ලස්සනට අඳින්න ඕනද...?

July 15, 2020
7,134
Do we have to dress nicely?
ඔබ ලස්සනට අඳින්න අවශ්‍යද...? ලස්සනට ඇඳීමේ වාසි කීපයක් මනෝවිද්‍යාඥයින් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් මගින් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. මේ ඉඟි කීපය කියවා බලා එයින් අනතුරුව ඇත්තටම ලස්සනට අඳින්න ඕනද...? ගැන තීන්දු තීරණ ඔබටම ගත හැකියි.

■ ධනාත්මක චින්තනය ඇති වෙනවා

ලස්සනට අඳින පළඳින විට ධනාත්මක සිතුවිලි අවදි වෙනවා. ලස්සන දේ දකින්න හැම කෙනෙක්ම කැමැතියි. ලස්සනට අඳින පුද්ගලයා තුළ ඇත්තේ ප්‍රසන්න සංකල්ප. කොටින්ම අනේ මට බැහැ.. අපේ හැටියට ඒවා ලොකු වැඩ.. මට ඕවා පුළුවන්ද...? වැනි සැක ඇති කර ගැනීම ජීවිතයක වගේම ආයතනයක හෝ ව්‍යාපාරයක පැවැත්මට එතරම් ගැලපෙන්නක් නොවෙයි. ඒ නිසා මට පුළුවනිද...? නොව “ඔව් මට පුලුවනි” යන ධනාත්මක සංකල්පය පුද්ගලයෙකු වෙතින් දැක ගත හැකි නම් එය සාර්ථක චරිතයක ලක්ෂණයක්. මනෝවිද්‍යාඥයින්ගේ පිලිගැනීමට අනුව පිළිවෙලට අඳින සහ ඒ වෙනුවෙන් කැමැත්තක් දක්වන පුද්ගලයන්ගේ චරිත ලක්ෂන තුළ නිතරම ධනාත්මක සිතුවිලි මිසක සෘණ ආකල්ප දක්නට නොලැබෙන බවයි.

■ ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා

තමන්ගේ ඇඳුම, පැළඳුම පිළිවෙට ලස්සනට තිබෙන බවට තමන්ටම විශ්වාසයක් ඇති වෙනවා නම් ඔහු හෝ ඇය සාර්ථක චරිතයක්. එයින් පෙනෙන්නේ තමා මුල් කර ගත් ආත්ම විශ්වාසයක් එම පුද්ගලයා සතුව පවතින බවයි. මෙම ආත්ම විශ්වාසය එක් පැත්තකින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට ඉතාම වැදගත්. අනෙක් පැත්තෙන් රාජකාරී ජීවිතයට වඩාත් ගැලපෙන චරිතයක්. විටෙක ඔහු හෝ ඇය ආයතනයේ ප්‍රධාණියා විය හැකියි. නායකත්වය තුළ ගොඩ නැගී තිබෙන ආත්ම විශ්වාසය නිසා ආයතනයේ අනුගාමිකයන්ටත් එවන් චරිත සමග කටයුතු කිරීම ඉතාම පහසුයි. පිළිවෙලට ඇඳුමක් ඇන්ද විට, එයට ඔබේ ආත්ම විශ්වාසයට ලොකු ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි.

ඇත්තෙන්ම ඔබ ලස්සනට අඳින්න රැකියාවක නියත විය යුතුම නෑ. නිවසෙන් මොන යම් හෝ කාර්යයකට එළියට බැස්සත්, ඔබ නිවසේ සිටියත් පිළිවෙලකට අඳින්න. ඔබටම ඔබ ගැන ආත්ම විශ්වාසයක් ඇති වේවි.

■ නායකයා හෝ ප්‍රධාණියාම විය යුතු නැහැ..

ඇතැම් අවස්ථාවන්හිදී ආයතනයේ ප්‍රධාණියාට වඩා ලස්සනට සහ පිළිවෙලට අඳින පහළ මට්ටමේ පුද්ගලයන් සිටින්න පුලුවනි. ඔවුන් මුල් කර ගෙන විවිධ අන්දමේ චෝදනාත් නැත්තේම නැහැ. ආයතනය තුළ ඔහුගේ තරාතිරම සහ බාහිරව අඳින පිළිවෙල ගැන කවුරු කොහොම චෝදනා කළත් ඒ පුද්ගලයා සාර්ථක චරිතයක්. ඊට හේතුව ඔහු මුල් කර ගත් ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගෙන තිබෙනවා.

■ නිවසේ සිට රාජකාරි කිරීමටත් පුලුවන්

කොරෝනා වසංගත තත්වය නිසා බොහෝ දෙනොට ආගන්තුක අත්දැකීමක්ව තිබුන මාර්ගගතව රාජකාරි කිරීමේ සංකල්පය හැම දෙනාටම ප්‍රායෝගික අත්දැකීමක් බවට පත්ව තිබෙනවා. මේ අවස්ථාවන්හිදී රාජකාරි රැස්වීම්, සම්මන්ත්‍රණ වගේ අවස්ථාවන්ට දායකත්වය ලබා දීමට සිදු වෙනවා. සමහර විට නිවසේ සිට මේ මාර්ගගත සාකච්ඡාවන්ට ශ්‍රව්‍ය සහ දෘශ්‍ය විදිහට සම්බන්ධ වීමට සිදු වේවි. ඒ නිසා අද කාලයේ ලස්සනට හෙවත් ප්‍රසන්න අන්දමින් ඇඳීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අනපේක්ෂිත ලෙසින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහභාගී වීමට සිදු වුනොත් සමහර විට ඒ අවස්ථාවට ඔබේ ඇඳුම නොගැලපෙතැයි ඔබටම සිතෙනු ඇති. මේ නිසා වැදගත් ව්‍යාපාරික අවස්ථාවන් සමහර විට මග ඇරෙන්න පුලුවනි. මේ නිසා නිතරම ප්‍රියමනාප ලෙසින් ඇඳුම ගැන අවධානයක් දක්වන්නේ නම් මෙවැනි වැදගත් අවස්ථාවන්ගේ උපරිම ප්‍රයෝජන ඉතා පහසුවෙන්ම ලබා ගැනීමට ඉඩ ලබෙනු ඇත.

■ දේශපාලන චින්තනය පවා පැහැදිලිව දැන ගන්න පුලුවනි

අපි අඳින්නේ අපට පුලුවන් විදිහට සමහර අය එහෙම කියාවි.. ඒඅතර ඇඳුමෙන් පුද්ගලයෙක් මනින්න බැහැ... රටට පේන්න අඳින්න අපට ඕන නැහැ.. මේ වගේ විවිධ අදහස් විවිධ විදිහට හුවමාරු වෙන්න පුලුවනි. ඒත් මනෝවිද්‍යාඥයින්ගේ පෙන්වා දෙන අන්දමට ඔබ පළඳින ඇඳුම සහ සපත්තු සෙරෙප්පුවලින් ඔබේ දේශපාලන ආකල්පය පවා හඳුනා ගැනීමට හැකි බැව් විවිධ පර්යේෂණ මගින් සනාථ වී තිබෙන බවයි. ඒ තරමටම ඇඳුම යනු පුද්ගලයාගේ අභ්‍යන්තරය පෙන්වන කැඩපතක් බවට පත්ව තිබේ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1702 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:45 AM
Script:/article/1702/do-we-have-to-dress-nicely.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:45 AM
Script:/article/1702/do-we-have-to-dress-nicely.html