ඔයා පාට පාට ඇදුම් ඇන්දට ඒ පාටවලින් අදහස් වෙන දේවල් ගැන දැනගෙන හිටියේ නෑ නේද?

July 22, 2018
15,918
What does the cloth colours tell?
පාට පාට ඇඳුම් අඳින්න කොයි කවුරුත් එක වගේ කැමතියි. විශේෂයෙන්ම කාන්තාවන්. ඇදුම් සාප්පුවකට ගියාම තෝරා ගන්නේ කුමන වර්ගයේ පාටක ඇඳුමක්ද කියලා ඔයා අනන්තවත් හිතින් වද වෙලා ඇති. සමහර යුවතියන් නම් ඉතිං ඇඳුම් ගන්න ගියාම ගන්නේ එකම පාටින්. ඒක තමන්ගේ රුචිකත්වය අනුව සිදුවෙන දෙයක්. ගැහැණු පාර්ශ්වය වගේම පිරිමි පාර්ශ්වයත් විවිධ පාටවලින් වලින් වර්ණ ගැන්වුණු ඇඳුම් අඳින්න ඉතාමත් කැමතියි. ඔයා මෙතෙක් පාට පාට ඇඳුම් ඇන්දට ඒ ඇඳුමේ පාටින් ගොඩක් දෙවල් අර්ථ ගැන්වෙනවා කියලා ඔයා දැනන් හිටියේ නෑ නේද? ඔයා අඳින ඇඳුමේ පාට ඔයාට වගේම ඔයාව දකින අයගේ සිතට වගේම ස්නායු පද්ධතියට විවිධ බලපෑම් එල්ල කරනවා. බොහෝ වර්ණවලට ඔයාගේ සිත සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔයා අඳින ඇඳුමේ වර්ණයෙන් තවත් කෙනෙකුගේ සිත තුළ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. අද අපි ඔයාගේ ඇඳුම්වල පාටවලින් කියැවෙන රහස් ගැන කතා කරන්න තීරණය කළා. ඉතිං ඔයාගේ අඳිනන ඇඳුමේ වර්ණයෙන් කියැවෙන දේ දැනගන්න මේ ලිපිය කියවලම බලන්නකෝ.

කහ වර්ණය

ගොඩක් දෙනෙනෙක් කැමති පාටක් තමයි කහ පාට කියන්නේ. කහ පාට අඳුමක් ඔයා අදිනවා නම් එයින් ප්‍රකාශ වන අර්ථ රැසක් තිඛෙනවා. විශේෂයෙන්ම සුභ හැඟීම, සතුට හා ප්‍රීතිය, සැනසීම, ක්‍රීඩාශීලි බව වැනි හැගීම් මේ වර්ණයෙන් වර්ණවත් වෙනවා. කහ වර්ණයෙන් ඔයාගේ සිත තුළ සතුටුදායී හා ප්‍රබෝධමත් හැගීම් ජනිත කරනවා. ඒ විතරක් නෙමෙයි පාළුව, කාන්සිය මේ කහ වර්ණය මගින් නැති කර ගන්න පුළුවන්. මිත්‍රශීලී හැගීම් කහ වර්ණය මගින් උද්ධීපනය කරන අතර ඔයා මානසික පිඩාවකින් ඉන්න විට කහ වර්ණය ඇඳීමෙන් මානසික පීඩනය හා ආතතිය ටිකක් අඩු කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම මිතුරු හමුවකට යනවා නම් කහ වර්ණය ඇඳීම වඩාත් හොදට ගැළපෙනවා.

රතු වර්ණය

කාන්තාවන් ගොඩක් දෙනෙක් කැමති පාටක් තමයි රතු වර්ණය. රතු පැහැය ගත් ඇඳුමක් ඔයා ඇන්දොත් එමගින් ප්‍රකාශවන අර්ථ කිහිපයක්ම තියෙනවා. උද්යෝගීමත් බව හා ආදර හැගීම් ඒ අතරින් විශේෂයි. ඔයා රතු වර්ණය සහිත ඇඳුමක් ඇන්දම ඔයා තුළ විතරක් නෙමෙයි ඔයාව දකින අයගේ සිත් තුළත් උද්යොගී සිතුවිලි ඇති කරන්න සමත් වෙනවා. රතු වර්ණය මගින් ඔයාගේ ස්නායු පද්ධතිය හොඳින් උත්තේජනය කරන්නට සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ශක්තිමත් බව, රාගික හැගීම් ඇති කරන්නටත් රතු වර්ණයට පුළුවන්. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යුවලක් ආහාර වේලකට හෝ කුමන හෝ උත්සවයකට නිවසෙන් පිටතට යන අවස්ථාවකදී රතු වර්ණය සහිත ඇදුම් ඇදීම වඩාත් සුදුසුයි.

කොළ වර්ණය

ඔයා කොළ පාට ඇඳුමක් ඇන්දොත් ඔයාගේ ස්වභාවික සුන්දරත්වය ඒ තුළින් පිළිඹිබු වෙනවා වැඩියි. විශේෂයෙන්ම කොළ පාටින් ශාක පැළෑටි සහ ඒවායේ වර්ධනය ප්‍රකාශයට පත් වෙනවා. ලා කොළ පාට ඇඳුමක් ඔයා ඇන්දොත් එයින් ඔයාගේ ස්වභාවික සුන්දරත්වය පේන්න පටන් ගන්නනවා. ඔයාව දකින කෙනාගේ ඇස්වලට සිසිලසක් ගෙන දෙන දෙන්න කොළ පාටට පුළුවන්. ඔයා කොළ පාට ඇදුමක් ඇන්දොත් ඔයා ස්වභාවික පරිසරයට ගොඩක් ආදරය කරන, ගෞරව කරන පුද්ගලයෙක් බව අන් අයට ඒන්තු ගන්වනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ධනවත් බව පෙන්නන්නත් කොළ පාටට පුළුවන්. උත්සව අවස්ථාවකට හා ප්‍රථම පෙම් හමුවනකට ලා කොළ වර්ණයේ ඇදුමක් අදින්න පුළුවන් නම් ගොඩක් හොදයි.

තැඹිලි වර්ණය

නැවුම් බව, නිර්මාණශීලිත්වය, තරුණ පෙනුම සහ ඔයාගේ නිර්භීත බව පෙන්නුම් කරන්න ඔයාට අවශ්‍ය නම් තැඹිලි වර්ණය සහිත ඇඳුම් ඔබ තෝරාගත යුතුයි. තැඹිලි පාට හැදෙන්කේ රතු හා කහ පාට එකතු වෙලානේ. ඒ නිසා තැඹිලි පාටෙන් ඔයාගේ හිත තුළ වගේම ඔයාව දකින අයගේ හිත තුළ උණුසුම් හා උත්තේජක හැගීම් ඇති වෙනවා. ඔයා යාලුවෝ එක්ක ට්‍රිප් එකක යනකොට තැඹිලි පාට ඇඳුමක් අඳින්න පුළුවන්.

නිල් වර්ණය

ගැහැණු පාර්ශ්වය වගේම පිරිමි පාර්ශ්වයේ ගොඩක් දෙනෙක් කැමති වර්ණය තමයි නිල් පාට. නිල් පාට මගික් විශ්වාසදායී හැගීම ඇති වීම වර්ධනය කරනවා. අන්න ඒ නිසා තමයි බොහෝ සමාගම් හා ව්‍යාපාරවල සන්නාමයන්ට නිල් පාට භාවිත කරන්නේ. ඔයා නිල්පාට ඇඳුම් නිතරම අඳින්න උත්සාහ කිරීම තුළින් සෑම කටයුත්තක්ම දැඩි විශ්වාසයෙන් සිදු කරන බවට ඒන්තු ගන්වන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයකට ඔයා සහභාගී වෙනවා නම් නිල්පාට ඇඳුමක් ඇඳීම වඩාත් සුදුසුයි. නිල් පාටින් විශ්වාසදායී බව අවංක බව වගේම සන්සුන් බව උද්ධීපනය කළත් අඳුරු නිල් පැහැයෙන් නම් පෙන්නුම් කරන්නේ ශෝකජනක බව. ඒ නිසා නිල් පාට ඇඳුම් ඔයා තෝරා ගන්නකොට ටිකක් සැළකිලිමත්ව තෝරාගන්න.

දම් වර්ණය

දම් වර්ණයෙන් කියැවෙන දේවල් අනිත් වර්ණයන්ට වඩා ටිකක් විතර වෙනස්. රාජකීය බව, තේජස් බව හා අභිරහස් බව තමයි දම් වර්ණයේ ඇඳුම් ඇඳීමෙන් ප්‍රකාශයට පත් වෙන්නේ. ප්‍රබෝධමත් බව දම් වර්ණයෙන් ප්‍රකාශ වෙනවා තරමක් අඩුයි. රජවරු සහ රදළයින් තමාගේ තේජස් බව පෙන්නුම් කරන්න ඇන්දේ දම් හා තද දම් පැහැයෙන් යුක්ත ඇඳුම්. ඒ වගේම තද දම් පාට ඇඳුම් ඇන්දොත් එයින් සමෘද්ධිමත් බවත් ලා දම් පාටින් කාන්තිමත් බව හා ස්ත්‍රී ලාලිත්‍ය පෙන්නුම් කරනවා.

සුදු වර්ණය

කාන්තාවන් අතුරෙන් ගොඩක් දෙනෙක් අඳින්න කැමති පාටක් තමයි සුදු පාට. පාරීශුද්ධත්වය, සරල බව, නිර්දෝෂි සහ අහිංසක බව මේ සුදු වර්ණය සහිත ඇඳුම් ඇඳීම තුළින් ප්‍රකාශයට පත්වෙනවා. සුදු පාට ඉතා චාම් වර්ණයක් වන නිසා එයින් හික්මුණු බවක් පෙන්නුම් කරනවා. ඒ නිසානේ පන්සලට යන්න වගේම පාසල් දරුවන්ටත් සුදු අඳින්න හේතු වෙලා තියෙන්නේ.

රෝස වර්ණය

රෝස පාට නොහොත් කාන්තා පාර්ශ්වය නියෝජනය කරන පාට විදිහටනේ අපි හඳුනා ගන්නේ. ඒ නිසා බහුතරයනක් අඳින්න කැමති පාටක් තමයි රෝස පාට. රෝස පාට ඇඳුම් ඇන්දම ඔයා තුළින් ලාලිත්‍ය වගේම ශෘංගාරත්වය පෙන්නම් කරනවා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ දරුවා ගැහැණු දරුවෙක් නම් අම්මලා සියලු ඇඳුම් තෝරන්නේ රෝස පැහැයෙන්. කුඩා දරුවන්ට රෝස පැහැයේ ඇඳුම් ඇන්දවීමෙන් සෞම්‍යය බව පෙන්නුම් කරනවා. දීප්තිමත් රොස පාටින් ශෘංගාරත්වයත්, රතු පැහැයට ආසන්න රෝස පැහැයෙන් තරුණ බව, සතුට හා ශක්තිය පිළිඹිබු කරනවා.

කළු වර්ණය

ගොඩක් දෙනෙක් අඳින්න කැමති නැති පාටක් තමයි කළු පාට. කළු වර්ණය සහිත ඇඳුමක් ඔයා අදිනවා නම් එමගින් විධිමත් බව සහ සුඛෝපභෝගි බව පෙන්නුම් කරනවා. ඒ වගේම ශෝකය පෙන්නුම් කරන්නත්, විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටත් කළු වර්ණය සහිත ඇඳුම් බොහෝ දෙනා භාවිත කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 962 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:30 AM
Script:/article/962/what-does-the-cloth-colours-tell.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:30 AM
Script:/article/962/what-does-the-cloth-colours-tell.html