ගෑණු ළමයි ආසම දෙයක්නේ නියපොතු ලස්සනට, පිළිවෙලකට තියාගන්න එක. ඒ වගේම නියපොතු වලට ආකර්ෂණීය පෙනුමක් එකතු කරගන්න නම් අත්වල සම නීරෝගීව තබා ගන්න ඕනේ. ඒ වගේම නියපොතු වලට ඔබ ආලේප කරන නිය ආලේපන වලට සුදුසු වර්ණ තෝරගන්න විදිහ වගේම තෝරා ගත් නිය ආලේපන හරි ක්‍රමයට ආලේප කරන්නෙත් කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේමයි. මොකද එතකොට තමයි හොඳ නිමාවකින් යුතු අවසානයක් ඔබට ගන්න පුලුවන්. ඒ වගේම නියපොතු නීරෝගිමත්ව තබාගන්නේ කොහොමද කියලත් ඔබ දැනගෙන ඉන්න එක වටිනවා. මේ ලිපිය ඔබව ඒ ගැන දැනුවත් කරන්නයි.
නියපොතු පාටකර ගැනීමේදි ඔබ විවිධ පැහැයන්ගේ නිය ආලේපන ඒ සදහා භාවිතා කරනවා. නමුත් ඔබේ නිය වඩාත් සුන්දරව දිස් වන්නට නම් නිය සදහා පැහැයන් ගළපා ගැනීමත් කල යුතූයි.
ඔබගේ නිය කෙටිනම් තද පැහැයන් භාවිතා කිරීමෙන් වැළකිය යුත්තේ තද පැහැයන් නියපොතු කොටකර පෙන්වන නිසායි. ඔබ තද පැහැයක් ආලේප කරන්නේ නම් නිය කෙටි කර පෙන්වීම වළකා ගැනීම සදහා සුදුපාට තීරුවක් නිය පැත්තකින් ඉතිරි කර
නිය ආලේපන ගල්වන්න. නිය ආලේප ගැල්වීම නොකර ස්වභාවික ආකාරයටම තිබෙන නියපොතු ඔබට දිගුකර පෙන්වීමට අවශ්ය නම් නියතුඩු ඇතුල් පැත්ත වයිට් නේල් පෙන්සිල් එකකින් පාටකර ගන්න.
කුඩා නියපොතූ විශාල කර පෙන්වීමට අවශ්ය නම් දිලිසෙන හෝ ලෝහ වර්ණයන්ගෙන් යුත් (metallic colours) නිය ආලේපන පාවිචිචි කරන්න.
කාලය ඇති පමණ ගෙන නිය ආලේපන ගැල්වීම සිදු කිරීමට අපහසු කාර්යබහුල කාන්තාවන් දීප්තියෙන් අඩු පැහැයන් තෝරා ගැනීම සුදුසුයි. නිය ආලේපන ආලේප කරන විටදී සිදුවන අතපසුවීමි සහ පතුරු ගැලවීයාම් දීප්තියෙන් අඩු පැහැයේ නිය ආලේපන ආලේප කල විටදී පෙන්නුම් කරනුයේ ඉතා අඩු වශයෙන් බැවින් දිනපතා රැකියාවට යන යුවතියන්ට එවැනි නිය ආලේපන තෝරා ගත හැකියි.
එකදිගට නිය ආලේපන ආලේප කර තිබීම හේතූවෙන් (විශේෂයෙන් රතු වැනි තද පැහැයන් නිසා) ඔබේ නියපොතු කහ පැහැයක් ගෙන තිබේ නම් බෆින් ස්ටික් එකකින් නිය අතුල්ලා මැද ගන්න. එවිට නිය මතුපිට සෛල තට්ටුව එමගින් ඉවත් වී කහ පැහැය නැතිවී යයි.
නමුත් එමගිනුත් කහ පැහැය ඉවත් නොවූයේ නම් ලෙමන් යුශ වල විනාඩි දෙක තූනක් නියපොතු පෙගෙන්නට තබන්න. පසුව අත් හොඳින් සෝදා හෑන්ඩ් ක්‍රීම් මදක් වැඩිපුර අත්වලට ගා ගන්න.
* නියපොතූ සදහා රාත්‍රියට කරගත හැකි සත්කාරයකි මේ…
ඔලිව් තෙල් ටිකක් භාජනයකට දමා ළිප තබා යන්තමට රත් කරන්න. නියපොතු සහ අත් එම තෙල්වල විනාඩි දෙක තූනක් පොඟවා ගන්න. පසුව වැඩිපුර තෙල් පිසදාගෙන අත් වලට තදවන පරිදි ග්ලවුස් දමාගෙන පැයක් පමණ සිටින්න. මෙමගින් නිය ශක්තිමත් වීමත් වියළීම වළකා ගැනීමටත් හැකි වෙනවා.