ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

March 1, 2022
75,012
Foods to you should never give your kids
ඔබ මවක් නම් දරුවන්ට ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් ඔබටත් ගැටළු ඇති.. විශේෂයෙන් වැඩිහිටි අප සෞඛ්‍යයට හිතකර ගුණයෙන් යුතුයැයි සළකන බොහෝ ආහාර ප්‍රතික්ශේප කරන දරුවන් වඩාත් ප්‍රියකරන්නේ ආහාර අලෙවි සැල්වල ඇති නානාප්‍රකාර නම් වලින් හඳුන්වනු ලබන විවිධ ආහාර වර්ග වෙතටයි. නමුත් වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..

1. රසකල බීම වර්ග


කුඩා දරුවන් පැණිරසට ඉතාම කැමතියිනේ.. පැණි බීමවර්ග, ක්‍රීඩා බීම වර්ග, විවිධ පැහැයෙන් යුතු කාබනික පානයන් ඔවුන්ගේ ප්‍රියතම බීම වර්ගයි.. නමුත් මේවායේ විශාල වශයෙන් සීනි අන්තර්ගත වනවා. එමෙන්ම 100% පලතුරු යුෂ යැයි හඳුන්වන පාන වර්ග පවා සෞඛ්‍ය සම්පන්න නොවන අතර ගුණාත්මක බවින්ද අඩුයි. විශේෂයෙන් පළතුරුවල අඩංගු තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ, පලතුරු යුෂ බවට පත්කිරීමේදි අහිමිවන අතර සීනි පමනක් ඒවායේ ඉතිරිවනවා.. එමනිසා පළතුරු යුෂ ලබාදීමෙන් ඔබ බලාපොරොත්තු වන පෝශණය ඔබේ දරුවාට නොලැබෙනවා මෙන්ම දිනපතා ලබාදීමෙන් දරුවාගේ දත් දිරායාම වේගවත් වීමද සිදුවනවා..


2. උදෑසන ධාන්‍ය සීරියල්


බොහෝ උදෑසන ධාන්‍ය සීරියල් සහ පේස්ට්‍රි වර්ග පිරිපහදු කළ පිටි භාවිතයෙන් සකසා ඇති අත‍ර ඒවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ අඩංගු සීනි මට්ටම ඉහල යාම සිදුවනවා. විශේෂ‍යෙන් දරුවා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම නොකරන්නේ නම් සිරැරේ බර ඉහළ නංවන අතර කිසිදු පෝශ්‍ය පදාර්ථයක් එමගින් දරුවාට නොලැබේ. එමෙන්ම දරුවන් ආකර්ශනය කරගැනීමට ඒවාට විවිධ කෘත්‍රිම වර්ණයන් එක්කර තිබෙන අතර ඒවා මගින් දරුවන්ගේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීමද සිදුවනවා.


3. සකස්කරන ලද මස්වර්ග


සකස් කරන ලද මස්වර්ග සහිත හොට් ඩෝග් සහ බර්ගර්, සොසේජස්, හැම්‍ යනු නූතන පරම්පරාවේ ජනප්‍රියම ආහාර වර්ගයි.. නමුත් මෙවැනි සකස් කරන ලද මස් වර්ගවල ලුණු, අධික මේදය සහ නයිට්රේට් ආදිය අන්තර්ගත වනවා.. විශේෂයෙන් නයිට්‍රේට් උග්‍ර පිළිකා කාරකයක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම සකසන ලද මස් වර්ග සහිත කෑම දරුවන්ට ලබාදීමෙන් හෘදයාබාධ, තරබාරුව සහ පිළිකා ආදි රෝග ඇතිවීමේ අවධානම ද වැඩිවනවා.


4. ගැඹුරු තෙලේ බදින ලද කෙටි ආහාර


chicken nuggets, fish sticks ආදි ගැඹුරු තෙලේ බදින ලද කෙටි ආහාර වර්ගද දරුවන්ට ලබාදීම ඉතාමත් නුසුදූසු ලෙසයි සැලකෙන්නේ.. ඒවායේ ස්වභාවික නොවන අමුද්‍රව්‍ය වර්ග 20 ක් පමණ අන්තර්ගතවන අතර පිරිපහදු කළ පිටි දවටා , හයිඩ්‍රජනීකෘත එළවළු තෙල් වැනි ට්‍රාන්ස් මේදය අඩංගු ගඹුරු තෙලෙහි බදිනු ලබනවා. පසුව ඒවා විවිධ කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු සෝස් සමග දරුවන්ගේ ආහාරයට ලබාදෙනවා.. ඒ සියල්ල මගින් දරුවාට අහිතකර බලපෑම් ගෙන එනු ලබන අතර හෘදයාබාධ, තරබාරුව සහ පිළිකා ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.


5. මැක් ඇන්ඩ් චීස්


මැක් ඇන්ඩ් චීස් කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරයක්.. පිරිපහදු කල පිටි සහ මේදය සහිත කල්තබා ගන්නා ද්‍රව්‍ය , සෝඩියම් ආදිය නිසා එය කිසිසේත්ම ශරීරයට හිතකර ආහාරයක් ලෙස හැදින්වීමට නොහැකියි. විශේෂයෙන් ඒවායේ භයානකම රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකෙන තැලේට් (phthalate) අඩංගු විය හැකි අතර එය කුඩා දරුවන්ට ඉතා අහිතකර රසායනයකි.


6. Kids’ Meals


බොහෝ ආහාර අලෙවි සැල්වල ඇති ජනප්‍රියම අංගයක් වන්නේ ළමා ආහාර ( Kids’ Meals) වර්ග වන අතර ඒවායේ හැම්බර්ගර්, ග්‍රිල් කළ චීස් සැන්ඩ්විච්, ෆ්‍රයිස් සහ සීනි සහිත බීම වර්ගයක් අන්තර්ගත වනවා.. එය කුඩා ළමුන් සහ දෙමවුපියන් අතර එකසේ ජනප්‍රියයි.. නමුත් ඒහි අඩංගු අධික සීනි සහ මේදය, කැලරි ඔබගේ දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

බොහෝ ජනප්‍රිය ළමා ආහාර වර්ග හේතුවෙන් දරුවන් සිදුවන්නේ අධික ලෙස බර වැඩි වීම, දෙවන වර්ගයේ දියවැඩියාව, පිළිකා සහ හෘදයාබාධ ඇතිවිමේ අවධානම ඉහළ යාමයි. පූර්ණ ධාන්‍ය අඩංගු පාන්, ධාන්‍ය සහ ඇට වර්ග, පළතුරු , එළවලු , නැවුම් මාලු වැනි ආහාර දරුවන්ට ලබාදීම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගත හැකියි මෙන්ම අවසානයෙ නිරෝගී ප්‍රීතිමත් දරුවෙකු ඔබට දැකිය හැකි වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,591
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,499
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   71,004
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
How a thin girl can choose a saree to look full
   35,269
   20

සිහින් සිරුරක් තියෙන කෙනෙක් පිරිලා පේන විදිහට සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි

මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සිහින් සිරුරක් තියෙන, සාරි අඳින ඔයා වෙනුවෙන්මයි

Latest Articles

Most Viwed