ඔයාගේ ආදරය සහ සෞඛ්‍යය අතර තියෙන සම්බන්දකම ගැන දැනුවත්ද?

December 3, 2018
6,141
Do you know the interconnectivity of love and your health
හැම කෙනෙක්ම වගේ ආදරය කරන්න වගේම ඊටත් වඩා ආදරයක් ඔයාගේ පෙම්වතාගෙන් ලබන්න කැමතියි. ඒ වගේම තමා පිරිමි පාර්ශවයත් බලාපොරොත්තු වෙනවා එයාලා ගැන හොයලා බලන කියන දේ අහන පෙම්වතියකට වගේම තමාට පණ වගේ ආදරේ කරන ගැහැනියකට.  ආදරය ඉතාමත් සොදුරු වගේම මිහිරි දෙයක්. ඔයත් ආදරය අත් විඳලා ඇති කෙනෙක් නම් ඔයාට වටිනා ආදරයක් ලැබුණාම ඔයාගේ මනස සතුටු කරන සහ සිතට සහනය ගෙන දෙන හැගීම් දැනිලා ඇති. අද හැඩකාරී අපි කතා කරන්න යන්නේ ආදර හැඟීම් කොහොමද ඔයාගේ නිරෝගීකමට බලපාන්නේ කියලා.

ශාරීරික වේදනාවන් නිදහස් කිරීමට  

ආදරය කරන කොට සතුටුදායක හැගීම් රාශියක් එකතු කරලා දෙනවා. ආදර හැඟීම් අපේ මනසේ ඇති වෙනකොට අපේ ශරීරයේ ඔක්සිටොක්සින් හෝමෝනය නිපදවනවා. එමගින් සිරුරේ වේදනාව අඩු කිරීමට හෝ වේදනාව නැති කිරීමට මනස සන්සුන් කිරීමට හැකියාව තිබෙනවා.  ඔක්සිටොක්සින් නිපදවන්නේ මොළය මගින් වන අතර හිසේ කැක්කුම් වැනි වේදනාවන් සමනය කිරීමට පුළුවන් විනාඩි 20ක් පමණ කාලයක් ඔයා ඔයාගේ පෙම්වතාව වැළදගෙන සිටීමේදී ඔක්සිටොක්සින් ඉබේටම නිපදවෙනවා ඔයා ඔයාගේ පෙම්වතාගේ ඡායාරූපයක් දෙස බලා සිටින විටදී සුළු වේදනාවක් නම් 40% කිනුත් දැඩි වේදනාවක් නම් 20%කිනුත්  සමනය වෙනවා. ඔයාගේ පෙම්වතා වේදනා නාශකයක් ලෙසත් සිතට සැනසීම ගෙන දෙන මාධ්‍යකි. ආතරයිටිස් සහ කොන්ද පෙරලීමේ වේදනාව ආදරය මගින් එහෙමත් නැති නම් ලිංගික සබඳතා මගින් සමනය කිරීමට හැකියාව තියෙනවා.

හදවත ආරක්ෂා කිරීමට ආදරය උපකාරයක්

ඔයාගේ මනසට පීඩාකාරී වේදනාවන් ඇති වන විට ඔයාගේ හදවතටද ඒ වේදනාවන් මගින් හානි සිදු වෙනවා. ආදරය මගින් හදවත් අවධානම් තත්වයන්ගෙන් මුදවනවා වගේම සිරුර තුල නිපදවෙන රසායනිකයන් මගින් රුධිර පීඩනය අඩු කරනවා. මානසික විඩාවන් නැති කර ආත්ම ශක්තිය වැඩි කර විඩාවන් සමනය කිරීමට ආදරයට හැකියාව තියෙනවා.

සුව නින්දක් ලැබීමට ආදරය උපකාර කරනවා

ඔක්සිටොක්සින් වලට අමතරව Endorphins කියන හෝමෝනය ආදරය ලැබීමේදී සිරුර තුල නිපදවෙනවා නිසා ඔයාට ඇති වෙන ආතතිය නැති කර ස්වභාවික විවේකයක් අත් කර දෙනවා. රාත්‍රී නින්ද ඔයාට හොඳින් ලැබෙනවා. ඔයාට ඔයාගේ ආදරය සාර්ථක කර ගන්න හැකි නම් ඔයාත් සෞඛ්‍ය සම්පන්නයි.

ආදරය ඔයාගේ ආයුෂ දීර්ඝ කරනවා

ඔයාලා දෙන්නා හැම වෙලාවේම රණ්ඩු සරුවල් නොකර සතුටින් ආදර හැඟුම් වලින් ජීවත් වෙන දෙදෙනෙක් නම්, ඔයාලා දෙන්නගේ ආයුෂ වැඩි වෙනවා. ඊට හේතුව ඔයාලා දෙන්නම රෝග වලට ගොදුරු වීම් මානසික ආතතියට ගොදුරු වීම් ප්‍රතිශතය අඩුයි.

අහිතකර ඇබ්බැහි විම් වලින් ආරක්ෂා කරනවා

අබිං මත්පැන් සහ මත්ද්‍රවය වලට ඇති ඇබ්බැහි වීම් වලින් ආදරය ඔයාව ආරක්ෂා කරනවා. ඇබ්බැහි වීම් මගින් සිරුරේ සතුට ඇති කරවන Dopamine හෝමෝනය නිපදවන විට ආදරය කිරීම මගින් ඔක්සිටොක්සින් සහ Endorphins නිපදවෙන නිසා ආදරය ඇබ්බැහි වීම් වලින් යටපත් කරලා සාර්ථක සෞඛ්‍යයක් ලබා දෙනවා.

ආදරය ඔයාගේ සිත් තුල විශාල සතුටක් ඇති කිරීමට සමත් වෙනවා. ඉතින් ඔයාගේ ආදරයට ඔයා වටිනාකමක් එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1188 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:54 AM
Script:/article/1188/do-you-know-the-interconnectivity-of-love-and-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:54 AM
Script:/article/1188/do-you-know-the-interconnectivity-of-love-and-your-health.html