ඔබේත් හිසකෙස් සිහින් වෙන්න පටන් අරන් ද? එහෙනම් මෙන්න ඒකට හේතු

January 23, 2021
17,128
Has your hair started to thinning?
සිහින් හිසකෙස් කියන්නේ සමාන්‍යයෙන්, හිසකෙස් නැති වී යාමක් වගේ තමයි. හිසකෙස් සිහින් වීමේදී තට්ටය ඇති නොකරත්, එය ඔබේ හිස මත හිස් තැන් ඇති කරනවා. ඒ නිසා මෙය සිදු වෙන හේතු සහ කල හැකි ප්‍රතිකර්ම ගැන දැනුවත් වෙන්න මේ ලිපිය අවස්ථාවක් කර ගන්න.

මෙයට හේතුව මොකක්ද ?
කෙස් සිහින් වීමට ඔබේ ජීවන රටා පුරුදු, ජාන විද්‍යාව හෝ ඒ දෙකමත් බලපාන්න පුලුවන්. සමහර සෞඛ්‍යමය තත්වයන් නිසා හිසකෙස් සිහින් වීමටද ඉඩ තියනවා. ඇමරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමියට (AAD) අනුව දිනකට හිසකෙස් 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් අපිට අහිමි වීම සාමාන්‍ය දෙයක්. ඊට වඩා කෙස් ප්‍රමාණයක් ඔබේ හිසින් ගැලවී යනවා නම් ඒක අවධානය ලබා දිය යුතු තත්ත්වයක්.

හිසකෙස් සිහින් වීමට ඔබේ ජීවන රටාවේ පුරුදු ප්‍රධාන දායකත්වයක් සපයනවා කියලා අපි ඔබට කිව්වා. ඒ වගේ පුරුදු වලට ඇතුළත් වන්නේ:

ඔබේ හිසකෙස් වලට අධික ලෙස ට්‍රීට්මන්ට්ස් කිරීම : කලර් ට්‍රීට්මන්ට්, ෆර්ම්, රිලැක්සර් සහ තවත් බොහෝ ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වෙනවා.

දැඩි හානිකර හිසකෙස් නිෂ්පාදන සහ ජෙල් වගේ රළු නිෂ්පාදන භාවිතා කිරීම. ඔබේ හිසකෙස් සඳහා යොදන තාවකාලික වර්ණ ද රළු වෙන්න පුලුවන්.

ඔබේ කොණ්ඩය තදින් ඇඳීම : ඔබ වැඩ යද්දී දමන තද කොණ්ඩ මෝස්තර වලින් හෝ කෙස් තදට අදිමින් දමන පොනිටේල් එකෙන් වුණත් ඔබේ කොණ්ඩය ඇදෙන නිසා කෙස් ගස් කැඩී යාමෙන් කාලයත් සමඟ thin spots ඇති වෙනවා.

ඔබේ ආහාර වේල තුළින් ප්‍රමාණවත් යකඩ, ෆෝලික් අම්ලය සහ වෙනත් ඛනිජ ලවණ නොලැබීම : මේ සියල්ලම ස්වභාවිකව හිසකෙස් නිපදවීමට උපකාරී වෙනවා.

පාලනයකින් තොරව ආතතිය අත්විඳීම : ආතතිය කෝටිසෝල් වගේ හෝමෝන වර්ධනය කරන්න සම්බන්ධ වෙනවා. ආතති හෝමෝන ඕනෑවට වඩා වර්ධනය වීමට උත්සාහ කරනකොට ඔබේ හිසේ කෙස් හට ගන්න කෝෂ වලින් හිසකෙස් ගලවලා යවනවා.

හිසකෙස් සිහින් වීම පාරම්පරිකව ද සිද්ධ වෙන්න පුලුවන්. සෞඛ්‍යමය කරුණු සලකා බැලීමද මෙම තත්වයට හේතු වෙන්න පුලුවන්. ඔබේ කෙස් සිහින් වීමට පටන් අරන් නම් මේ හේතු ද බලපාන්න පුල්වන් :

මෑතකදී දරුවෙක් ලැබීම
උපත් පාලන පෙති ගැනීම නැවැත්වීම
හෝමෝන වෙනස්කම් වලට භාජනය වීම
කෙටි කාලයක් තුළ රාත්තල් 20 කට වඩා බර අහිමි වීම
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතාවයන්
සමේ ආබාධයක් හෝ ආසාදනයක් ඇතිවීම

පොදුවේ අඩු වශයෙන් හිසකෙස් සිහින් වීමට මේවාද හේතු වෙන්න පුලුවන් :

හිසකෙස් (තනි හිසකෙසක්) අදින පුරුද්ද
ආහාර ගැනීමේ අක්‍රමිකතා
අධික උණ

හිසකෙස් සිහින් වීම සමහර වෙලාවට alopecia තත්ත්වය සමඟ ව්‍යාකූල වන අතර එය පුළුල් ලෙස හිසකෙස් නැතිවීමක් දක්වාම යන්න පුලුවන්. හිසකෙස් සිහින් වීම අවසානයේදී හිසකෙස් නැති වීමට හේතු වෙන්න පුලුවන් නමුත්, මේ දෙක සෑම විටම එකම දෙය වත්, දෙක එකට සිදු වීමක් වත් නෙවෙයි.

හිසකෙස් සිහින් වීමේ ක්‍රියාවලියට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඇමරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමියට (AAD) අනුව ප්‍රතිකාර මාස හයේ සිට නවය දක්වා කාලයක් ගත වෙනවා.

කෙසේ වෙතත්, ඔබ දිගටම හිසකෙස් නැතිවීම අත්විඳිනවා නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ ඒ ගැන කතා කිරීමට කාලයයි. ඔබට තට්ට පැල්ලම් වර්ධනය වීමට පටන් අරන් නම් විශේෂයෙන් වෛදය උපදෙස් ලබා ගන්න. ඔබේ වෛද්‍යවරයාට පුලුවන් මේ තත්තවයට පාදක වන සෞඛ්‍ය තත්වයන් හඳුනා ගැනීමට මෙන්ම ඒ හා සම්බන්ධ ඕනෑම ඖෂධයක් ලබා දීමට ඔබට උදව් කරන්නට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1940 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:15:16 AM
Script:/article/1940/has-your-hair-started-to-thinning.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:15:16 AM
Script:/article/1940/has-your-hair-started-to-thinning.html