Jumpsuit එකක් ඔබේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තෝර ගන්නේ මෙහෙමයි

October 8, 2020
9,937
How to choose a jumpsuit for body type
රැකියාවට, සාදයකට, සංචාරයකට හෝ එදිනෙදා ගමනකට බිමනකට අද කාලයේ තරුණියන් අඳින්න කැමතිම විලාසිතාවක් තම‍යි ජම්ප් සූට් කියන්නේ. මේ වෙද්දී ඒ විලාසිතාව ලෝකයේ වගේම අපේ රටේ ද ජනප්‍රියයි. මේ විලාසිතාවයේ තියන සුන්දරත්වය නිසාම ගොඩක් තරුණියන් උත්සහ කරනවා ජම්ප් සූට් එකක් ඇඳලා බලන්න. ඉතින් අපි අද ඔබට කියන්නම් ඔබේ ශරීර හැඩයට අනුව නිවැරදි ජම්ප් සූට් එකක් තෝර ගන්නේ කොහොමද කියලා.

ඔබ උස නම් : පළල් කකුල් සහිත ජම්ප්සූට් එකක් ගැලපෙනවා

සුභ පැතුම්! ඔබට හොඳ උසක් තියෙනවා නම්, සාමාන්‍යයෙන් ජම්ප් සූට් එක නිමැවුණු රෙදි වර්ග බොහොමයක් ඔබට ගැලපෙනවා. සෑම විටම ජම්ප් සූට් එකේ ඉන සිට කකුලේ වාටිය දක්වා ඇති උස ගැන සැලකිළිමත් වෙන්න. ජම්ප් සූට් එක විළුඹ වැසෙන්න හෝ ඊට දිග උනාට කමක් නෑ. එහෙම අඳින්න අකමැති හෝ අපහසු නම්, ඇන්කල්-ක්‍රොප් කියුලට් (ankle-cropped culotte) එකක් අඳින්න.










ඔබ උසින් අඩු නම්: සිහින්, දිගින් අඩු ජම්ප් සූට් එකක් උත්සාහ කරන්න

ඔබට කුඩා සිරුරක් නම් තියෙන්නේ, රෙදි ගොඩකින් නිමැවුනු ඇඳුමක් ගැලපෙන්නේ නෑ. ඔබේ සිරුරේ සුන්දරත්වය රැකගන්න නම්, ඔබ සිහින්, සිරුරේ හැඩය කැපීපෙනෙන කට් එකක් සහිත ජම්ප් සූට් එකක් තොර ගන්න ඕනේ. අනිත් දෙය, ඔබ ප්‍රින්ටඩ් මෙටීරියල් එකක් තෝරගන්නවා නම්, ඉහල සිට පහලට වෙනකම් ඒකාකාරීව විහිදුණු රටාවක් ඇති රෙදි වර්ගයකින් නිම වූ සූට් එකක් තෝර ගන්න. මෙයින් ඔබේ උස ටිකක් වර්ධනය කරලා පෙන්වනවා.








ඔබට ඇත්තේ පුලුල් උකුලක් නම්:

ඔබේ උකුල පළල් නම් එය සඟවන්න ඕනේ නෑ. උකුලට ඇතිවෙන අවධානය වලක්වන්න, ඕෆ්ශෝල්ඩර් (Off-shouder) ජම්ප් සූට් එකක් හොඳ විකල්පයක්. ඒ වගේම ජම්ප්සූට් එකේ කකුල් පලල් හෝ ස්ට්‍රේට් කට් එකක් සහිත එකක් තෝරා ගන්න.








ඔබට ඇත්තේ ඇපල් හැඩැති සිරුරක් නම්:

උරහිස් පළල, ඉන ප්‍රදේශයත් පළල කෙනෙකුට ජම්ප්සූට් එකක් තෝරා ගැනීමේදී ඉන ගැන අවධානයක් දෙන්න ඕනේ. ඉනට පටියක්, බෙල්ට් එකක් හෝ ඉලාස්ටික් එකක් ඇති ජම්ප්සූට් එකක් හොඳින් ඔබට ගැලපෙනවා. ජම්ප්සූට් එකේ කකුල් ස්ට්‍රේට්-කට් උනා නම් හොඳයි. V-neck එකකින් තවත් ඔයාගේ සිරුර ලස්සනට පෙන්වන්න පුලුවන්.








ඔබට විශාල පපුවක් තිබෙනවා නම්:

ටිකක් විශාල පපු ප්‍රදේශයක් තියනකොට ඒක ටිකක් වසන් කරන්න නේ ගොඩක් තරුණියන් උත්සහ කරන්නේ. ඒ නිසා පපු ප්‍රදේශය තද වෙන විදිහට ඇඳුම් අඳිනවා. නමුත් ඒකෙන් වෙන්නේ ඇත්ත වශයෙන්ම හුස්ම ගන්න අපහසු වෙන එකයි. ඒ වෙනුවට ඔබට පුලුවන් (ඉතා ගැඹුරු නොවන) V- හැඩයේ කර ප්‍රදේශයක් සහිත V-neck ජම්ප්සූට් එකක් අඳින්න. ජම්ප්සූට් එකේ කකුල් ස්ට්‍රේට්-කට් වන එක හොඳයි. ඒවගේම හැකිනම් කෙලින් ඉරි සහිත රෙදිවලින් නිමැවූ ජම්ප්සූට් එකක් තෝරා ගන්න.








ඔබට කුඩා පපුවක් තිබෙනවා නම්:

සරළ රැළි ඩීටේල් එකකින් එය වහන්න පුලුවන්. එයින් ඔබේ පපු ප්‍රදේශයට හොඳ පරිමාවක් එක් කරන්න පුලුවන්.









Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,495
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,009
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed