නූතන කාන්තාවක සතුව තිබිය යුතුම ඇඳුම් ආයිත්තම් 11

May 30, 2018
21,444
11 must-have items in a woman's wardrobe
1. කෙටි කළු ගවුමක්




ඕනෑම අවස්ථාවකට අඳින්න පුළුවන් දනහිසෙහි පමණට උස අත් නොමැති හෝ කෙටි අත් සහිත ප්ලේන් කළු ගවුමක් ඔබගේ අල්මාරියේ තියෙන්නම ඕනේ.
* Office Look - මේ ගවුම බ්ලේසර් එකක් දාලා මුතු මාලයක් පැළඳුවා නම් හරිම ලස්සනයි
* Party Look - දිගු මාලයක් හෝ දිගු කරාඹු යුගලක් සමඟ high-heels පළඳින්න

2. චාම් ලොම් කබායක් (Cardigans)




ඕනෑම පාටක අඳුමකට යන කබායක් ඔබ සතුව තිබිය යුතුමයි. කළු, ක්‍රීම් හෝ කළු පාටට හුරු නිල් වගේ පාට තමයි හොඳ.

3. සුදු අත් දිග ශර්ට්-ටොප් එකක්




ඔබ සාමාන්‍යයෙන් අඳින සයිස් එකට වඩා එකක් ලොකු සයිස් එකෙන් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ටිකක් වියදම් ගියාට කමක් නෑ හොඳ කල්පවතින රෙද්දකින් මහපු ශර්ට් එකක් ගන්න.

4. ෆ්ලැට් බැලේ (Ballet Flats) සපත්තු කුට්ටමක්




කිසි දිනක out-of-fashion යන්නෙ නැති ෆ්ලැට් සපත්තු පුලුවන් නම් පාට දෙක තුනකින් අරන් තියා ගත්තට පාඩු නෑ. ලෙදර්, කළු, රතු වගේ පාට ඕනෙම අඳුමක් එක්ක පළඳින්න පුළුවන්.

5. තද නිල් බූට් කට් ජීන්ස්




කිසි දිනෙක අවුට් ඔෆ් ෆැශන් යන්නේ නැති මේ ඩෙනිම් කලිසම හයි හීල්ස්, ෆ්ලැට්ස්, බූට්ස් ඕනෙම එකක් එක්ක අඳින්න පුළුවන්.

6. කළු බ්ලේසර් එකක්




ප්ලේන් කළු බ්ලේසර් එකක් අනිවාර්යයෙන්ම ඔබේ අල්මාරියේ තියෙන්නම ඕනේ. ගවුමකට, පෑන්ට්ස් වලට ජීන්ස්වලට ඕනෙම විදිහකට ඇන්දත් කළු බ්ලේසර් එකකින් ඒ පෙනුම ඔප් නන්වන්න පුළුවන්.

7. සැහැල්ලු වර්ණවත් සළුවක් (Scarf)




වැඩි දෙනෙක් වැඩිය හිතුවේ නැති උනාට scarf එකකින් ඔබේ පෙනුම තවත් stylish කරලා පෙන්නවා.

8. කළු හීල්ස් දෙකක්




අඟල් 2-3 කට වඩා උස නොවුන ඉදිරිපස රවුම් නොවුනු කළු හීල්ස් දෙකක් ඔනෑම තැනකට අඳින්න පුලුවන්.

9. කාකි කලිසමක්




කාකි කලිසමක් ඕනෑම ටොප් එකක් එක්ක අඳින්න පුළුවන්.

10.V-neck t-shirt එකක්




සාමාන්‍ය ප්ලේන් කළු, සුදු, අළු වගේ පාටකින් v-neck ටී ශර්ට් එකක් ඔබ සතුව තියෙන්නම ඕනේ.

11. කළු පෑන්ට්ස්




ඕනෙම ටොප් එකක් එක්ක අඳින්න පුළුවන්. මිලදී ගනිද්දී කකුලේ වලලු කර පමණට දිග එකක් තෝර ගන්න. මොකද අවස්ථාව අනුව ෆ්ලැට්ස් හෝ හීල්ස් සපත්තු එක්ක කළු කලිසම අඳින්න පුළුවන් නිසා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 836 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:09 PM
Script:/article/836/11-must-have-items-in-a-womans-wardrobe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:10 PM
Script:/article/836/11-must-have-items-in-a-womans-wardrobe.html