ඔයා අඳින සාරියට ගැළපෙන සාරී බ්ලවුස් එකක් මහන්නේ මෙන්න මෙහෙමයි

November 30, 2018
22,047
How to made the perfect spree blouse
කාන්තා ඇඳුම් විලාසිතාවලට නිමක් කොනක් නෑ කියලා හැඩකාරි අපි ඔයාට කීවොතින් ඔයා අනිවාර්යයෙන්ම අප එක්ක එකඟ වේවී. මොකද ඊයේට වඩා අද, අදටත් වඩා හෙට කාන්තා ඔබේ ඇඳුම් විලාසිතාවන් අලුත් වෙනවා. කොහොම වුණත් කාන්තා ඇඳුම් විලාසිතාවන් අතර සාරී විලාසිතාවත් ඉතාමත් විශේෂයි. ඔයාගේ රුචිකත්වයට අනුව ඔයා සාරීය ඇන්දත් ඔසරිය ඇන්දත් එහි අපුර්වත්වය ඉස්මතු වෙන්නේ ඔයාගේ සාරී බ්ලවුස් එක මගින්. මොකද ඔයාගේ සාරීයේ පෙනුම වැඩි කරලා පෙන්වන්නත් අඩු කරලා පෙන්වන්නත් ඔයාගේ සාරී ජැකට් එකට පුළුවන්. ගොඩක් වේලාවට කාන්තාවන් මේ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැති තරම්. මීට පෙර ඔයාට හැඩකාරී අපි කියලා දුන්නා ඔයාට ගැළපෙන සාරීයක් තෝරා ගන්නේ කොහොමද කියලා. ඉතිං අද අපි තීරණය කළා සාරී ජැකට් එකක් ඔයා මැසීමේදී එහෙමත් නැති නම් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඔයා එක්ක කතා කරන්න. හැමදාම ඔෆිස් යන්න සාරී අඳින ඔයාට වගේම උත්සවවලට, පාටිවලට යන්න සාරී අඳින්න පුරුද්දක් කරගත්ත ඔයාටත් අද හැඩකාරි අපි මේ ඉදිරිපත් කරන ලිපිය වැදගත් වේවි. ඉතිං ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ලස්සනට සාරී ජැකට් එකක් නිර්මාණය කර ගන්නේ කොහොමද කියලා.

සාරි ජැකට් එක මහන්න කලින් සිරුරේ හැඩය ගැන හිතන්න

සාරි ජැකට් එකක් මහන්න කලින් ඔයාගේ සිරුරේ හැඩය ගැන අවධානය යොමු කිරීම හරිම වැදගත්. ඔයා සිරුරෙන් මහත කෙනෙක් වුණත්, කෙට්ටු කෙනෙක් වුණත් ඔයාගේ සිරුරට නියමිත වු හැඩයක් තියෙනවා. මේ හැඩය ඉස්මතු කර ගන්න නම් ඔයාගේ සිරුරට ගැළපෙන විදිහට බ්ලවුසය මහන්න සිදු වෙනවා. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි කියන්නේ ඔයාගේ සිරුරේ හැඩයට අවධානය යොමු කරන්න කියලා. ඕනෑම කෙනෙක්ට එකම ආකාරයේ සාරී ජැකට් එකක් ගැළපෙන්නේ නෑ. සිරුරේ උස, මහත හා පෙනුම ගැන හිතුවොත් ඔයාට ලස්සන සාරි ජැකට් එකක් නිර්මාණය කර ගන්න පුළුවන්.

ගැළපෙනම මෝස්තරය තෝරා ගන්න

මුලින් කිව්වා වගේ සෑම යුවතියකට එකම මෝස්රතරයේ සාරි ජැකට් එකක් ගැළපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සිහින් සිරුරක් තියෙන කෙනෙක් සාරී ජැකට් එකේ කර පළල්ව හා පුළුල් ගැඹුරකින් නිරාවරණය කර නිර්මාණය කළ විට සිරුරේ සිහින් බව තවත් වැඩිපුර පෙන්නවා. ඒ නිසා කර එතරම් ගැඹුරට විවර නොවු විලාසිතාවන් සිහින් සිරුරක් තියෙන ඔනෑම කෙනෙක්ට තෝරාගත හැකියි. ඒ වගේම සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට මදක් රැලි දැමු අතක් යෙදීමෙන් පිරිපුන් බවක් ලබාගත හැකියි. සිහින් සිරුරක් තියෙන යුවතියන්ට අත් කොටට යෙදු බ්ලවුසයක් තෝරා ගැනීම ඉතාමත් හොඳින් ගැළපෙනවා. මොකද සිහින් සිරුරක් තියෙන කෙනෙක් අත් දිග බ්ලවුසයක් ඇදීමෙන් අත්වල සිහින් බව හොඳින් ඉස්මතු වෙලා පේනවා. නමුත් සිරුරෙන් මහත කෙනෙක්ට කෙටි අත් සහ රැලි සහිත බ්ලවුසයක් ඇදීම එතරම් සුදුසු වෙන්නේ නෑ. මොකද එයින් සිරුරේ පිරිපුන් බව තවත් ඉස්මතු වෙලා පේනවා. ඒ වගේම පිරිපුන් සිරුරක් හිමි කෙනෙක්ට පළලින් වැඩි නොවු කරක් තියෙන සාරී බ්ලවුසයක් වඩාත් සුදුසුයි.

ඔයාට ගැළපෙන මැටීරියල් එක තෝරා ගන්න අමතක කරන්න එපා

සාරීය ලස්සනට අඳින්න සාරියේ ලස්සන පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාරියේ විචිත්‍රවත් බවට සාරී බ්ලවුසයේ නිර්මාණශීලි බවත් හේතු සාධක වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා සාරී බ්ලවුසය මහන්න තෝරා ගන්න මැටීරියල් එකත් බ්ලවුසයේ විචිත්‍රවත් බවට හේතු සාධක වෙනවා. උදාහරණයක් විදිහට සිහින් සිරුරක් තියෙන කෙනෙක් තද වර්ණ සහිත වර්ණයකින් බ්ලවුසයක් තෝරාගත් විට සිරුරේ සිහින් බව තවත් ඉස්මතු වෙලා පේනවා. සිරුරෙන් කෙට්ටු කෙනෙක් නති පාට මැටිරියල්වලට වඩා කිසියම් ආකාරයේ අලංකාර රටා සහිත මැටීරියල් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. නමුත් සිරුරෙන් මහත කෙනෙක්ට තද වර්ණ සහිත බ්ලවුස් ඇදීමෙන් සිරුරේ විශාල බව ටිකක් අඩු කරලා පෙන්විය හැකියි. නමුත් විශාල සැරසිලි වර්ග යෙදු බ්ලවුස් මැටීරියල් මහත යුවතියන්ට එතරම් හොඳට ගැළපෙන්නේ නැහැ. මොකද එයින් සිරුරේ මහත බව වැඩි වෙලා තමයි පේන්න පටන් ගන්නේ.

ජැකට් එකට ගැළපෙන බ්‍රා එකක් තෝරන්න

සාරී ජැකට් එකකින් ඔයාට වර්ණවත් බවක් එකතු වීමට මේ කියන කරුණත් බෙහෙවින්ම හේතු සාධක වෙනවා. ගොඩක් වේලාවට ඔයා සාරීය අඳින්න කලින් අඳින බ්‍රා එකත් සාරී ජැකට්ටුවේ ආකාර්ෂණීය බවට අඩු වැඩි වශයෙන් බලපානවා. අන්න ඒ නිසා ඔයාගේ සිරුරේ හැඩය ගැන හිතලා ඔයාට ගැළපෙන බ්‍රා එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. ගොඩක් වේලාවට කර ගැඹුරට හා පුළුල්ව මහන සාරී ජැකට් එකකට ඕනෑම ආකාරයේ බ්‍රා එකක් ගැළපෙන්නේ නෑ. මොකද කර ප්‍රදේශයේ පුළුල්ව ආවරණය වී තිබීමෙන් බ්‍රා එකේ පටි නිතරම පිටතට පේන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. එයින් ඔබ අපහසුතාවටද පත් විය හැකියි. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔයාගේ සිරුරට ගැළපෙන සහ ඔයාගේ සාරී ජැකට් එකට හරියටම හරියන බ්‍රා එකක් එහෙමත් නැති නම් බ්‍රා කප් තෝරා ගැනීමට ඉතාමත් වැදගත් කියලා.

සුවපහසු බව ගැන හිතන්න

සාරියක් ඇන්දම ඔයාව දකින අයට ඔයාව ගොඩක් ලස්සනට පෙනුනත් සාරීයක් දීර්ඝ වේලාවක් ඇඳගෙන ඉන්න එක නම් එතරම් සුවපහසු දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා සාරී ජැකට් එකක් මහන කොට සුවපහසු බව ගැනත් ටිකක් අවධානය යොමු කරන්න. එහෙම නොවුණොත් ඔයාට දවස පුරාම පීඩනයකින් එහෙමත් නැතිනම් අපහසුතාවකින් තමයි වැඩ කටයුතු කරන්න සිදු වෙන්නේ. අන්න ඒ නිසා සුවපහසු බව ගැන හිතලා සුවපහසු මැටීරියල් එකක් සාරී ජැකට් එකට තෝරා ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1182 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:20:06 AM
Script:/article/1182/how-to-made-the-perfect-spree-blouse.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:20:06 AM
Script:/article/1182/how-to-made-the-perfect-spree-blouse.html