අපි නොදැනුවත්වම අපේ අතින් හෑන්ඩ් ජෙල් වැරදි විදිහට භාවිතා වෙන්නේ මෙහෙමයි

October 1, 2020
5,180
Mistakes we do when we use hand sanitiser
කොවිඩ් වෛරසය පැතිරෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් අපි හැමෝම වැඩි වැඩියෙන් විෂබීජ නාශක හෑන්ඩ් ජෙල්, සැනිටයිසර්ස් භාවිතා කිරීමට පටන් අරන් තියෙන්නේ. මේ වෙනකල්ම අපි සුපිරි වෙළඳසැලට ඇතුළු වෙනකොට කිසිම වෙලාවක අපේ අත් විෂබීජහරණය කරන්න සිද්ධ වුණේ නෑනේ. ඒත් අද වෙද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම අපි ඕනේම තැනකට යන්න කලින් හෑන්ඩ් ජෙල් තියනවාද කියලා සොයා බලනවා. ඒක හොඳයි. ඒ කොහොම වුණත් ඔබේ දෑත් විෂබීජහරණය කිරීම කියන්නේ ඔබ හිතනවාට වඩා අවධානය දෙන්න ඕනේ වැඩක්. ඊට අමතරව මේ වෙද්දී බොහෝ දෙනෙක් ඒක කරන්නේ වැරදියටයි! ඒ ඇයි දැනගන්න මේ ලිපිය කියවන්න...

අත් සෝදන්න

අත් සේදීම කියන්නේ අපේ දෑත් විෂබීජහරණය කර ගන්න හොඳම ක්‍රමය බව අපි කවුරුත් දන්නවා. වෛරසය පටන් ගත්ත මුල් කාලයේදී අපේ දෑත් නිසි ලෙස සේදීම ගැන විශාල අවධානයක් යොමු වුණා. විවිධ උපදේශාත්මක වීඩියෝ පට වලිනුත් ඒක හරියට කරන්නේ කොහොමද කියලා අපිට මාධ්‍යයෙන් පැහැදිලි කළා. ඒත් අපි යන සෑම වෙළඳසැලකම හෝ සෑම පිටත ස්ථානයක ම අපිට අත් හෝදන්න ජලය නිතරම තියෙන්නේ නෑනේ. ඒකට විසඳුමක් විදිහට තමයි විෂබීජ නාශක හෑන්ඩ් ජෙල් පාවිච්චි කරන්න පටන් ගත්තේ. නමුත් මේවා ඇත්තටම හරි ආකාරයට භාවිතා කරන්නේ කොහොමද දන්නවාද?

ඔබේ දෑත් විෂබීජහරණය කරන නිවැරදි ම ක්‍රමය

පළමුවෙන්ම ඔබ විෂබීජ නාශක හෑන්ඩ් ජෙල් එකේ පොම්පය ඔබන්න. පුලුවන් නම් ඒක ඔබේ වැලමිටෙන් කරන්න බලන්න. එහෙම කරන්න අමාරු නම් ඔබ පොම්පය වැඩිපුරම එබූ ඇඟිලි තුඩු ජෙල් වලින් මුලින්ම විෂබීජහරණය කරන්න. ඔබේ අත් හරියටම විෂබීජහරණය කිරීම සඳහා තත්පර 30 ක් වත් ඔබේ දෑත් එකට අතුල්ලන්න ඕනේ. ඔබේ අත් වගේම ඇඟිලි අතර ද පිරිසිදු කරන්න අමතක කරන්න එපා. ඒ සඳහා තත්පර 30 ක කාලයක් අවධානය දෙන්න ඔබට ප්‍රායෝගිකව ම අපහසුයි වගේද ? එහෙනම් ජෙල් ටික ආලේප කරද්දී  "හැපි බර්ත්ඩේ ටු යූ..." ගීතය තුන් වතාවක් ගායනා කරලා බලන්න. තුන්වන වාරය ඉවර වෙද්දී ඔබේ දෑත් නිකන්ම විෂබීජහරණය වෙලා තියෙයි! 

අත් වේළීම නිසා දුක් විඳිනවාද?

බොහෝ අයට වෙන දෙයක් තමයි නිතරම අත් සේදීම නිසා වෙනදාට වඩා සාමාන්‍යයෙන් අත් දෙක වේළෙන්න පටන් ගන්න එක. ඔබේ දෑත් ලස්සනට, මෘදුව වගේම අත් වලට නැවතත් තෙතමන ගතිය ලබා දෙන්නේ කොහොමද දන්නවාද? සරල හෑන්ඩ් ක්‍රීම් එකක් අරන් ටිකක් වැඩියෙන් අත් වල ආලේප කරන්න. මේක ඔබේ දිනපතා පුරුද්දක් විදිහට කරන්න. ඔබ අත් විෂබීජහරණය කරපු ගමන් ක්‍රීම්වලින් ඔබේ දෑත් අතුල්ලන්න. හැබැයි ඇල්කොහොල් හෝ සුවඳ විලවුන් අඩංගු හෑන්ඩ් ක්‍රීම් භාවිතා කරන්න එපා. මොකද එම රසායනික අමුද්‍රව්‍ය ව්ලින් ඔබේ දෑත් තව දුරටත් වියළෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1854 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:05 AM
Script:/article/1854/mistakes-we-do-when-we-use-hand-sanitiser.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:06 AM
Script:/article/1854/mistakes-we-do-when-we-use-hand-sanitiser.html