එදිනෙදා ජීවිතයට පුංචි ටිප්ස්

August 27, 2020
16,416
Small tips for day to day life
එදිනෙදා ජීවිතයේදී අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ සරල හා පහසු පිලිවෙත් තිබෙනවා. සමහර අවස්ථාවන්හිදී අපි නොහිතන අන්දමින් මෙම පුංචි ටිප්ස් වලින් ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවනි.

මෙන්න ඒ අන්දමේ ක්‍රම කීපයක්...

පාන් පෙත්තකින්..

- ගෙදර උයන බත රොස් වුනොත් එයින් නැගෙන අපුල ගන්ධය වගේම බත ආහාරයට ගැනීමේ කිසිම ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ අන්දමින් බත බෙරි වුනොත් බත මතුපිටින් පාන් පෙත්තක් තියන්න. බතෙන් නැගෙන දුර්ගන්ධය වගේම බෙරි ගතිය අඩු කර ගැනීමට පුලුවනි.

- මාෂ්මිලෝ වැනි රසකැවිල්ලක් එය පිසින දිනයේ පවතින ගුණාත්මකබව පසුවදාට නැති වෙනවා. ඒත් මාස්මිලෝස් මෘදු ගතියෙන් තබා ගැනීමට නම් ඇසුරුමට පාන් පෙත්තක් තබන්න. මෘදු ගතිය ඒ විදිහටම පවත්වා ගත හැකියි. හැබැයි දින දෙකකින් පාන් පෙත්ත ඉවත් කරන්න.ඒ වෙන විට මාෂ්මිලෝස් අවසානත් වෙලා තියේවි.

කෙසෙල් පොත්ත..

- ඉදුණු කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසුව ලෙල්ල විසි කරන්න එපා. ඒ මොකද කිව්වොත් පුංචි ප්‍රතිකාරවලට යොදා ගන්න පුලුවනි. පාවහන් පැළඳීම නිසා ඇති වෙන ගැටිති අපි කාටත් පොදුයි. මේවා අහිංසක ගැටිති වුනත් දෙපා ලස්සන නැති කරනවා. නින්දට යෑමට පෙරාතුව ඉදුනු කෙසෙල් ලෙල්ලක් ගැටිති තිබෙන ඇගිලිවල තබා වෙලන්න. ගැටිති ඉවත් වේවි.

- නිවසේ වැඩ කටයුතු කරද්දී අතන මෙතැන වැදී ඇති වෙන තැල්මටත් කෙසෙල් ලෙලි හොඳ ප්‍රතිකාරයක්. තැලුම් ඇති තැන ඉදුනු කෙසෙල් පොත්ත තබා වෙලන්න. තැල්ම සුව වේවි.

ශීතකරණයේ තැන්පත් කරන විට..

- ශීතකරණයේ පිපිඤ්ඤා තබන විට... තක්කාලි, කොමඩු, කෙසෙල් අසලින් පිපිඤ්ඤා තබන්න එපා. මේ පළතුරුවලින් එතලින් නිකුත් වෙන නිසා ඉක්මනින් පිපිඤ්ඤා නරක් වෙන්න පුලුවනි.

- ඇපල්, පෙයාස් සමග වට්ටක්කා තබන්න එපා. වටට්ක්කාවලට අවශ්‍ය වෙන්නේ කාමර උෂ්ණත්වයක හෙවත් ෆැරන්හයිට් 50-55 ක් ඇපල්, පොයස් නිසා වට්ටක්කා ඉක්මනින් නරක් වෙන්න පුලුවනි.

- ඇපල් සහ දොඩම් එකට තියන්න එපා. දොඩම් ගෙඩිය නරක් වෙන්න පුලුවනි. මේ පළතුරු වර්ග දෙකම එකම අවස්ථාවකදි ශීතකරනයේ
තියන්න වෙන අවස්ථාවනුත් නැත්තේම නැහැ. එහෙම වුනාම මේවා වෙන වෙනම ඔතා ඈත්ව තබන්න.

අල සහ ළූණු එකට තැබූ විට ළූණු ඉක්මනින් නරක් වෙනවා.

මේවා ශීතකරණයේ තියන්න එපා..

- අර්තාපල් අල ශීතරකනයේ තැබුවොත් එහි ශීතලට පිෂ්ටය සීනි බවට පත් වෙලා පැනි රස වැඩිවෙනවා. එවැනි අර්තාපල් ආහාරයට ගත් විට සිරුරට ග්ලුකෝස් එකතු වීම ඉහළ යෑමේ අවදානම ඉහලයි.

- තක්කාලි ශීතල වාතයේ තැබූ විට තක්කාලි ගෙඩියේ රසායනික මාර්ගය වෙනස් වෙලා එහි රසය වෙනස් වෙනවා.

- මීපැණි ශීතකරනයේ තැබීමෙන් ස්ඵටික බවට පත් වෙනවා.

- අලිගැටපේර ශීතකරනයේ තැබූ විට ඒවා ඉතාම ඉක්මනින් ඉදෙනවා.

- වම්බටු ශීතකරනයේ තැබීම නිසා එහි රසය සම්පූර්නයෙන්ම නැති වෙන බවත් සැලයි.

- කොමඩු ගෙඩිය ශීතකරණයේ තබන්න එපා. කැපුවාට පසු ඉතිරි වෙන කොටස දවටා තියන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1802 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:13:45 AM
Script:/article/1802/small-tips-for-day-to-day-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:13:45 AM
Script:/article/1802/small-tips-for-day-to-day-life.html