ඔයාගේ body shape එකට ගැළපෙන විදිහේ ඇඳුම් තෝරන්නේ මෙහෙමයි (පළමු කොටස)

August 29, 2018
15,300
How to find clothing for your body shape (part 01)
ඔයා උස, කෙට්ටු, මහත, මිටි කොයි විදිහේ සිරුරක් තියෙන කෙනෙක් වුණත් ඔයාගේ සිරුරට ආවේණික ලස්සනක් වගේම හැඩයක් තියෙනවා. ඔයා කොච්චර මිල අධික ඇඳුමක් ඇන්දත් වැඩක් වෙන්නේ නෑ සිරුරේ හැඩයට ගැළපෙන ඇඳුමක් ඇන්දේ නැති වුණොත්. තමන්ට ගැළපෙන ඇඳුම තෝරා ගත්තේ නැති වුණාම තමයි ගොඩක් දෙනෙක් කියන්නේ තමන්ට කොච්චර ඇඳුම් ඇන්දත් ලස්සන නෑ කියලා. හැම එක්නෙක්ගේම සිරුරේ ෂේප් එක එකම ආකාරයෙන් දක්නට ලැබෙන්නේ නෑ. සිරුරේ හැඩය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. අද Hadakari තුළින් අපි ඔයාට කියලා දෙන්නේ ඔයාගේ සිරුරේ ෂේප් එකට ගැළපෙන විදිහේ ඇඳුමක් තෝරා ගන්නේ කෙහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාගේ සිරුරේ ෂේප් එක මොකක්ද? ඒ ෂේප් එකට ගැළපෙන ගැළපෙන විදිහේ ඇඳුම් මොනවද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

An Apple-shaped Body (ඇපල් ගෙඩියේ හැඩය)



ගොඩක් දෙනෙක්ගේ සිරුරේ දක්නට ලැබෙන තියෙන ෂේප් එකක් තමයි ඇපල් හැඩයේ ශරීරය. මෙවැනි හැඩයක් ඔයාගේ සිරුරට තියෙනවා නම් ඔයා ඇඳුම් තෝරා ගැනීමේදී ඉඟටිය පිළිබඳව අවධානය යොමු කරලයි. apple-shaped සිරුරක විශේෂත්වය වෙන්නේ ඉණ ප්‍රදේශයෙන් ඔයාගේ සිරුර ටිකක් විශාලව පේනවා. විශේෂයෙන්ම ඔයාගේ ඉණ ප්‍රදේශයට පහළ කොටස සිහින්ව දිස් වෙනවා. ඉතිං ඒ නිසා ඔයාගේ සමස්ත සිරුරම ලස්සනට පේන්න නම් ඔයා ඔයාගේ සිරුරේ ෂේප් එකට ගැළපෙන ඇඳුමක් තෝරාගත යුතුයි.

මෙවැනි සිරුරක් තියෙන ඔයා අඳින්න ඕන උදරය ප්‍රදේශය සහ ඔයාගේ උකුළ ප්‍රදේශය ආවරණය වන ආකාරයේ ඇඳුම්. විශේෂයෙන්ම වී-නෙක්(V-Neck) ටී ශර්ට් සහ A-ලයින් සායවල් ඔයාට හොඳින් ගැළපෙනවා. ඔයා ජින්ස් එකක් අඳිනවා නම් කකුළේ ප්‍රමාණයටම ගැළපෙනම (හිර) විදිහේ tight ඩෙනිම් අදින්න එපා. එතකොට ඔයාගේ සිරුරේ හැඩය පේන්නේ කොටස් දෙකකට. එය ඔයාට ලස්සනක් එකතු කරන්නේ නෑ. ඔයා ජීන්ස් අඳිනවා නම් උඩ කොටසට ඇඟට හිර නැති විදහේ බ්ලව්ස් එකක් අඳින්න. ඔයාට පුළුවන් ඉනට උඩින් තියෙන ජැකට් එකක් අඳින්න. එවිට ඔයාගේ සිරුර සමබර වෙලා පේනවා.

ඔයා ගවුමක් එකක් අඳිනවා නම් ඔයාගේ ඉණ ප්‍රදේශයෙන් සිරුර හැඩවෙලා පේන විදිහේ ගවුමක් තෝරා ගන්න. එයින් ඔයාගේ ඉණේ හැඩය ඉස්මතු වෙලා පේනවා. ඇඟට ටිකක් වැඩියෙන් තියෙන ගවුමක් නම් ඔයා අඳින්නේ මේ වගේ වෙලාවට බෙල්ට් එකක් භාවිත කරලා ඉනේ හැඩය ලබාගත හැකියි. සුදු පැහැති ජීන්ස් සහා පෙන්සිල් කටි කලිසම් ඇදීම වැඩිය සුදුසු වෙන්නේ නෑ.

A Pear-shaped Body (පෙයාර්ස් ගෙඩියේ හැඩය)



පෙයාර්ස් පළතුර ඔයා හොඳින්ම හඳුනනවානේ. ඉතිං මේ පේයාර්ස් පළතුරේ හැඩයටත් බොහෝ දෙනෙක්ගේ ශරීර හැඩය තියෙනවා. මෙවැනි සිරුරක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සිරුරේ උඩ ප්‍රදේශය සිහින් වගේම ඉනෙන් පහළ ප්‍රදේශය ටිකක් විශාලව පේනවා. ඉතිං මේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තමයි ඇඳුම් තෝරාගත යුත්තේ.

ඔයාගේ සිරුරේ හැඩය සමබර කරන ආකාරයේ ඇඳුම් ඇඳීම ඉතාමත් වැදගත්. ස්කාෆ්, ජැකට් වගේම තරමක් පෙනුම තියෙන ආභරණ පැළඳීම ඉතාමත් වැදගත්. ඔයා ජින්ස් අඳිනවා නම් කකුල්වලට හිර වන ආකාරයේ ජින්ස් වර්ග අඳින්න එපා. ඒ වගේම මෙවැනි සිරුරක් නම් ඔයාට තියෙන්නේ පෙන්සිල් කට් වර්ගයේ ස්කර්ට් අඳින්න එපා. විශේෂයෙන් මෙවැනි සිරුරකට A-ලයින් සායවල් හොඳින් ගැළපෙනවා. විශේෂයෙන්ම සිරුරේ උඩ කොටස හා ඉණෙන් පහළ ප්‍රදේශය වෙනස්ව නොපෙනන ඇඳුම් තමයි අඳින්න ඕන වෙන්නේ. ගවුමක් අඳිනවා නම් ඇඟට ටිකක් විශාලව තියෙන ගවුමක් තෝරා ගෙන ඉනේ හැඩය ඉස්මතු වෙලා පේන බෙල්ට් එකක් අඳින්න. වර්ණ තෝරා ගැනීමේදී තද වර්ණ වලින් යුතු ඇඳුම් තෝරා ගන්න. එවිට ඔයාගේ සිරුරේ විශාල බව ටිකක් අඩු වෙලා පේන්න පටන් ගන්නවා.

A Rectangular Body Shape (සෘජුකෝණාස්‍ර හැඩය)



ඔයාගේ සිරුර සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත වෙනවා නම් ඔයාටත් අඳින් පුළුවන් ඇඳුම් ඕන තරම් වෙළෙදපොළේ තියෙනවා. අත්‍යාවශ්‍යම දේ වෙන්නේ තමන්ගේ සිරුරේ හැඩය මනාකොට හඳුනා ගනිමින් ඇඳුමක් තෝරා ගැනීමයි. මෙවැනි සිරුරක විශේෂත්වය වෙන්නේ සිරුරේ හැඩය අඩුවෙන් තිබීමයි. ඉතිං මෙවැනි අවස්ථාවක ඔයා අඳින ඇඳුමෙන් සිරුරේ ෂේප් එක ඉස්මතු වෙලා නොපෙනීම අත්‍යාවශ්‍යයි. එහෙත් සිරුරට විශාල ඇඳුමක් ඇඳීම ප්‍රමාණවත් වෙන්නේ නෑහැ. ජැකට්, ටොප්ස් හා ස්කර්ට් මෙවැනි සිරුරක් තියෙන අයට හොඳින් ගැළපෙනවා. ඔයා ගවුමක් අඳින්වා නම් ඇඟට හිරවන ආකාරයේ ගවුමක් අඳින්න එපා. එවිට ඔයාගේ ස්රුරේ ෂේප් එක පේනවා. අඟට විශාල ගවුමක් ඇඳලා බෙල්ට් එකක් අඳින්න. එයින් ඔයාගේ සිරුරට හැඩයක් එකතු වේවී.

An Hourglass Shape



මෙවැනි අවස්ථාවක ඔයාගේ සිරුර උකුළ ප්‍රදේශයෙන් ඉතාමත් හැඩට පේනවා. විශේෂයෙන්ම ඔයාගේ සිරුරේ උඩ කොටස තරමක් සිහින්ව තමයි මෙවැනි අවස්ථාවක දක්නට ලැබෙන්නේ. මෙහෙම ෂේප් එකක් නම් ඔයාගේ සිරුටත් තියෙන්නේ ඔයා අඳින්න ඕන ඉණ ප්‍රදේශය ගැන අවධානය යොමු කරලා තෝරා ගත්ත ඇඳුම්. මෙවැනි සිරුරක් තියෙනවා නම් යට ඇඳුම් පවා තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතුයි. V-neck tops, pencil skirt සහ shirt මෙවැනි සිරුරකට වඩාත් හොඳින් ගැළපෙනවා. මේ හැඩයේ සිරුරකට නිවැරදි තෝරා ගැනීමකින් යුතුව ඇඳුමක් ඇන්දොත් වඩාත් ආකර්ශණීයව පේන්න පටන් ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1050 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:59:26 AM
Script:/article/1050/how-to-find-clothing-for-your-body-shape-part-01.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:59:27 AM
Script:/article/1050/how-to-find-clothing-for-your-body-shape-part-01.html