කෝපයට පත් පෙම්වතා පිටුපස අහිංසක කෙල්ලෙක් ඉන්නවා කිව්වොත් හරියටම හරි

June 2, 2019
6,227
How to control a angry boyfriend
ඔයා ජීවිතේ කවදාහරි දවසක හිතලා තියෙනවද මොන වගේ පිරිමියෙක්ටද ආදරේ කරන්නේ කියලා. පිරිමි ළමයෙක් තම පෙම්වතිය එක්ක ආදරෙන් බැඳිලා ඉන්නකොට ගොඩක් අහිංසක වුනත්, තරහ යන වෙලාවට නම් එහෙම නැහැ කියලා ඔයා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඔයාගේ අතින් ඔහුගේ හිත රිදුනම ඉක්මනින්ම තරහ ගන්න එක ගොඩක් පිරිමි ළමයින්ගේ ලක්ෂණයක්. ඉතින් අද හැඩකාරී අපි කෝපයට පත් පෙම්වතාට බටර් පාර ගාන විදිහ කියලා දෙනවා. පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයගේ ගතිගුණ වලට නිසා ඔයාගේ ගතිගුණ 100% වෙනස් කර ගන්න වෙනවා. 

ආඩම්බර වෙන්නේ එපා

ගොඩක් වෙලාවට පිරිමි ළමයි ගෑනු ළමයි වගේ මතුපිටින් තරහ වෙලා වගේ හිටියට, වැඩි වෙලාවක් තරහ වෙලා ඉන්න බැහැ. පෙම්වතියගෙ වරදක් නිසා හිත රිදවාගෙන කතා නොකර හිටියත්, ඔහුගේ අවශ්‍යතාවත් ඉක්මනින්ම ඔයත් එක්ක යාළු වෙන්න. ගැහැණු ළමයින් හුඟාක් ආඩම්බරයි. ආඩම්බරකම පැත්තකින් තියලා වැරැද්ද අවබෝද කර ගෙන මුලින්ම ඔහු එක්ක කතා කරන්න. දෙදෙනාට ඉක්මනින්ම ආයෙත් මිතුරු වෙන්න පුළුවන්.

සමාව ඉල්ලන්න

සමාව ඉල්ලීම කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවේ. කරපු වරදක් පිළිගැනීම හොඳ මහත්මා ගතිගුණයක්. ඔයාට ඔහු සමග මිත්‍ර වීමට ඇති උනන්දුව පෙන්විය හැකි හොඳ ක්‍රමයක්. සමාව ඉල්ලීමෙන් අනතුරුව ඔයා නිහඬ වී සිටින්න. ඔහුට පොඩි වෙලාවක් ලබා දීමෙන් අනතුරුව ඔහුම ඔයාව සොයා ගෙන එනවා. ඔයාගේ අතින් වැරද්දක් වුනොත් සමාව ඉල්ලන්නත් අමතක කරන්න එපා. සමහරක් වෙලාවට වැරැද්ද කාගේ අතින්ද වුණේ කියලා හොයනවාට වඩා සමාව ගන්න. ඒ වගේම සහකරුට තියෙන හොඳ ගුණාංග අගය කරන්න.

සවන් දෙන්න

කාන්තාවන් හැමතිස්සෙම කියව කියව ඉන්න හරි කැමතියි. අන්න ඒ හේතුව නිසාම ඔයා කොල්ලෙක් වුණාම සවන්දීමට පුරුදු වෙන්න ඕනි. සවන් දීම නරක පුරුද්දක් නෙමෙයි. ජිවිතයට හොඳ පුරුදු එකතු කරන්න. පිරිමි ළමයෙක්ව හීලෑ කර ගන්න හොඳ ක්‍රමයක් තමයි ඔහුට සවන් දෙන එක. ඔහු ඔයා එක්ක තරහින් නම්, ඔහු සමඟ වාද කරන්නට යන්න එපා. ඔහු කියන දේවල් අහගෙන ඉන්න. ඔයා ඔහුගේ හැඟීම් වලට සවන් දෙන බව දකිද්දී ඔහුගේ තරහ ඉබේටම නැති වෙලා යාවි. ඔයා ඔහුව තේරුම් ගන්න උත්සහ කරන බව වැටහීමෙන් ඔහුගේ වේදනාවන් ඉක්මනින්ම සමනය වෙලා යාවි.

ඔහුව තුරුළු කර ගන්න 

පෙම්වතිය වගේම පෙම්වතාත් වැඩිපුර කැමති දෙයක් තමයි වැඩිපුර වෙලාවක් පෙම්වතියගේ තුරුලේ ඉන්න එක. උණුසුම් වැළඳ ගැනීමකින් සහ මෘදු සිප ගැනීමකින් පිරිමියෙකුගේ සියලු සිත් වේදනාවන් සමනය කරන්න පුළුවන්. ඉතින් ඔයාත් ඒ උපක්‍රමය අත්හදා බලන්න. ඔයාගේ පෙම්වතා තරහෙන් නම්, ඔහුව මෘදුව වැළඳගෙන ඔයාගේ ආදරය දැනෙන්නට ඉඩ සලස්වන්න. ඔහුගේ සෘණාත්මක හැඟීම් වේගයෙන් නැති වෙලා යනවා. ඔහුව සිප ගන්න විටදී කලබල නැතිව හිමිට ඔහුව සිප ගන්න. හැඟීම් ඔහුට සුවිශේෂී නිසා ඔහු හුඟාක් සතුටින් ඔයා එක්ක ඉඳියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1341 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:45 AM
Script:/article/1341/how-to-control-a-angry-boyfriend.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:46 AM
Script:/article/1341/how-to-control-a-angry-boyfriend.html