ආදරය හමු වුණු හැම කෙනෙක්ටම විරහවත් හමු වෙනවා. ආදරේ නොවිඳපු වගේම ඒ ආදරයේ විරහවත් නොවින්ද කෙනෙක් ලෝකේ නැති තරම්. විරහවෙන් විඳවන අයට ඒ වේදනාව අමතක කරන්න, තමන්ට අහිමි වුනු ආදරේ අමතක කරන්න උදවු වෙන මේ දේවල් වලින් ඔයාගේ දුකත් නැති කරලා දාන්න උදවු වෙයි.
1. call, message කර කර පස්සෙන් යන්න එපා
සම්බන්ධතාවයක් බිඳිලා යන්න මොකක්ම හරි ලොකු හේතුවක් තියෙන්න ඕන නේ. දෙන්නා කතා බහ කරලා හරි තනි මතයට හරි කොහොම හරි ඒ සම්බන්දෙ නැවතිලා දෙන්නා දෙපැත්තට වුනාට පස්සේ අයෙත් අඬ අඬා පස්සෙන් යන්න එපා. ආයෙත් call, message කර කර අඬන්න, දුක කියන්න යන්න එපා. එහෙම වුණාම තව තවත් දුක් වෙන්නේ ඔයාමයි.
2. ඔයාට ඇත්තටම ආදරය කරන අය හඳුනා ගන්න
මේ වගේ අමාරු කාලයක් ගත කරන්න ඕන කාමරේට වෙලා දොර වහගෙන නෙවෙයි. එහෙම ඉන්න තාක් කල් ඔයා එයා ගැන කල්පනා කර කර දුක් වෙනවා. ඒත් වෙන්න ඕන ඒක නෙවෙයි නේද? ඔයා කරන්න ඕන එයා අමතක කරලා ඉන්න පුළුවන් විදිහේ දේවල්. කියනවා වගේ ලේසියෙන් කරන්න බෑ. කරන්න බෑ කියලා හැමදාම දුක් වේවි ඉන්නත් බෑනේ. තනියම ඉන්න එක අඩු කරලා ගෙදර අය යාලුවෝ එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. එයාලා එක්ක විනෝදෙන් ඉන්න.
3. පුළුවන් තරම් ඈත් වෙන්න
ඔයාට එයාව නිතර දකින්න ලැබෙනවා කියන්නේ මතකයන් අලුත් වෙනවා කියන එක. ඒ නිසා එයාව දකින්න ලැබෙන අවස්ථාවන් උවමනෙන්ම මග හරින්න. ඔයා අහල ඇතිනේ දර්ශනයෙන් ඈත් වෙන කොට මතකෙනුත් ඈත් වෙනවා කියලා.
4. තවමත් එයා ගැනමද කියවන්නේ? අදම නවත්තන්න
සම්බන්ධතාවයක් බිඳ වැටුනට පස්සේ අපි කරන තවත් වැරද්දක් මේක. හමු වෙන හමු වෙන කෙනාගෙන් එයා ගැන අහනවා, හොයනවා. ඊට පස්සේ ආරංචි වෙන දේවල් වලින් තව හිත රිද්ද ගන්නවා. ඒ වගේම දාලා ගිය අය ගැන තවත් කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඒවායින් ලැබෙන දෙයක් නැහැ.ඒ නිසා ඔහුගේ යාලුවන්ගෙන් ඔහු ගැන අහන්න යන්න එපා. සමහර වීට ඔහු ගැන අහන්න ලැබෙන දේ වලින් ඔය තවත් වේදනාවට පත් වෙන්න පුළුවන්
5. තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න පුරුදු වෙන්න
හැම දේම කරන්න ඕන අපි හොඳින් ඉඳලා. ඒ නිසා නොකා නොබී මුළු දවසම වැලපිලා ඔයා ඔයාව ලෙඩ කර ගන්නේ නැතුව තමන්ගේ ගැන හිතන්න මුලින්ම.