ඔබේ සම්බන්ධත්වයේ මේ දේවල් ගැන නම් යාලුවෝ එක්ක කවදාවත් කතා කරන්න එපා

February 19, 2017
39,311
10 Things NOT to Tell Your Friends About Your Relationship
ඔබ විවාහක කාන්තාවක් වුනත්, ප්‍රේමවන්තියක් වුනත් තමන්ගේ සම්බන්ධතාවය ගැන එක එක දේවල් යාළුවො එක්ක කතා කරනවා ඇති. තමන්ගේ හැගීම් යාලුවෝ එක්ක බෙදා ගන්න අපි ආසයි තමයි. හැබැයි සම්බන්ධතාවයකදී එහෙම යාලුවෝ එක්ක කතා කරන්න හොඳ නැති කාරණා කීපයකුත් තියෙනවා. අද ඒ මොනවද කියලා කතා කරමු.

01. රණ්ඩු

ඔබත් එක්ක ඔහු වෙන රණ්ඩු ගැන කාත් එක්කවත් කියන්න එපා. මොකද ඔබේ යාළුවො ඔබට උපදෙස් දෙන්න පටන් ගන්නවා. එතකොට ගැටළුවක් නිරාකරණය කර ගන්න ඔය දෙන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙන්නේ ඔය දෙන්නා අතරේ නම්, ඒකට විසඳුම තියෙන්නෙත් ඔය දෙන්නා තුලමයි. දෙන්නගේ රණ්ඩු සරුවල් ගැන යාලුවන්ට කියන එකෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එකයි.

02.ලිංගික ජීවිතය

ඔය දෙන්නාගේ ලිංගික ජීවිතය ඔය දෙන්නටම විතරක් අයිති වුනු හරිම පෞද්ගලික දෙයක්. කීපාරක් ලිංගිකව එකතු වෙනවාද, කොයි විදිහටද ලිංගික ක්‍රියාකාරකම් පවත්වන්නේ, ඔහුගේ ලිංගික ප්‍රියතාවයන් වගේ දේවල් දැනගන්න ඕනේ ඔබ විතරයි. ඒ කාරණා ගැන යාලුවෝ එක්ක කිසි සේත්ම කතා කරන්න එපා.

03. විශේෂ කතා

ඔහුගේ ජිවිතයේ පුංචි කාලේ වුනු විශේෂ සිද්ධියක්, ඔෆිස් එකේ වුනු ප්‍රශ්නයක් ගැන කියන්න ඔහු ඔබව තෝරා ගන්නේ ඔබ ගැන තියෙන අසීමිත විශ්වාසය නිසා. ඒ විශ්වාසය කඩ කරලා ඒ කතා ඔබගේ යාළුවො එක්ක බෙදා ගන්න එපා. සම්බන්ධතාවයකදී විශ්වාසය හරිම වැදගත් දෙයක්.

04. අකමැති තෑගි

ඔහු ඔබට ගෙනත් දෙන තෑගි සමහරක් විට ඔබ අකමැතිම දෙයක් වෙන්න පුළුවන්. ඒ වුනත් ඔහු ඔබ ගැන හිතලා, ඔබ වෙනුවෙන් යම් දෙයක් තෑගි කළා කියන කාරණාව අගය කරන්න. ඔහුගේ තෝරා ගැනීම් වල තියෙන අඩු පාඩු යාළුවො එක්ක කියලා ඔහුව පල් කරන්න එපා.

05. ඔහුගේ නෑදෑයෝ

ඔහුගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ඔබට අමනාපකම් ඇති. නමුත් ඒ දේවල් යාලුවෝ එක්ක කියලා වෙන විදිහකට ඔහුට ආරංචි වුනොතින් ප්‍රශ්න ඇති වෙන්නේ ඔය දෙන්න අතරෙමයි. ඒක නිසා හොඳම දේ ඒ දේවල් ඉවසගෙන ඉන්න එක.

06.මිල මුදල්

ඔහුගේ ආර්ථික තත්වය, ආර්ථික ගැටළු වගේ දේවල් වෙන කා එක්කවත් කියන්න යන්න එපා. කාටත් මුදල් ප්‍රශ්න තියෙනවා. ඒවා වලට ඔය දෙන්නා එකතු වෙලා මුහුණ දෙන්න. මිල මුදල් වලට අදාළ කාරනා කා එක්කවත් කියන්න යන්න එපා.

07. අකමැති යාළුවො

ඔබේ හැම යාලුවෙක්ටම ඔහු එක වගේ කැමති නැතුව ඇති. එහෙම අකමැත්තක් තියෙන යාලුවෙක් ගැන ඔබ එක්ක කිව්වහම, ඔබ ඒ කතාව ගිහින් ඒ යාලුවට කියන්න එපා. අනේ මගේ husband /boyfriend ඔයාට කැමති නෑනේ අනේ කියලා. එහෙම කලාම වෙන්නේ නිකරුනේ යාළුවගේ හිත රිදෙන එක. මේ ලෝකේ හැමෝගෙම රුචිකත්වය එක වගේ නෑ. ඔබ කැමති යාලුවෙක්ට ඔහු අකමැති වෙන්න පුළුවන්.

08. ඔහු නොදන්නා දේ

මේ ලෝකේ කව්රුත් හැම දේම දන්නේ නෑ නේ. ඉතින් ඔහුටත් නොහැකියාවල් ඇති. ඒ දේවල් ගැන යාලුවෝ එක්ක කියවන්න එපා. ඔහුගේ රැකියාවේ හෝ පෞද්ගලික ජිවිතයේ හෝ ඔහු හරියට කරන්න බැරි දේවල් ගැන යාලුවෝ එක්ක කියලා, ඔහුව අපහසුතාවයට පත් කරන්න එපා.


09. දෙන්නගෙම රහසිගත් දේවල්

ඔය දෙන්න අතරේ විතරක් share වෙන sms, video calls ,selfies යාළුවන්ට පෙන්නන්න එපා. ඔහු ගොඩක් වේලාවට් ලිංගිකත්වයට අදාළ දෙයක් ගැන ඔබට sms කරලා ඇති. ඒ ඔබට බලන්න විතරයි. ඒ වගේ පෞද්ගලික දේවල් යාලුවෝ එක්ක බෙදා ගන්න එපා.

10.ඔහුගේ පහුගිය සම්බන්ධතා

ඔහුගේ පරණ සම්බන්ධතා හරි ගිය නැති නිසා තමයි අද ඔහු ඔබේ වෙලා තියෙන්නේ. ඉතින් අතීතයේදී ඔහු කාගේ හරි හිතරිද්දවලද, තව කෙනෙක් ඔහුව රවට්ටලාද කියන කාරණා ඔබට යාළුවො එක්ක බෙදා ගන්න කිසිම හැකියාවක් නෑ .මොකද ඒ ඔබේ අතීතය නොවන නිසා.

මේ කාරනා වලින් වැළකිලා ඉන්න පුළුවන් නම් ඔය දෙන්නගේ සම්බන්ධතාවය තවත් ලස්සන වේවි. අරයා මෙහෙමයි අරමයි. මෙහෙම කරනවා අරම කරනවා කියලා අපි යාලුවෝ එක්ක කියවන්න ආසයි තමයි. හැබැයි ඒ කතා බහම දවසක අපිටම කරදයක් වෙනවා. ඉතින් මොකටද නිකන් කරදර ලං කරගන්නේ?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 65 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:30:50 AM
Script:/article/65/10-things-not-to-tell-your-friends-about-your-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:30:50 AM
Script:/article/65/10-things-not-to-tell-your-friends-about-your-relationship.html