ජංගම දුරකථන නිසා ඇස් වලට ඇතිවෙන ගැටළු වලට විසඳුම් ටිකක් මේ

August 17, 2019
10,847
Protect your eyes from smart phone use
ඔබ අද කාලේ ජීවිතය වැඩිපුරම ගෙවන්නේ කාත් එක්ක ද කියලා ඇහුවොත් ඒ උත්තරය ඔබේ ජීවිතයට වඩාම සමීප පුද්ගලයන්ගේ නම් වල පිරෙයි. ඇත්තටම ඒක එහෙමද? නෑ... අපි දවසේ පැය 24ම ගත කරන්නේ අතේ තියන ජංගම දුරකථනය එක්කයි. ස්මාර්ට් ජංගම දුරකතනයක් නැතුව ඔබේ ජීවිතය ගැන ඔබට හිතා ගන්න බැරි වුණත්, ඒ වෙනුවෙන් ඔබේ ඇස් කැප කිරීමට නම් සූදානම් වෙන්න එපා. ජංගම දුරකථනය නිසා නොදැනුවත්වම ඔබ අතින් සිදු වන වැරදි වලට උපදෙස් ටිකක් මේ.

1. තිර ආරක්ශකයක් ගන්න

බොහෝමයක් මධ්‍යම හා ඉහළ මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පොළට පැමිනෙන්නේ ආරක්ශිත ප්‍රති-දිලිසෙන තිරයක් (Anti-Glare Screen Protector) සමඟමයි. ඔබේ ජංගම දුරකථනයේ ඒක නැත්නම් හැකි ඉක්මනින් එය අරගන්න. සාමාන්‍යයෙන් ප්‍රති-දිලිසෙන තිර මිල අධික නෑ. මේවායින් කෙරෙන්නේ ඔබේ ඇස්වලට ජංගම දුරකථනයෙන් ලැබෙන
අහිතකර නිල් ආලෝකයේ ප්‍රමාණය අඩු කරන එකයි. ඒකෙන් ඔබේ ඇස් වලට විශාල වෙනසක් ලැබෙන ආකාරය භාවිතයෙන්ම ඔබට දැනෙයි. එහෙමත් නැත්නම් Bluelight Filter ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අහිතකර නිල් එළියෙන් ඇස් ආරක්ශා කර ගන්නත් පුළුවන්. හැබැයි ඇප් වලින්, ආරක්ශිත තිරයක තරම් ප්‍රථිඵලයක් ලැබෙන්නේ නම් නෑ.

2. ඇස් වසා ගන්න / ඇස් වතුරෙන් තෙමන්න

සාමාන්‍යයෙන් ඔබ ඩෙස්ක්ටොප් එකක් භාවිතා කරනකොට අතරමැදදී නිතර නිතර ඇස් දෙක වහලා ටික වෙලාවක් ඉන්න එක ඉතාම හොඳයි. හැබැයි ඔබ ජංගම දුරකථනය භාවිතා කරද්දී ඒ දේ අනිවාර්‍යෙන්ම කරන්න අත්‍යවශ්‍යයි. එක දිගට තිරයක් දිහා බලන් ඉන්නකොට ඔබේ ඇස් වේලීමට ලක් වන නිසා ඇස් දෙක තෙතමනය ට ලක් වීම සඳහා
ඉඩක් ලැබෙන්නේ නෑ. ඊට අමතරව ඔබේ දෑස් වලට වතුර ඉසිමින් තෙත් කරනවා නම් ජංගම දුරකථන වලින් ඇස් වලට එන අහිතකර කිරණ වලින් ආරක්ශා කරගන්න පුළුවන්.

3. 20/20/20 රීතිය අනුගමනය කරන

මිනිස් ඇස නිර්මාණය වෙලා තියෙන්නේ කෙටි දුරක් දිහා බලන් ඉන්නම නෙමෙයි. ඔබ පැය ගණනක් සමීපව යමක් නරඹන කොට, පොතක් කියවනකොට ඇස් දෙක අස්වාභාවික ලෙස හැසිරෙන්න පටන් ගන්නේ ඒකයි. ඒ නිසා තත්පර කිහිපයකට හෝ මිනිත්තු කිහිපයකට සැරයක් කෙටි දුරක් සහ දිගු දුරක් අතරට ඔබේ පෙනීම හුවමාරු කරන්න උත්සහ කරන්න. “20/20/20 රීතිය” අනුගමනය කිරීම අදාළ වෙන්නේ එතකොටයි. ඒ කියන්නේ ජංගම දුරකථන භාවිතයේදී සෑම විනාඩි විස්සකට සැරයක්ම අවම වශයෙන් අඩි විස්සක දුරක් තත්ත්පර විස්සක් වත් බලන් ඉන්න ඕනේ කියන එකයි. ඊටත් වඩා හොඳයි, සෑම විනාඩි හතළිහකට හෝ පනහකට පසු දුරකථන තිරයෙන් විනාඩි දහයක් හෝ පහළොවක් විවේක ගන්න එක.

4. හිතකර විදිහට ෆෝන් සෙටින්ග්ස් හදන්න

Brightness, contrast, සහ text size එක සෙටින්ග්ස් වලට ගිහින් ඇසට හිතකර විදිහට සකසා ගන්න. මොකද මේ අංග තුනම ඔබේ පෙනීමට බලපෑම් එල්ල කරනවා. නැත්නම් දීප්තිය ස්වයංක්‍රීයව සැකසීමට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නත් ඔබට පුළුවන්. අඳුරු පරිසරයකදී දුරකථනය භාවිතයෙන් වෙන හානි අවම කරගන්නත් එතකොට පුළුවන්. විශේෂයෙන්ම සම්පූර්ණයෙන් අඳුරු පරිසරයකදී දුරකථන භාවිතා කරන්නම එපා. ඊට පස්සේ දුරකථනයේ අකුරු වල විශාලත්වය ටිකක් වැඩි කරගන්න. මොකද පොඩි ප්‍රමාණයේ අකුරු වලින් ඇස් වෙහෙසට පත්වන අතර නැරඹීමට අවශ්‍ය දුර ද අඩු කරයි.

5. තිරය නිතරම පිරිසිඳුව තියාගන්න

ඔබේ අතැඟිලි නිරන්තරයෙන්ම ජංගම දුරකථානය මතම රැදිලා තියන නිසා ඒකේ පිරිසිදුකම පිළිබඳව වැඩි අවධානයක් දක්වන්නම ඕනේ. මෙම අපිරිසිඳුකම ඔබේ ඇස් වලටත් බලපානවා. ඒ නිසා මෘදු රෙද්දක් අරගෙන ඔබේ තිරය නිතිපතා පිරිසිඳු කරන්න.

6. නිවැරදි දුරක් තබා ගන්න

ඔබේ ඇස් දෙක ස්මාර්ට් ජංගම දුරකථනයට වෛර කිරීමට තවත් පොදු හේතුවක් වන්නේ ඒක ඇස් වලට ඉතා සමීපව තබාගෙන පාවිච්චි කරන නිසයි. හැකි සෑම විටම, ඔබේ ජංගම දුරකථනය හෝ ඉලෙක්ට්‍රොනික් උපාංගය අඟල් 16 සිට 18 දක්වා දුරකින් තබා ගැනීමට උත්සාහ කරන්න. ඒක දුරජථන භාවිතා කරන්න ඕනේ ප්‍රශස්ත දුර විදිහට සැළකෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1388 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:14 AM
Script:/article/1388/protect-your-eyes-from-smart-phone-use.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:15 AM
Script:/article/1388/protect-your-eyes-from-smart-phone-use.html