අධිශීතකරණයේ තැන්පත් කිරීමට නුසුදුසු ආහාර වර්ග

September 27, 2021
5,500
Foods you should not put in the freezer
අප බොහෝ ආහාර වර්ග අධිශීතකරණයේ තැන්පත් කිරීමට පුරුදුව සිටිනවා.. නමුත් ඔබ දන්නවාද එසේ කිරීමෙන් එම ආහාරවල රසය සහ පෙනුම ආදිය සඳහා බලපෑම් ඇතිවන බව.. එසේනම් අධි ශීත කිරීමට නුසුදුසු ආහාර වර්ග මොනවාද..?

1. පිපිඤ්ඤා සහ කොමඩු, දොඩම්
පිපිඤ්ඤා සහ කොමඩු, දොඩම් වැනි ජලය වැඩිවශයෙන් අඩංගු පළතුරු සහ එළවලු ශීත කිරීමෙන් ඒවා ඉක්මනින් තෙත් සහිත සහ දිය ස්වභාවයට පත්ව නැවුම් ස්වභාවය අඩුවනවා.. සලාද වඩාත් රසවත් කරගැනිමට අවශ්‍ය නම් ඒවා ශීත කිරීමෙන් තොරව ඉන් පිටත ගබඩා කරන්න.. නමුත් ඔබ ඇස් යට අවපැහැය අඩු කර ගැනීම සඳහා පිපිඤ්ඤා පෙති ඇස් යට තබනවා නම් ඒවා මද වේලාවක් ශීතකරණයෙ තබාගන්න.

2. පිසින ලද පැස්ටා
පැස්ටා වර්ග හොඳින් තම්බා ශීත කිරීමෙන් පසුව ශීතකරණයෙන් පිටතට ගත් පසු දිය ගතිය වැඩි වන අතර ආහාරයට ගැනීමට අපහසුවනවා.

3. කෝපි
කෝපි ඇට හෝ කුඩු ශීතකරණයේ ගබඩා කිරීම එය ඝණ වීමට ඉඩ තිබෙන අතර රසය වෙනස් වීමේ ඉඩ තිබෙනවා. නමුත් විවෘත නොකළ කෝපි ඇට හෝ කුඩු ඔබට ශීතකරණයේ මාසයක් පමණ ගබඩා කර තැබිය හැකියි.

4. බදින ලද ආහාර
බදින ලද ආහාර ශීතකරණයේ තැබීමෙන් එහි ක්‍රිස්පි ස්වභාවය අතුරුදහන් විය හැකියි.. එමනිසා බදින ලද ආහාර ශීතකරණයෙන් පිටත හුළං නොවදින සේ ගබඩා කිරීම වඩාත් සුදුසු වනවා.

5. කිරි
කිරි අධි ශීත කිරීමෙන් ඒවා අයිස් බවට පත්වන අතර නැවත ඉක්මනින් පානය කිරීමට අපහසු වනවා.. එසේ නොමැති නම් කිරි දිය වී නැවත යථා ස්වභාවයට පත්වීමට පැය ගණනක් ශීතකරණයෙන් පිටත තැබිය යුතුයි.


6. බිත්තර
නැවුම් බිත්තර අධි ශීතකරණයේ තැබීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.. අධි ශීත කිරීම මගින් බිත්තර ඉරිතැලීම සිදුවන අතර ඒවාට විවිධ විෂබීජ ඇතුලුවීමටද ඉඩ තිබෙනවා. එමෙන්ම පිසින ලද බිත්තරද අධි ශීතකරණයේ තැබීම සුදුසු නොවේ.

7. අලිගැටපේර
ඉදුණු අලිගැටපේර ක්‍රීම් ස්වභාවයකින් යුතු අතර අධි ශීත කිරීමෙන් එහි රසය සහ අවභාවය සපුරා වෙනස් වනවා. එමනිසා අලිගැටපේර ශීතකරණයෙන් පිටත තැන්පත් කරන්න.

8. මිදි
මිදි අධි ශීතකිරීමෙන් ඒවා අයිස් මෙන් මිදෙන අතර ආහාරයට ගැනීම අපහසු වන අතර ශීතකරණයෙන් පිටතට ගෙන ඉක්මනින් නරක් විය හැකියි.

9. චීස් වර්ග
රිකෝටා, එළු කිරි ආශ්‍රිත චීස් සහ ක්‍රීම් චීස් වර්ග අධිශීත කිරීමෙන් ඒවායේ වයනය සඳහා හානි වනවා. එමනිසා චීස් වර්ග සෑමවිටම සාමාන්‍ය ශීතකරණ කොටසේ තැන්පත් කරන්න. අධි ශීත කිරීමෙන් වළකින්න.

10. බියර්
බියර අධි ශීත කිරීමෙන් ඝන වන අතර එහි පදම වෙනස් වනවා.

11. ග්‍රීන් පෙපර්
ග්‍රීන් පෙපර්ද අධි ශීත කිරීමෙන් ඒවායේ රසය සහ වයනය වෙනස් වනවා.

12. මාෂ්මෙලෝස්
මාෂ්මෙලෝස් අධි ශීතකිරීමෙන් එහි රසය සහ හැඩය සම්පූර්ණයෙන් වෙනස් වන අතර ඔබට මාෂ්මෙලෝස් ලෙසට ආහාරයට ගැනීමට නම් නොහැකි වේවි.


13. කෙචප් වර්ග සහ මයොනිස්
කෙචප් වර්ග සහ මයොනිස් අධි ශීත කිරීම මගින් එහි ජලය සහ විනාකිරි වෙන්ව කැටි ගැසෙන බැවින් ඔබට අලුත් බෝතලයක් මිලට ගැනීමට සිදුවෙයි.. එමනිසා කෙචප් සහ මයොනිස් වර්ග සාමාන්‍ය ශීතකරණ කොටසේ තබන්න.

14. සලාද කොළ
සලාද කොල අධි ශීත කිරීමෙන් ඒවායේ නැවුම් බව නොමැති වන අතර ශීත ගතිය අඩුවන විට මැළවුනු ස්වභාවයක් ගන්නා අතර රසයද සැලකිය යුතු තරමක් අඩු වනවා.

15. යෝගට් සහ ඒ ආශ්‍රිත නිශ්පාදන
යෝගට්, සවර් ක්‍රීම්, බටර් මිල්ක්, ක්‍රීම්, කස්ටඩ් සහ අනෙකුත් කිරි නිෂ්පාදන අධි ශීත කිරීමෙන් පසු දියවන විට කිරි දියවී යන අතර එහි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.

16. අර්ථාපල්
අර්ථාපල් වැනි අලවර්ග අධි ශීත කිරීමෙන් ආහාරයට ගැනීමට නොහැකි වන අතර සෑම විට මෙවැනි ආහාර ශීතකරණයෙන් පිටත ගබඩා කිරීමෙන් කාලයක් තබාගත හැකියි.

17. ටින් කල ආහාර
ටින් කල ආහාර පාන කිසිලෙසකින් වත් අධි ශීත නොකළ යුතුයි.. එසේ කිරීමෙන් ඒවා ඇතුළත කැටිවී ප්‍රසාරණය වී ටින් එක පිපිරීමට ඉඩ තිබේ.

18. කුළු බඩු
ශීත කළ විට මිරිස්,තුනපහ, ගම්මිරිස්, සුදුළූණු සහ කරාබු නැටි වැනි වර්ගවල රසය වෙනස් වන අතර ඒවා වෙන් වෙන් වශයෙන් සුළං නොවදින ඇසුරුම් වල බහා තැබීම සුදුසු වනවා.

19. ජෙලි වර්ග
ජෙලි සාමාන්‍ය පරිදි සැකසීමට ඉඩ නොහැර අධි ශීතකරණයේ තැන්පත් කිරීම මගින් එහි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.


20. වයින්
වයින් ඔබට ශීතකරණයේ තැන්පත් කළ හැකි නමුත් අධි ශීත කිරීමෙන් එය කැටි ගැසීම සිදුවන අතර ඉක්මනින් නැවත් පානය අපහසු වන අතර රසයද වෙනස් වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2071 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:50:24 PM
Script:/article/2071/foods-you-should-not-put-in-the-freezer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:50:24 PM
Script:/article/2071/foods-you-should-not-put-in-the-freezer.html