කතුරුමුරුංගා වලින් නිරෝගි වෙමු. රසට උයමු පිසමු

June 30, 2020
4,417
Goodness of kathurumurunga
කතුරුමුරුංගා අප අතර ඉතාම සුලබ පලා වර්ගයක්.. සුදු මල්, රතුමල්, නිල් මල්, කහ මල් යනුවෙන් ප්‍රභේද කිහිපයක් තිබෙනවා. ආයුර්වේදයේදී කතුරුමුරංගා හැඳින්වෙන්නේ “අගස්ති” යන නමිනුයි. අහසේ අගස්ති තාරකාවට සමාන නිසාත් මේ නම යෙදෙන බව කියනවා. ඒ වගේම සෘෂිවරුන් අතර අගස්ති සෘෂිවරයා තරුණ පෙනුමකින් යුක්තයි. කතුරුමුරංගා වලත් බොහෝ රසායනයන් අන්තර්ගත නිසා අගස්ති යන නම යෙදෙන්නට ඇතැයි සැලකෙනවා.

කතුරුමුරංගා සහ වෛද්‍ය විද්‍යාත්මක ගුණ

කතුරුමුරුංගා පෝෂණ ගුණ බහුලව තිබෙන ශාඛයක්. විටමින් A, B වගේම කැල්සියම් බහුලයි.

මද්‍යසාර නිසා ඇති වෙන අක්මා රෝග තත්වයට වගේම සෙංගමාලය නිසා අක්මාවට ඇති වෙන හානිය සඳහාත් කතුරුමුරුංගා ගුණදායකයි.

ඇස් රෝග වෙනුවෙන් මෙන්ම රාත්‍රි අන්ධකාරයටත් වගේම හතලිස් ඇඳිරියේදී සහනය ලබා ගැනීමට පීකුදු සමග එකට යොදා කතුරුමුරුගා කොළ පිස ගැනීමෙන් ගුණදායකයි.

අපි සාමාන්‍ය රෝග වෙනුවෙන් කතුරුමුරුංගා යොදා ගන්නවා. කට දිව වන වීම. උෂ්ණ බිබිලි වලදී කතුරුමුරුංගා කොල මලවා ආහාරයට ගන්නවා. ඒ වගේම කිරි හොද්ද පිස එයට කතුරුකොල එක් කර ගෙනහොද්ද යාන්තම් බුබුලු දමන විට බා ගන්නවා. මෙහි තන්තු බහුල නිසා ආහාර ජීරණය පහසු කරනවා. මල බද්ධය ඇති විට කතුරුමුරුංගා කොල ව්‍යංජනයක් විදිහට ආහාරයට ගන්නවා. වර්තමානයේ පපඩම් සමග ගැඹුරු තෙලින් බැද ගත් කතුරු කොළ එක් කර ගන්නවා.

තුනටිය වේදනාව සහ හන්දි ඉදිමුම නිසා ඇති වෙන වේදනාවේදී කොළ සහ පොතු අඹරාගෙන ආලේප කිරීම ගුණදායකයි. සාමාන්‍ය
තුවාල වෙනුවෙන්ද මේ ආලේපය යොදා ගත් විට එය පිරිසිදු වී දින කීපයකින් සුවය ලැබෙනවා.

ලස්සන වෙන්නත් පුලුවනි..

හමේ ඇති වෙන ලප කැලැල් මකා ගැනීමට කතුරුමුරුංගා කොළ ඉස්ම ආලේප කිරීම ගුණදායකයි. යටි පතුල් පැලෙන අපහසුතාවය අපි අතර ඉතා සුලබයි. මේ තත්වය නිසා වේදනාව වගේම පාදවල තිබෙන අලංකාර බව නැති වෙනවා. ඒ අපහසුතාවයට පිලියමක්
විදිහට කතුරුමුරුංගා මුල් වියලා කුඩු කර ගෙන මීකිරි සමග මිශ්‍ර කර ආලේප කරන්න.

කතුරුමල් වලින් පිස ගන්නා ආහාර

අපි කතුරුමුරුංගා මැල්ලුමක් විදිහට පිලියෙල කරද්දී යාන්තම් බටර් ටිකකින් තෙම්පරාදු කර ගතහොත් රසය වැඩියි. ඒ වගේම බිමට ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කරන්න. සියඹලා කොලයට සමාන හැඩ රුව ඇති මෙම පත්‍ර ලියා ගෙන වගේම කොළ විදිහටත් සකසා ගත හැකියි. සලාදයක් විදිහටත් කොළ ලියා ගෙන අමුමිරිස්, රතුළූනු , උම්මලකඩ එක් කරන්න. අවශ්‍ය පමණට ලුණු සහ පොල්ද දෙහි ඇඹුල්ද යොදා ගෙන සලාදය පිලියෙල කර ගත හැකියි.

පාන් පිටි කෝප්ප 4/1 ක් පමණ පොල්කිරිවලින් දියකර ගෙන කොකිස් බදින පදමට සාදා ගෙන එහි කතුරු මල් පෙති තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

ඒ වගේම කතුරුමල් සිහින්ව ලියා ගෙන එයට රතුළූණු, අමුමිරිස්, කරපිංචා, උම්මලකඩ ලියාගෙන එක් කරන්න. බටර් හෝ පොල්තෙල් ස්වල්පයක් ලිප තබා එයට මෙම මිශ්‍රනය දමන්න. මිරිස්, කහ, ලුණු, තුනපහ ඇති පදමට දමන්න. මිටිකිරි ස්වල්පයක් එක් කර ගෙන එය පැසුන විට ආහාරයට ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1671 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:39 AM
Script:/article/1671/goodness-of-kathurumurunga.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:39 AM
Script:/article/1671/goodness-of-kathurumurunga.html