ඔබ තුළ සැඟවුණු ලෙඩ රෝග ගැන කියන මුහුණේ ඉරියව්

April 26, 2018
12,505
Facial signs that tells about hidden illnesses
කෙනෙක්ගේ මුහුණ බලලා ඒ කෙනාගේ ගතිගුණ ගැන කියන්න බැරි වුනාට මුහුණේ ඉරියව් හා හැඩ හුරුකම් බලලා අපි තුල තියෙන ලෙඩ රෝග හඳුනා ගන්න පුළුවන් කියලා ඔයා මීට කලින් දැනගෙන ඉන්න නැතුව ඇති. ඒත් අපේ මුහුණ තුලින් දිස්වන ඇතැම් ලක්ෂණ අපි තුල යම් යම් රෝගී තත්ත්වයන් ඇතිව තියෙන බවට ඉඟි කරනවා. ඔබ තුළත් මේ කියන ලක්ෂණ දැක ගන්න ලැබුනොත් අනිවාර්යෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න.

දෙතොල් වල වියලි බව සමේ තෙතමනය අවම වූ බවට කියවෙන ඉඟියක් කියලා ඕනම කෙනෙක් දන්නවා. ඒත් ඒකට හේතුව ඒක විතරක්ම නෙවෙයි. විටමින් B හා යකඩ ඌනතාවය නිසා දෙතොල් වියළි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ ඇතිව ඇති දැඩි වියලි භාවයත් මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙනවා. විටමින් B හා යකඩ බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීම වගේම වැඩිපුර වතුර පානය කරන එකත් ඉතාමත් වැදගත්.

නළලේ රැළි සහිත බව ඔබ තුළ ආහාර ජීර්ණය සම්බන්ධව ගැටළු පවතින බවට කියවෙන සංඥාවක්. ආහාර ජීර්ණය පහසු කරවන ආහාර වර්ග ආහාර වේලට එකතු කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම මද රස්නය ඇති උණු වතුර වීදුරුවකට දෙහි යුෂ තේ හැඳි දෙකක් පමණ මිශ්‍ර කර සෑම උදෑසනකදිම පානය කරන්න.

කුරුලෑ ඇති වීම කියන්නේ තරුණ වයසේ ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක්. ඒක වයසත් එක්ක ඇති වන සාමාන්‍ය තත්ත්වයක් විදියට අපි හිතුවත් අසාමාන්‍ය විදියට ඇති වන කුරුලෑ යම් රෝගී තත්ත්වය පෙර ලකුණක් වෙන්න පුළුවන්. විශේෂයෙන් නළල ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස කුරුලෑ ඇති වීම අක්මාවේ හා උදරයේ අවහිරතා වැනි ශරීර අභ්‍යන්තරයේ ඇති යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා ඇති වෙනවා. වැඩිපුර වතුර පානය කිරීමත් කැෆේන් බහුල ආහාර වර්ග ලබා ගැනීම අවම කිරීමත් මඟින් මේ තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්.

ඇහිබැමි හා ඇස් වටා අඳුරු පැහැති රැලි ඇතිවීම මඟින් ඔබ දැඩි මානසික පිඩනයට ලක්ව ඇති බවත් ඔබ තුල ආහාර අසාත්මිකතා සිදු වී ඇති බවත් කියවෙනවා. ඇහිබැමි හා ඇස් වටා මෘදුව සම්භාහනය කිරීම මඟින් බාහිරින් පෙන්නුම් කරන ලද ලක්ෂණ අවම කර ගන්න පුළුවන් වුනත් අනිවාර්යෙන් ඔබ මානසික ආතතියෙන් මිදීමට කටයුතු කල යුතුයි. ඒ වගේම ඔබ තුල ආසාත්මිකතා ඇති කිරීමට හේතු වන අහාර ගැනීමෙන් වැළකීමත් ඉතා වැදගත්.

ඔබ දිගු කාලීනව යම් රෝගී තත්ත්වයකට ඖෂධ භාවිත කරනවා නම් ඒ ඖෂධ වල විෂ සහිත බව විවිධාකාරයෙන් ශරීරයෙන් පිට කරනවා. මුහුණේ හා සිරුරේ ඇති වන අඳුරු ලප කැළැල් කියන්නේ එහි එක තත්ත්වයක් විතරයි. වැඩිපුර වතුර පානය කිරීමත් කොළ පැහැති එළවලු හා පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමත් අනිවාර්යෙන් කළ යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 792 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:35 AM
Script:/article/792/facial-signs-that-tells-about-hidden-illnesses.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:35 AM
Script:/article/792/facial-signs-that-tells-about-hidden-illnesses.html