ඇත්තෙන්ම ZZ පැලෑටිය විෂ ද?

October 6, 2019
3,674
Is ZZ plant poisonous?
ඔබ නිවස තුල අලංකාරයට, අඩු ආලෝකයේ උනත් හදන්න පුලුවන් පැලෑටියක් නම් ඉතින් ZZ ( Zamioculcas zamiifolia) පැලෑටිය තමයි. නිවසේ ඇති විෂ වායු උරා ගන්න මේ පැලෑටිය උදවු වෙනවා. ඒත් මේ පැලෑටිය ගැන ඔබට සැකයක් තිබුනාද? මෙය මිනිසාට, සුරතල් සතුන්ට විෂ ද නැද්ද යන වග.

ඇත්තටම මේ පැලෑටිය විෂ ද? ඔව්, මිනිසුන්ට මෙන්ම සතුන්ටද මෙය විෂ සහිතයි. ZZ පැලෑටියේ ශ්‍රාවය ඇසෙහි හෝ සමෙහි ගෑවුනොත් කැසීම, පලු දැමීම, ඉදිමීම වගේ ආසාත්මිකතා ඇතිවෙන්න පුලුවන්. වැරදීමකින් හෝ මෙහි කොල කෑවොත් වමනය, පාචනය වැනි තත්ත්ව ඇති වෙන්න පුලුවන්.

ඇතැමුන් පැවසූවත් මෙය පිලිකා ඇති කරන වග, එය මිත්‍යාවක්.

ඉතින් මේ නිවස අලංකාර කරන, විෂ වායු නසන මේ පැලෑටිය කිසිවෙක්ට හානියක් නොකරන ලෙස කොහොමද අපි ගෙදර හදාගන්නේ. මෙන්න මේ කරුණු ටික අපි දැනගමු..

ZZ පැලෑටිය කොතරම් විෂ සහිතද?

විෂ සහිත පැලෑටි ඝනයට අයිති වෙන මේ පැලෑටිය ඇරේසියායි (Araceae) කුලයට අයිති වෙනවා. ඇත්තෙන්ම මිනිසුන් අතර ඇති මේ පැලෑටියේ ඇති විෂ මට්ටම් ගැන උපකල්පණ බොහෝ දුරට නිවැරදි නෑ.

ඇත්තෙන්ම ZZ පැලෑටියේ කොල ආහාරයට ගැනීමන් හෝ එහි ඇති ශ්‍රාවය ගෑවීමෙන් පමණයි ඉහත කී තත්ත්වයන් ඇති වෙන්නේ. පැලෑටිය ඇල්ලීමෙන් පසු අත සේදීම කරන්න. පැලෑටියට සාත්තු කිරීමේදී හැකි නම් අත් වැසුම් (Gloves) පාවිච්චි කරන්න. ඒත් එය අත්‍යවශ්‍ය වන්නේ නෑ. ඔබ ඇස්, කට ඇල්ලීමෙන් වැලකී සිටිනවා නම්, සාත්තුවෙන් පසු අත සේදීම ප්‍රමාණවත්.

කොහොමද මේ පැලෑටිය විෂ සහිත වෙන්නේ?

එහි අඩංගු කැල්සියම් ඔක්සලේට් (Calcium Oxalate) නැමැති සංයෝගය ඉතා කුඩා උල් සහිත පලිඟු වැනි ද්‍රව්‍යයක්. ඒ උල් සහිත භාවය නිසා තමයි කැසීම වගේම, ශරීරගත වූවොත් ශරීරය තුල පටක වලට සිදුවන උද්දීපණය නිසා වමනය, බඩ යෑම සිදු වන්නේ.

ZZ පැලයට ඔබව මරනයට පත් කරන්න පුලුවන්ද?

පැලෑටියේ අඩංගු කැල්සියම් ඔක්සලේට් වලට ඔබව මරණයට පත් කරන්න හැකියාවක් නෑ. පැලෑටියේ යුෂ ශරීරගත වූවොත් පාචන තත්වයක් ඇති වෙනවා මිස, වැඩිම වාර්තා වීම ඇත්තේ සමේ ආසාත්මිකතා ඇති වූ අවස්ථාවන් පමණයි.

එසේ පාචන තත්තවයක් ඇති වූවොත් විෂ ශරීරයෙන් ඉවතට යන තෙක් හොඳින් ජලය පානය කරන්න.

ඉතින් කොහොමද ZZ පැලෑටිය ආරක්ෂිත ලෙස හදාගන්නේ?

ZZ පැලෑටිය කියන්නේ ලස්සන වගේම ජනප්‍රිය ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඒ වගේම බොහෝ දෙනෙක් දරුවන්ට සහ සුරතලුන්ට ප්‍රශ්ණයක් නොවන ලෙස මේ පැලෑටිය වවනවා. ඔබට මේ පැලෑටිය ආරක්ෂිතව වවාගන්න ඔබට මේ පියවර ටික ක්‍රියාත්මක කරන්න පුලුවන්.

* පැලෑටියේ විෂ මට්ටම ගැන දැනුමක් තිබීම. ඉහත කී දේවල් වලින් ඔබට ඒ ගැන දැනුමක් ලැබුනානේ.

* කුඩා දරුවන්ට මේ ගස අල්ලන්න නොහැකි ස්ථාන වල තබන්න.

* සුරතල් සතුන් පැලෑටියට ළන් වීම වැලැක්වීමට පෝච්චියට දොඩම් ලෙලි, කෝපි කුඩු වගේ දේවල් දමන්න පුලුවන්. මොකද ඔවුන් ඒ සුවඳ වලට අකමැති නිසා ඒ අසලට යාමෙන් වලකිනවා.

* විෂ නැති පැලෑටියකට මාරු වෙන්න. ඔබ සිතනවා නම් එවැනි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපහසුයි කියා, ඔබට වෙනත්, නිවෙස තුල තැබිය හැකි විෂ නැති පැලෑටියකට මාරු වෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1412 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/1412/is-zz-plant-poisonous.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/1412/is-zz-plant-poisonous.html