මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ අනිවාර්‍ය කොටසක්. හැම දවසකම අපි ආහාර පිසින නිසා ඒක ඉතා පහසුවෙන් අපිරිසිදු වෙනවා. ඒ නිසා ඔබේ මුළුතැන්ගෙය ටිප්ටොප් එකට තබා ගන්නට නම් ඔබට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා.
අපිරිසිදු කුස්සියකට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕනේ අපිරිසිදු භාජනයි. ඒ නිසා ඔබේ නිවසේත් සෞඛ්‍ය සම්පන්න මුළුතැන්ගෙයි පරිසරයක් පවත්වා ගැනීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ වල සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
මෙම ලිපියෙන් අපි ඔබට ඔබේ මුළුතැන්ගෙයි උපකරණ සහ ඒවා නිසි ලෙස පිරිසිදු කරන්න පුලුවන් ආකාරයන් පිළිබඳව අත්‍යවශ්‍ය උපදෙස් 10 ක් ඔබට කියනවා. එහෙනම්, ඔබේ මුළුතැන්ගෙයි උපකරණ සෞඛ්‍යාරක්ෂිතව තබා ගන්න අද ඉඳන් මෙහෙම පුරුදු වෙන්න...
1. යහපත් ඉවුම් පිහුම් පුරුදු වර්ධනය කිරීම
ඔබේ මුළුතැන්ගෙයි උපකරණ පිළිවෙලට හා පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබ තුළ යහපත් ආහාර පිසීමේ පුරුදු වර්ධනය කර ගන්න ඕනේ. ඔබ අපිරිසිඳු ආකාරයකින් ආහාර පිසිනවා නම්, ඔබේ මුළුතැන්ගෙයි උපකරණ වල පිරිසිඳුකම රකින්න ඔබට අපහසු වෙනවා.
ඔබේ එළවළු කපන පුවරුව ලිස්සීමෙන් තොරව තබා ගැනීමට උත්සාහ කරන්න. කැපීම සඳහා තියුණු පිහි භාවිතා කරන්න. ඔබ මුළුතැන්ගෙයි උපකරණ පාවිච්චි කරන අතරතුර ඔබේ අත වියළීව තබා ගැනීම සඳහා හැම වෙලාවෙම කිචන් ටවල් එකක් තියා ගන්න.
ඔබේ පිඟන් සහ ආහාර බඳුන් භාවිතා කළාට පස්සේ හොඳට සෝදන්න. සෞඛ්‍ය සම්පන්න සහ නිසි ආහාර පිසීමේ පුරුදු එක්ක ඔබගේ මුළුතැන්ගෙයි උපකරණ පිරිසිදුව තබා ගන්න පුලුවන්.
2. නිසි පිරිසිඳුකාරකයක් ලබා ගැනීම
ඔබේ මුළුතැන්ගෙයි මෙවලම් පිරිසිඳු කිරීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ මුළුතැන්ගෙය සඳහා හොඳම පිරිසිදුකාරකයක් තෝරා ගන්න ඕනේ. වෙළඳපොලේදී ඔබේ කුස්සියට බොහෝ උපකරණ සහ මෙවලම් සාධාරණ මිලකට සොයා ගන්න පුලුවන් නේ.
ඒ එක්කම ස්මාර්ට් කුස්සියක් කරගන්න සාප්පුවෙන් හොඳම පිරිසිදුකාරකයක් ද මිලදී ගන්න. ඒවා භාවිතා කිරීමේ ක්‍රම ඉගෙන ගෙන එය නිසි ආකාරයෙන් යොදන්න. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දෙවරක් වත් ඔබේ මුළුතැන්ගෙයි මෙවලම් පිරිසිදු කරන්න.
3. සෑම ආහාර වේලකටම පසු පිරිසිදු කිරීම
ආහාර ගැනීමෙන් පසුව ඔබේ මුළුතැන්ගෙයි අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් නොකළොත් බැක්ටීරියා වේගයෙන් වර්ධනය වෙනවා. ඒක නවත්වන්න නම් සෑම ආහාර වේලකටම පස්සේ ඔබ කෑම කාපු භාජන අනිවාර්‍යෙන්ම පිරිසිදු කරන්න ඕනේ.
ආහාර පිසින අතරතුරේදී ඔබේ මුළුතැන්ගෙය අවුල් සහගත වෙන්න පුලුවන්. ඒ නිසා මුළුතැන්ගෙය ද එවෙලේම පිරිසිදු කරන්න. ආහාර ගැනීමෙන් පස්සේ කෑම මේසය ද පිරිසිදු කරන්න. ආහාර වල කුණු කසළ ඩස්ට් බින් එකට දාන්න. නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන් ඉතිරි ආහාර ශීතකරණය තුළ තබන්න.
මේසයෙන් හැලුනු හා බිම විසිරිලා තියන ආහාර කැබලි පිරිසිදු කරන්න. අන්තිමේදී සින්ක් එකත් පිරිසිදු කරන්න.
4. පරිපූර්ණ උපකරණ භාවිතා කිරීම
ඔබ නිසි උපකරණ භාවිතා කරන්නේ නැත්නම් ඔබ ආහාර පිසින මෙවලම් හෝ උපකරණ සේදීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා. දියරමය ආහාර පිසූ භාජන පිරිසිදු කිරීම පහසුයි. නමුත් සමහර ආහාර ඉතාම පහසුවෙන් ලාභදායී ඉවුම් පිහුම් භාජන වල ඇලෙනවා. ටිකක් වැඩි මුදලක් ආයෝජනය කරලා හොඳ කල්පවතින භාජන මිලදී ගන්න.
5. ආහාර පිසින උපකරණ පිරිසිදු කිරීම
ආහාර පිසින උපකරණ පිරිසිදු කරන්නට සබන් සහ මද රස්නයේ වතුර භාවිතා කරන්න. ආහාර පිසින උපකරණ ද සබන් වතුරෙන් සෝදන්න. එතකොට ආහාර පිසින උපකරණ වලින් දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුලුවන්.
මේ සඳහා ඔබට ගෙදරදීම හදන්න පුලුවන් ස්වාභාවික පිරිසිඳුකාරකයක් ගැනත් අපි කියන්නම්. ලෙමන් ගෙඩියක් අරන් දෙකට කපලා ආහාර පිසින උපකරණ, භාජන මත අතුල්ලන්න. පැය භාගයක් තියන්න. ලෙමන් වල ආම්ලික බලය නිසා ඒවායේ බැක්ටීරියා විනාශ වෙලා විෂබීජ වලින් තොර වෙනවා. ඒවායින් හමන දුර්ගන්ධය ද අඩු වෙනවා.
6. කසළ බඳුන් පිරිසිදු කිරීම
කසළ බඳුන් පිරිසිඳු නොකිරීමෙන් හානිකර බැක්ටීරියා සහ දුර්ගන්ධය ඇති වීමට හේතු වෙනවා. ඒ නිසා ඔබේ නිවසේ තියන කසල බඳුන් වුණත් නිතිපතා පිරිසිදු කරන්න ඕනේ. කසල බඳුනේ දුර්ගන්ධය නැති වෙන්න සුවඳ ගැල්වූ (කොලෝන් හෝ එසෙන්ශල් ඔයිල්) පුලුන් බෝලයක් බඳුනට ප්ලාස්ටික් බෑග් එක දමන්න කලින් දමන්න. කසල බඳුනෙන් පිට වන දුර්ගන්ධයට මෙය පිළියමක්.
7. අත් සේදීම
ආහාර පිළියෙළ කිරීමට හෝ අනුභව කිරීමට පෙර සහ පසුව අනිවාර්‍යෙන්ම ඔබේ දෑත් පිරිසිදුව තබා ගන්න. අපිරිසිදු සහ තෙත අත් වලින් කුස්සියේ උපකරණ අල්ලන්න එපා. ඒකෙන් ඔබේ මුළුතැන්ගෙයි මෙවලම් සහ උපකරණ බැක්ටීරියා සහ අපිරිසිදු වීමෙන් ආරක්ෂා කරගන්න පුලුවන්.
8. පිළිස්සූ තෙල් පිරිසිදු කිරීම
පෑන්, පිඟන් කෝප්ප හෝ පිසින උපකරණවල පිළිස්සූණු තෙල් පිරිසිදු කිරීම සඳහා ඔබට පහසු පියවර කිහිපයක් අනුගමනය කරන්න පුලුවන්. මුලින්ම ජලය සහ බේකිං සෝඩා මිශ්‍ර කරලා ඒක පේස්ට් එකක් විදිහට හදාගන්න. දැන් භාජන වල පිළිස්සූණු ප්‍රදේශය පුරා පේස්ට් එක ආලේප කරලා ටික වේලාවක් තබන්න. දැන් ස්ක්‍රබ් එකකින් හෝ ස්පොන්ජ් එකකින් රවුමට අතුල්ලමින් පිරිසිදු කරන්න. එහෙම කළාම පිළිස්සූ තෙල් භාජන වලින් ඉතා පහසුවෙන් ඉවත් වෙලා යනවා.
අනෙක් අතට පෑන් වල තියන ග්‍රීස් ඉවත් කිරීම සඳහා විනාකිරි සමඟ බේකිං සෝඩාත් භාවිතා කරන්න පුලුවන්. ආහාර පිසින් බඳුන් හෝ පෑන් තුළට බේකිං සෝඩා ස්වල්පයක් ඉසින්න. ඒකට විනාකිරි ස්වල්පයක් වත් කරන්න. දැන් මෘදු ලෙස අතුල්ලන්න. එම ක්‍රියාවලිය දෙවරක් හෝ තුන් වරක් නැවත කරන්න.
9. සින්ක් සේදීම
ආහාර පිසපු භාජන ඔක්කොම හේදුවාට පස්සේ සින්ක් එක අමතක කරන්න එපා. ඒකෙන් ඔබේ මුළුතැන්ගෙයට අහිතකර දුගඳක් ඇති කරනවා. ඒ නිසා පුලුවන් ඉක්මනින් සින්ක් එකත් සෝදා හරින්න.
සින්ක් එකෙන් සියලු අප ද්‍රව්‍ය හා කසළ ඉවත් කරන්න. දැන් බේකිං සෝඩා ටිකක් භාවිතා කරන්න. බේකින් සෝඩා ස්වල්පයක් සින්ක් එකට ඉසලා ස්පොන්ජ් එකකින් මෘදුව අතුල්ලන්න.
10. පිහි සේදීම
කැපීම් සඳහා ඔබේ පිහිය භාවිතා කළාට පස්සේ පුලුවන් තරම් ඉක්මනින් උණු වතුර භාජනයක් පුරවගෙන පිහිය ඒකට දමන්න. පිහියේ අපිරිසිඳු ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ස්පොන්ජ් එකක් හෝ රෙදි කැබැල්ලක් භාවිතා කරන්න. ඔබ පිහිය සේදීමේදී ප්‍රවේශම් වන්න.
පිහියේ හැඩ්ල් එක පිරිසිදු කිරීමටත් අමතක කරන්න එපා. හැඩ්ල් එක සහ පිහියේ තියුණු කොටස අතර කෙළවර ද පිරිසිදු කරන්න.