සැෆ්රන් එහෙමත් නැති නම් කුංකුම කියන්නේ ලෝකයේ මිල ඉහළම කළුබඩු වර්ගයක් කියලා ඔයා හොඳින්ම දන්නවානේ. විශේෂයෙන්ම සැෆ්රන් කිලෝවක මිල රත්තරංවලට වඩා මිල අධිකයි. මේ තරම් ගුණ තියෙන කුංකුම ඔයා හරියට භාවිත කළොත් ඔයාට කිසිම ක්‍රීම් වර්ගයක් වෙනුවෙන් මුදල් වැය කරන්න වෙන්නේ නෑ වගේම දිගු කාලීන වු ප්‍රතිඵල රැසක් ලබා ගත හැකියි. මීට පෙර ලිපියකින් සැෆ්රන් ඔයාගේ සමේ පැහැපත් බවට එහෙමත් නැතිනම් රුව ගුණ වඩවා ගන්න උදව් වෙන්නේ කොහොමද කියලා ඔයා එක්ක හැඩකාරී අපි කතා කළා ඔයාට මතක ඇතිනේ. ඒත් අද හැඩකාරී ඔයාට කියලා දෙන්නේ සැෆ්රන්වල ගුණය විනාශ නොවෙන විදිහට කොහොමද භාවිත කරන්නේ කියලා. මොකද ඔයා කොච්චර සල්ලි කුංකුමවලට වියදම් කළත් වැඩක් නෑ හරියට සැෆ්රන් භාවිත නොකළොත්. ඉතිං ඔයා මේ ලිපිය කියලවලාම බලන්නකෝ හරි ප්‍රතිඵල ගන්න කොහොමද කුංකුම භාවිත කරන්නේ කියලා.
කිරි එකක් කුංකුම බොන්න
සමාන්‍යයෙන් සැෆ්රන් පානයක් විදිහටත් ආලේපනයක් විදිහටත් ඔයාට භාවිත කළ හැකියි. ඉතිං පානයක් විදිහට සැෆ්රන් බොනකොට කිරි එකකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කර ගන්න වෙනවා. උණුසුම් කිරි කොප්පයක් තමයි ඔයා මේ සඳහා භාවිතා කරන්න ඕන වෙන්නේ. ඔයා දන්නවාද අපි ඔයාට කිරි එක්ක සැෆ්රන් බොන්න කියන්නේ ඇයි කියලා. සමාන්‍යයෙන් සැෆ්රන්වල ටිකක් විතර ඌෂ්ණය තියෙනවා. කිරි එක්ක ඔයා මිශ්‍ර කර ගත්තට පස්සේ කිසිම ගැටළුවක් නැතුව ඔයාට සැෆ්රන් බොන්න පුළුවන්. ඉතිං උණුසුම් කිරි වීදුරුවකට සැෆ්රන් එකතු කරලා විනාඩි 05 ක් විතර තියලා බොන්න. සති 03 ක් 04 ක් යනකොට මේ වෙනස හොඳින් ඔයාටම වටහා ගත හැකියි. ඔයාට මේ සඳහා පිටි කිරි හෝ එළ කිරි වුණත් භාවිත කළ හැකියි.
උණු වතුර එක්ක
ගොඩක් දෙනෙක් උණු වතුර එක්කත් සැෆ්රන් බොන්න පුරුදු වෙලා ඉන්නවා. කලින් කිව්ව විදිහට ඔය උණුවතුර වීදුරුවකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කරලා වතුර වීදුරුවේ පැහැය වෙනස් වුණාට පස්සේ පානය කරන්න. මේ විදිහට සතියට දින දෙකක් 03 ක් විතර විතර පානය කළාම ඔයාටම ඔයාගේ සමේ වෙනස හොඳින් වටහා ගන්න පුළුවන්.
පැක් එකක් විදිහට
පානයක් විදිහට විතරක් නෙමෙයි පැක් එකක් විදිහටත් ඔයාට සැෆ්රන් දැන් භාවිත කළ හැකියි. ඔයා දන්නවාගේ යෝගට්වලින් ඔයාගේ සමට ප්‍රෝටීන් හොඳින් ලබා දෙනවා කියලා. මුහුණේ මළානික බව වියළි බව අඩු කර ගන්නත් සමට පැහැදිළි පෙනුමක් ලබා ගන්නත් යෝගට් ඔයාට උපකාරී වෙනවා. වෙනදා ඔයා යොගට් මුහුණට භාවිත කළේ නිකම්මනේ. ඔන්න දැන් ඔයාට පුළුවන් යෝගට් පැක් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න. එයින් ඔයාගේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. ඉතිං සතියකට එක් වතාවක් හරි ඔයා යෝගට් ටිකකට මේ විදිහට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න අමතක කරන්න එපා.
කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා. ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.
කුංකුම-කිරි-ඔලිව් ඔයිල් එකට මුසු කර පැක් එකක් සකස් කර ගන්න
ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි. මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි. කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි. දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.
ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න
ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ. ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රීම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ night ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න. එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.
සුදු වෙන්න සැෆ්රන් බොන්නේ මෙහෙමයි
ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ. ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න. කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.
ආහාර පිසීමේදී කුංකුම එකතු කරන්න
ඔයා දන්නවානේ කුංකුම ආහාරයට එකතු කරගෙන ආහාර පිස ගැනීම ඉතාමත් රසවත්. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. ඔයා ගෙදර සමාන්‍යයෙන් කිරිබත් හදනවානේ. ඉතිං පොල් කිරිවලට කුංකුම එකතු කරගෙන කිරිබත සකස් කර ගන්න. ඉතිං මේ විදහට ඔයා ආහාර පිසීමේදී කුංකුම යොදා ගත්තොත් ඔයාට කටට රහට කෑම ටිකක් කන්න වගේම ඔයාගේ ශරීරය සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වා ගන්නත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුරේ සමත් පැහැපත් වීම සිදු වෙනවා.
වැදගත්ම දේ වෙන්නේ ඔයා කුංකුම භාවිත කරනකොට ඔයාගේ සිරුරේ ඌෂ්ණය ගැන සැළකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔයා ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි. එහෙම නැති නම් ඔයාට පානයක් විදිහටත් කුංකුම භාවිත කළ හැකියි. ඉතිං ඔයා තීරණය කරලා ඔයාට ගැළපෙනම විදිහට කුංකුම භාවිත කරලා සාරථක ප්‍රතිඵල අත්කර ගන්න.