හිස්හොරි කරදරෙන් වද විඳින අය අනිවාර්යෙන් කියවන්න

March 17, 2018
15,744
Suffering from dandruff?
ඉස්හොරි කියන්නේ ගැහැණු පිරිමි කියලා භේදයක් නැතුව හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. ඒ වගේම හරිම කරදරයක් වෙලා තියෙන දෙයක්නේ. එය ගැටලුවක් වී තිබෙන්නේ විශේෂයෙන් අඳුරු පැහැති ඇඳුම් ඇඟලා සිටින අවස්ථාවක ඒ මත ගැලවී ගිය සම සුදු පැහැ පොතු කැබලි වශයෙන් දිස්වීම අප්‍රසන්න වීම නිසයි. මේ ප්‍රශ්නෙන් මිදෙන්න ගොඩාක් උත්සාහ කරත් ප්‍රතිඵලයක් නැති අයට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. ඉස්හොරි ඇති වෙන්නේ ඇයි? ඉස්හොරිවලින් තොර කෙස් කලඹක් ලබා ගන්නේ කොහොමද? වගේ ප්‍රශ්න වලට උත්තර මේ කිපිය කියවලාම හොයා ගන්න.

අපේ හිසේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිතර නිතර ගැලවී යාම ස්වභාවිකව සිදුවන දෙයක්.ඒ වගේම හිරු එළියට නිතරම හිස නිරාවරණය වීම නිසා ඉක්මනින් හිසේ සම වියලෙනවා. එසේ වියලෙන සම පොතු කැබලි ලෙස ගැලවී ඉවත් වෙනවා. මෙසේ ගැලවී යන මැරුණු සම හිසකෙස් අතර රැ‍ඳෙන්නට පුළුවන්. මෙන්න මේ තත්වය තමයි අපි ඉස්හොරි කියලා හඳුන්වන්නේ බොහෝ දෙනෙක් ඉස්හොරි චර්ම රෝගයක් ලෙස සැක කළත් එය චර්ම රෝගයක් නොවෙයි. ඒ වගේ ම අස්වාභාවික තත්ත්වයක් ද නොවෙයි.

කෙනෙකුගේ හිසෙහි තෙල් නිපදවීම වේගවත් නම් ගැලවී ඉවත් නොවී ඉස්හොරි පොතු තට්ටුවක් ලෙස සම මතුපිට රැඳී තිබෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන් ම ඇතැම් අයගේ නම් දුර්ගන්ධයක් ද වහනය විය හැකිය. දුහුවිලි කුණු සෝදා හිස පිරිසිදු බව රැක ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි. දිනපතා ස්නානය කරන්න පුලුවන්නම් මේ තත්වය ගොඩාක් දුරට අවම කර ගන්න පුළුවන්

හැබැයි දිනපතා ස්නානයය කරත් නිතර නිතර ෂැම්පු වර්ග හෝ සබන් දමා තදින් හිස ඇතිල්ලීමෙන් ඉස්හොරි ඉවත්වනවා වෙනුවට වැඩිපුර ඇතිවිය හැකියි. මෘදු සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් දවසක් හැර දවසක් භාවිත ප්‍රමාණවත්. ඉස්හොරි සියල්ල ඉවත් කිරීමේ අරමුණින් හිස තදින් අතුල්ලන යනත එපා. එහෙම උනොත් හිස මතුපිට සම තුවාල වෙන්න පුළුවන්.

ඉස්හොරි සඳහා විශේෂිත ෂැම්පු වර්ග තිබෙනවා. එම ෂැම්පු භාවිත කළ යුතු වන්නේ සතියකට හෝ දෙකකට වරක් පමණයි. නිතර භාවිතය ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. ඉස්හොරිවලදී ‍තමන්ට ගැළපෙන ෂැම්පු වර්ගය තෝරා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. ඇතැම් විට නොයෙකුත් දිලිර ආසාදන නිසා ඉස්හොරි හා සමාන චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුලින් ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට එන්න පුළුවන් සහ නිවැරදි ප්‍රතිකාර කල හැකියි.

මෙම කරදරකාරී ඉස්හොරි වලින් මිදෙන්න අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම. දිනපතා ශරීරයට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරන්නේ නැති අයට ඉස්හොරි සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. විශේෂයෙන් උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය හිසෙහි සමටත් බලපානවා. එය ඉස්හොරි සෑදීම වේගවත් කරනවා.ඒ නිසා වැඩිපුර වතුර බොන එක මේ තත්වය මඟ හරවන්න වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යටත් හිතකර ලෙස බලපානවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   46,506
   16

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   16

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Match colours of your cloths like this
   42,042
   13

ඇඳුම් වල පාට මේ විදිහට මැච් කරන්න

ඇඳුම් කට්ටල වල වර්ණ ගැලපීම ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා
chore lists for kids
   70,597
   12

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Know the meaning of your tattoo
   26,367
   12

තේරුම දැනගෙන පච්ච (Tattoo) ගහන්න - (01 කොටස)

ෆැෂන් එකක් විදිහටත්, ආකාර්ෂණීය බවක් ලබා ගන්නත් ඔයා පච්චයක් ගැහුවට ඇත්තටම පච්චයකින් කියැවෙන අරුතක් තියෙනවා. ඔයාගේ ආගම, සංස්කෘතිය, අත්දැකීම්, රුච් අරුචිකම් මේ හැමදේම බලපානවා ටැටූ එකක් ගහන්න. ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ ටැටූ එකේ නියම තේරුම දැනගෙන ටැටූ එක ගහන්න පුළුවන්

Latest Articles

Most Viwed