරෙනවා. එමනිසා කරන්න පුලුවන් හොඳම දෙය තමයි ඔබේ මාර්ගයට පැමිණෙන්න පුලුවන් සියලු ආකාරයේ බාධාවන් මඟ හරිමින් අවධානය වෙනතකට යොමු නොකිරීමට උත්සහ කරන එක. ගෙදරදී ඔබේ කාර්යයන් වෙලාවට අවසන් කරන්න ඕනේ වුණාම, බාහිර දේවල් වලින් අවධානය කැඩන තැනක ඉන්න එපා. නිදහස් කාමරයක් හෝ එළිමහනක් හොඳයි. ඒ වගේ පරිසරයක වැඩ කරද්දී ඵලදායිතාව වැඩි වෙනවා.

5. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න
නිරෝගී දිවිපෙවෙතක් ගත කරන අය තමන්ගේ ජීවිතයේ නිරතුරුවම සාර්ථකව හා සතුටින් ගත කරන අය බවට පත් වෙනවා. සාර්ථකත්වය ළඟා කර ගැනීමේ සැලසුමේදී ඔබ ඔබේ සෞඛ්‍යය අත් හරිමින් යම් සාර්ථකත්වයක් අත් කර ගත්තාත්, ඔබට හදිසියේම අසනීප වුණොත් ඔබේ කාලය ඒ වෙනුවෙන් වැය කරන්න සිදු වෙනවා. මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණාමයි රෝගාබාධ ඇති වෙන්නේ. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන්, නිතිපතා ව්‍යායාම කිරීමෙන් සහ ශරීරයට නිසි විවේකයක් ලබා දීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කරන්න. ඒ හරහා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර ඔබේ ජීවිතයේ ලබන සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ඒක ඔබට හයියක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1856 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:44 PM
Script:/article/1856/5-tips-to-gain-constant-success.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:44 PM
Script:/article/1856/5-tips-to-gain-constant-success.html