ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න නම්, මෙන්න මේ කරුණු ගැන ඔබ දැනුවත් විය යුතුමයි

March 21, 2020
10,371
Facts to know to boost your immune system
කොරෝනා වයිරසය පැතිර යාම ආරම්භ වීමත් සමඟ වැඩි කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රතිශක්තිකරණය. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න අත්‍යාවශ්‍යම දේ තමයි නිරෝගීව සිටීම, ඒ කියන්නෙ ශක්තිමත් ප්‍රතිශක්තිකරණය පද්ධතියක් පවත්වා ගැනීම. අන්න ඒ නිසා මේ ලිපියෙන් කියවෙන හැම කරුණක්ම ඉතා වැදගත්.

කොරෝනා වෛරසය රට පුරාම ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම කොරෝනා අවදානමෙන් වැළකීමට ලොකු හේතුවක් වන නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් අතිරේක විටමින් වර්ග ලබාගැනීම එතරම් සාර්ථක නොවන බව තමයි වෛද්‍යවරුන්ගේ මතය. ඒ වෙනුවට ස්වාභාවික සහ තහවුරු කරගෙන ඇති ක්‍රම මගින් එනම් ආහාරපාන ආදිය මාර්ගයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීමට අවශ්‍ය සංඝටක ලබාගැනීම වඩාත් යහපත් බව ඔවුන් පවසනවා. පහත කරුණු ගැන හොඳින් අවධානය යොමු කලොත් ප්‍රතිශක්තිකරණය ගැන ඔබේ තියෙන දුර්මත විසඳගෙන යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න පුළුවන්.

1. ඔබේ මානසික ආතතිය අඩු කරගන්න.

එය තරමක් අපහසු දෙයක්, නමුත් ඇත්ත වශයෙන්ම ඔබ වෛරසය ගැන වැඩි වැඩියෙන් කල්පනා කරන තරමට එයින් මානසිකව පීඩා විඳීමට ඉඩ ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ සහකාර මහාචාර්ය මෝගන් කැට්ස් පවසන්නේ “මානසික ආතතිය නිසැකවම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානියක් වීමට ඉඩ ඇති” බවයි. “කලබල නොවන්න, මානසික ආතතිය අවම කරගැනීමට උත්සාහ කරන්න.”

2. ව්‍යායාම සහ ශරීරය වෙහෙස කරවන ක්‍රියාකාරකම් අවම කරන්න.

අඩු හා මධ්‍යස්ථ ක්‍රියානාරීත්වයෙන් යුත් ව්‍යායාම මගින් ස්වාභාවිකවම ශරීරයේ කෝටිසෝල් මට්ටම අඩු කරන අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාරී වන බව පෝෂණවේදීන් පවසයි. වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් දිනකට මිනිත්තු 30 ත් 60 ත් අතර සැහැල්ලු ව්‍යායාම නිර්දේශ කරයි. ව්‍යායාම් සිදුකරන ස්ථානයේ ඇති විෂබීජ පිළිබඳව ඔබට සැකයක් ඇත්නම් ඇවිදින්න, එසේත් නැත්නම් දිවීම සඳහා බාහිර පරිසරය වෙත යොමු වන්න.

3. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

වැඩිහිටියන් සඳහා, රාත්‍රියකට පැය හතක් හෝ අටක් නින්ද ලබා ගැනීම අවශ්‍ය වනවා. දරුවන්ගේ වයස අනුව ඔවුන්ට වැඩි නින්දක් ලබා දිය යුතුය.

4. සෑම දිනකම යෝගට් (probiotic) අනුභව කරන්න.

“එය සැබවින්ම ඔබේ ශරීරයේ
ප්‍රෝබියොටික් ප්‍රතිශතය වැඩි කිරීමට පහසුම ක්‍රමයකි,” වෛද්‍ය කැට්ස් පවසයි. “එය ඔබේ ශරීරයේ ජීවත්වන හොඳ බැක්ටීරියා වලට සහාය වීමට උපකාරී වන අතර එය නරක බැක්ටීරියා හෝ වෛරස් වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.”

සුදුළූණු, ළූණු, ඉඟුරු, ගෝවා සහ පැසුණු ආහාර මෙම හොඳ ක්ෂුද්‍ර ජීවීන්ට සහාය විය හැකි බව වෛද්‍ය බ්‍රැඩ්ලි පවසයි.

වෛද්‍ය කැට්ස් යෝජනා කරන්නේ ප්‍රතිජීවක පද්ධතියේ ඇති හොඳ බැක්ටීරියා ක්ෂය වන නිසා ඔබ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම හැකි තරම් සීමා කල යුතු අතර අනවශ්‍ය ලෙස ශරීරයට ලබාගන්නා එවැනි ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් වෙනත් ආසාදනවලට ගොදුරු වීමේ අවදානම වැඩි බවයි.

5. නිවැරදි ආහාර වේලක් ලබාගැනීමද අත්‍යාවශ්‍ය කරුණක්.

ඔබට අවශ්‍ය තරම් Zinc, vitamin D සහ අනෙකුත් වැදගත් විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට ලබාදීම සඳහා හැකි සෑම විටම වර්ණවත් පලතුරු හා එළවළු වලින් පිරුණු සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් පරිභෝජනය කරන්න. බොහෝ පෝෂණ විශේෂඥයින් පවසන්නේ ඔබේ ආහාර වේලෙන් මෙම විටමින් සහ ඛනිජ ලවණ ලබා ගැනීමට ඔබට හැකි විය යුතු අතර එවිට අමතර අතිරේක අවශ්‍ය නොවන බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1528 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:27:09 AM
Script:/article/1528/facts-to-know-to-boost-your-immune-system.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:27:10 AM
Script:/article/1528/facts-to-know-to-boost-your-immune-system.html