කොතරම් සත්කාර කළත් කෙස් කළඹ දීප්තිමත් නැතිද?එසේනම් මේ කරපිංචා සත්කාර ටික ඔබ දැනගත යුතුමයි

April 10, 2022
23,251
Curry leaves treatments for shiny hair
නිරෝගි දිදුලන කෙස් කළඹක් සෑම යුවතියකගේම සිහිනයක්.. නමුත් දීප්තියක් නැති, සිහින් සහ ප්‍රාණවත් බවකින් තොර හිස් කළඹක් සෑමවිටම ඔබට ගෙන එන්නේ බලාපොරොත්තු කඩවීමක් නේද..? කොතරම් මිල අධික ෂැම්පු සහ සත්කාරක වර්ග භාවිතාකලත් ප්‍රගතියක් නැද්ද..

නමුත් ඔබ දන්නවාද හිසකෙස්වල ඇති ඕනෑම ගැටළුවක් සඳහා ඔබගේ නිවසේ මුළුතැන්ගෙයි ඇති කරපිංචා කදිම පිළියමක් බව.. කරපිංචාවල ඇති විශ්මිත ගුණාංග ඔබගේ හිස්කබල නිරෝගි කරන අතර ශක්තිමත් කෙස් කළඹක් ලබාදීමට සහය වෙනවා..

කරපිංචා මගින් ඔබගේ හිසකෙස් සඳහා ලබාදෙන ප්‍රතිලාභ


- හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම

හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන ප්‍රෝටීන් බහුල කරපිංචා හිසකෙස් වර්ධනයට සහය වෙනවා.. ඊට අමතරව කරපිංචාවල ඇති බීටා-කැරොටින් සහ ඇමයිනෝ අම්ලය මගින් හිසකෙස් ගැලවී යාම වළක්වා, කෙස් කළඹ ශක්තිමත් කරනවා. ඔබට ශක්තිමත් කෙස් කළඹක් අවශ්‍ය නම් කල යුත්තේ ඔබගේ හිසකෙස් සත්කාර ක්‍රමයන්ට කරපිංචා එක්කර ගැනීමයි..

සරළ හිසකෙස් සත්කාරයක් - කරපිංචා කුඩු සහ ළූණු යුෂ එක්කර එයට එඬරු තෙල් ස්වල්පයක් එක් කරන්න. මෙම මිශ්‍රණය හිසකෙස්මත ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. වඩා සාර්ථක ප්‍රථිපල සඳහා සතියකට වරක් හෝ දෙවරක් ආලේප කරන්න ඔබට පුළුවන්.


- අකලට හිසකෙස් සුදුවීම පාලනය

බොහෝවිට අපගේ මව හෝ මිත්තණිය කරපිංචා මගින් හිසකෙස් වලට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔබට පවසා ඇති.. එය ඉතාම සත්‍යයක්.. කරපිංචා හිසකෙස් අකලට සුදුවීමෙන් පීඩා විදින අයට ඉතා වටිනා ඖෂධයක්. කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ විටමින් B මෙන්ම අයඩින්, සෙලේනියම්, සින්ක් සහ යකඩ වැනි ඛනිජ ලවණ මගින් කෙස් සුදුවීම පාලනය කරනවා. ඔබගේ හිසේ අකලට සුදුවුණ කෙස් ගස් තිබේනම් ඔබ කල යුත්තේ වැඩි වැඩියෙන් කරපිංචා ආහාරයට එක්කර ගැනීමයි. ආහාරවලට එක්කර හෝ කැඳ ලෙස ඔබට කරපිංචා ආහාරයට ගන්න පුළුවන්.

හිසකෙස් අකලට සුදුවීම වළක්වන ප්‍රථිකාරයක් : නැවුම් පොල්තෙල් ටිකක් මදක් රත්කර එයට කරපිංචා කොළ එක්කරන්න.. මද වේලාවක් තබන්න. එය ඔබගේ හිසකෙස් මත ආලේප කර විනාඩි 10 ක් හෝ ඊට වඩා සම්භාහනය කර සෝදා හරින්න.. හැකිනම් රාත්‍රීයේ ආලේප කර උදෑසන සෝදා හැරීම වඩාත් සුදුසු වෙනවා.


- හිස්කබලේ සෞඛ්‍යය ඉහළ නංවනවා

නිතර හිස කැසීම, හිස් හොරි ආදීය හිස් කබල මත ක්‍රියාකාරිවන බැක්ටීරියා හේතුවෙන් සිදුවන්නක්.. නමුත් ඔබගේ නිවසේ කරපිංචා තිබෙනවා නම් ඔබ එයට බිය විය යුතු නැහැ. එහි අන්තර්ගත දිලීර නාශක ගුණාංග, ප්‍රතිඔක්සිකාරක ගුණාංග නිසා හිස්කබල නිරෝගි කරනවා.. ඔබ කල යුත්තේ සතියකට වරක් හෝ දෙවරක් පමණ කරපිංචා යොදා හිස්කබල පිරිසිදු කිරීමයි.

කරපිංචා කොළ යුෂ හිස්කබලේ ගල්වා හොඳින් සම්භාහනය කර හිසකෙස් සෝදා හරින්න ඔබට පුළුවන්.. කරපිංචා කොළගෙන යුෂ එනතෙක් හොඳින් කොටාගෙන හිස්කබලේ ගල්වන්න.. මද වේලාවක් තබා සෝදා හරින්න. නැතිනම් යෝගට් එකකට කරපිංචා යුෂ එක්කර hair mask එකක් සකස් කරගැනීමටත් ඔබට පුළුවන්.


- හිස්කබලේ දීප්තිය වැඩිකිරීම

දීප්තියක් නැති, වියළි කෙස් කබලක් ඔබගේ ආත්ම විශ්වාසය බිඳ දමනවා.. හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණය නොලැබීම මෙයට හේතුවක්.. නමුත් ඔබ කරපිංචා කොල ඔබගේ හිසකෙස් සත්කාරක ක්‍රමයන් අතරට එක්කර ගැනීම ඉක්මනින් දීප්තිමත් කෙස් කළඹක් ලබාගැනීමට සහය වෙනවා.

නැවුම් කරපිංචා කොළ කිහිපයක් ගෙන ජලය ස්වල්පයක් එක්කර අඹරාගෙන එම සිනිදු තලපය හිසකෙස් මත ආලේප කරන්න.. විනාඩි 20 ක් පමණ තබා ෂැම්පු භාවිතයෙන් සෝදා හරින්න. ඔබට ඉක්මන් වෙනසක් අවශ්‍ය නම් සතියකට වරක්වත් මෙම සත්කාරය කළ යුතු වෙනවා.


කරපිංචා කොළ යොදාගෙන ඔබට නිවසේදි කල හැකි ප්‍රථිකාර කිහිපයක්..


- කරපිංචා කොළ අඹරා තලපයක් සේ සකස් කරගෙන හිසකෙස් මත ආලේප කරන්න පුළුවන්

- නැවුම් පොල්තෙල් රත්කර එයට කරපිංචා කොළ එක්කර මද වේලාවක් තබා රාත්‍රී කාලයේ හිසෙහි ගල්වා උදෑසනම සෝදා හරින්න පුළුවන්

- කරපිංචා කොල මිශ්‍ර කොළ කැඳ, ආහාරයන් සඳහා එක්කර ආහාරයට ගැනීමටත් පුළුවන්


කරපිංචා යුෂ හිසකෙස් හි ගැල්වීම හෝ කරපිංචා ආහාරයට ගැනීම යන ඕනෑම ආකාරයක් ඔබගේ හිසකෙස් ශක්තිමත් කර දීප්තිමත් කෙස් කළඹක් ලබාදීමට සහය වෙනවා.. එමනිසා තවත් ප්‍රමාද වෙන්න එපා; අද සිටම වැඩි වැඩියෙන් කරපිංචා පරිහරණය කිරීම ඔබට හිසකෙස් පිළිබඳව නැවුම් බලාපොරොත්තු ගෙනඑනවා නො අනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2150 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:31:32 PM
Script:/article/2150/curry-leaves-treatments-for-shiny-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:31:32 PM
Script:/article/2150/curry-leaves-treatments-for-shiny-hair.html