30ට කලින් මේ හැම දේම කරන්න. පස්සේ පසුතැවෙන්න එපා.

April 20, 2017
73,101
20 Things Every Woman Should Do Before She Turns 30
කාන්තාව වයස ගැන කතා කරන්න අහරිම අකමැතියි නේ. හැමදාම තරුණ වෙලා ඉන්න තමයි කව්රුත් කැමති. හැබැයි වයසට යන එක වලක්වන්න කාටවත්ම බෑ. වයස අවුරුදු 30ක් වෙනකොට හැම කාන්තාවක්ම කරලා තියෙන්නේ ඕනේ වගේම කල යුතු දේවල් වගයක් ඇතුලත් ලිස්ට් එකක් ලැබුනා. ඉතින් මම හිතුවා එය ඔබත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා. කියවලා බලන්න මේ දේවල් වලින් ඔබ කරලා තියෙන්නේ මොනවද. කරලා නැත්තේ මොනවද කියලා.

අවුරුදු 30ක් සම්පුර්ණ වෙද්දී ඔබ,

01. අයෙමත් පරණ කාලයට ගිහින් ජිවත් වෙන්න පුළුවන් නම් කියලා හිතෙන පෙම්වතෙක් සහ ඔබ කොයි තරම දුර ඔහුත් එක්ක පැමිණියාද කියලා තේරුම් ගන්වන පෙම්වතෙක්ගේ හිමිකාරිනියක් වෙන්න ඕනේ.

02. ඔබ විසින්ම උපයා ගත් මුදලින් මිලදී ගත් එකම එක ගෘහ භාණ්ඩයක හෝ හිමිකාරිය වෙන්න.

03. පැයක් ඇතුලත ලෑස්ති වෙලා, හදිසියේ යන්න වුනු ගමනකට අඳින්න ලස්සනම ඇඳුමක් ළඟ තියා ගන්න.

04. හොඳ වර්ගයේ අත් බෑගයක් ඔබේම මුදලින් මිලදී ගන්න.

05. හිත සතුටින් මතකය අමතක කරන්න පුළුවන් තාරුණ්යයක හිමිකාරියක් වන්න.

06. වයසට ගිහාම හැමදෙනා එක්කම සතුටින් කතා කරන්න පුළුවන් අතීතයක ආඩම්බරකාරියක් වෙන්න.

07. වයසට යනවා කියන අවබෝධයෙන්, ඒ කාලේදී පාවිච්චියට ගන්න පුළුවන් විදිහට යම් මුදලක් ඉතිරි කර ගන්න.

08. ඔබටම පමණක් භාවිතා කල හැකි විද්යුත් තැපැලක් සහ බැංකු ගිනුමක අයිතිකාරියක් වන්න.

09 .ඔබට නිදහසේ අඬන්නත්, හිනාවෙන්නත් පුළුවන් යහළුවෙක් තියා ගන්න.

10. හිතේ සතුටින් කරන්නට පුළුවන් රැකියාවක් සහ සුන්දර සම්බන්ධතාවයක් ඔබේම කර ගන්න.

11. තමන්ට තමන්ව නැති කර ගන්නේ නැතිව කෙනෙක්ට ආදරය කරන්නේ කොහොමද කියාලා දැනගෙන ඉන්න.

12. දරුවන් ලබන්න ඕනෙද නැද්ද කියන දේ තීරණය කරන්න.

13. රස්සාවකින් අස් වෙන්නේ කොහොමද, සම්බන්ධතාවයක් බිඳ වැටුනොත් ඒක දරන්නේ කොහොමද කියන දේ ගැන නිසි අවබෝධයකින් ඉන්න.

14. ඕනෙම දෙයක් වෙනුවෙන් සම්පුර්ණ ජවය යොදලා කැපවිය යුත්තේ කොහොමද සහ එය අත්හල යුත්තේ කොයි අවස්ථාවේදීද කියලා දැනගන්න.

15. රටේ වැදගත් ස්ථාන, ඔබ ජිවත්වන ගමේ නගරයේ වැදගත් ස්ථාන පිලිබඳ සම්පුර්ණ අවබෝධයක් ලබා ගන්න.

16. ඔබේ ළමා කාලය සුන්දරම ළමා කාලයක් නොවුනත්, එය දැන් පසුවී ඇති බව වටහා ගන්න.

17. ඔබට ඔබගේ දෙමව්පියන්ව වෙනස් කිරීමට නොහැකි බව තේරුම් ගන්න.

18. විශ්වාස කලයුත්තේ කාවද නොකල යුත්තේ කාවද යන වග අවබෝධයෙන් ඉන්න.

19. ඔබ තනිවම ජිවත් වීමට කිසිම අදහසක් නැති කෙනෙක් වුනත් එහෙම කල යුතුම අවස්ථාවක, ඒ වෙනුවෙන් සුදානම්ව ඉන්න.

20. ජීවිතය පටන් ගන්නේ අවුරුදු 30න් කියලා කව්රුත් කියන්නේ ඇයි කියන කාරනාව අවබෝධ කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 225 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:12:07 PM
Script:/article/225/20-things-every-woman-should-do-before-she-turns-30.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:12:07 PM
Script:/article/225/20-things-every-woman-should-do-before-she-turns-30.html