මේ දේවල් ඔය යුවළ ළඟ තියෙනවා නම් විවාහය බිඳ වැටෙන්න ළඟයි

May 24, 2020
10,485
These signs tells you that you are heading a divorce
ඔයා සහකරු සමග සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් පුද්ගලයෙකු විවාහ කර ගන්නවා. ඔයා තෝරා ගන්නා සහකරු ඔයාගේ මුළු ජීවිත කාලය පුරාම සහකාරයා වීමට අවශ්‍ය වෙනවා. නමුත් අපිට ඕන විදිහට අපේ අපේක්ෂාවන්ට ඉටු වෙන්නේ නැහැ. ඒ අවස්ථාවලදී විවාහය පිළිබඳ ඔයා සතුව තිබූ සියලු සැලසුම් සහ බලාපොරොත්තු සමහර විට බිඳ වැ​ටෙන්න ඇති. නමුත් ඔයා සම්බන්ධතාවය රැක ගැනීම​ට කිහිප වතාවක් උත්සාහ කරන්න ඕනේ. ඔයා නැවත නැවතත් ඔයාගේ උත්සාහයන් අසමත් වන්නේ නම් විවාහය දික්කසාදයකින් ඉවර වේවි. අද හැඩකාරී අපි ඒ සම්බන්ධයෙන් අනතුරු හඟව​න සලකුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් කතා කරනන් හිතුවා.


1. ඍණාත්මක බවක් තිබේ
ඔයාගේ සහකරු ඔයා කරන කියන දේ ගැන ඍණාත්මක දෙසින් බලනවා නම් හෝ අගෞරවනීය ලෙස හැසිරෙනවා නම් විවාහය දෙදරා යන්න ඉඩක් තිබෙනවා. ඔයා නිතරම වාද කරමින් හෝ රණ්ඩු කරමින් ඔහු ළ​ඟ ඉන්න උත්සහා කරත් එයින් කිසි ඵලක් නැහැ.

2. අවිශ්වාසය අවසන් නොවේ
වංචාවකට වරක් හෝ දෙවරක් සමාව දෙන්න පුළුවන්. නමුත් සිදු වූ වරද​කට සහකරු අවංකවම සමාව ගත යුතු අතර නැවත විවාහයෙන් ​ඈත් නොවන බවට පොරොන්දු කරන ගන්න. සහකරු තමන් කළ දේ ගැන පසුතැවිලි නොවී දිගටම වංචා කරන්නේ නම්, ඔහු ගැන විශ්වාසයක් තැබීමට අමාරුයි.

3. තවදුරටත් ශාරීරිකව සමීප වන්නේ නැත
අපි කතා කරන්නේ ලිංගිකත්වය ගැන පමණක් නෙමෙයි, අත් අල්ලා ගැනීම, එකිනෙකා බදා ගැනීම, හුරතල් කිරීම හා සිප ගැනීම වැනි මෘදු නමුත් සැනසිලිදායක ස්පර්ශයන් සමඟ සබඳතා ශක්තිමත් වෙනවා. මෙම ස්පර්ශයන් මගින් වඩාත් ගැඹුරු ලෙස ආදරය කරන බව සන්නිවේදනය කරනවා. එය තවදුරටත් සිදු නොවන්නේ නම් එය සුබ සලකුණක් නෙමෙයි.
විවාහ දිවියේදී එක් අයෙක් ලිංගිකව හැසිරීමට කැමති විට අනෙකා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය විශාල ගැටලුවක්. මෙය ප්‍රතික්ෂේප කරනු ලබන පුද්ගලයා​ගේ ආත්ම අභිමානයට බරපතල ලෙස බලපානවා.

4. තවදුරටත් කිසිවක් බෙදා නොගනී
ඔහුගේ හැඟීම්, අදහස්, බිය සහ දෛනික අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා නොගන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔයාගේ ජීවිතය එකිනෙකාට කැප කර නොමැති බවයි. මානසික ආතතිය දුරු කිරීමට සහ සහකරු සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට සන්නිවේදනය අත්‍යවශ්‍ය වෙනවා. විවාහයේදී අනිකා සම​ග තම හැඟීම් බෙදාගැනීම හෝ අනෙකාගේ හැඟීම් ඇසීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය විවාහය දෙදරා යන බවට පැහැදිලි ලකුණකි.

5. එකිනෙකා ගැන උනන්දුවක් නැහැ
ඔයාගේ සහකරු ඔයා සමඟ කිසිවක් බෙදා නොගන්නාවා පමණක් නොව, ඔයාගේ ජීවිතයේ සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමටද ඔහුට අවශ්‍ය නැතිනම් මෙයින් පෙන්නුම් කරන්නේ සහකරු ඔයා කෙරෙහි දක්වන උනන්දුව අඩු වීමයි. විවාහය පිළිබඳ හොඳම දෙය නම් ඔයාට කථා කිරීමට හා සවන් දීමට හැකි සහකරුවෙක් සිටීමයි. ඔබ දෙදෙනාම එකිනෙකා ගැන දැන ගැනීමට උත්සාහ නොකරන විට, විවාහය සාර්ථක වෙන්නේ නැහැ.

6. ඇබ්බැහි වීම ජීවිතය විනාශ කරයි
ඔහු මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ඔයාගේ විවාහය විනාශ වෙන්න පුළුවන්. යම් පුද්ගලයෙකු තම මාර්ග වෙනස් කිරීමට අකමැති නම්, එය දිනපතා පුරුද්දක් බවට පත්වන අතර ඔයාට අපහාසවලින් හා සමහර අවස්ථාවලදී ශාරීරික හිංසනයෙන් බේරීමටද ඉතා අපහසු වෙනවා.

7. රහස් හෙළිවී​ම
ඔයාගේ සහකරු වෙනත් කෙනෙකු සමඟ ආදරයෙන් බැඳී සිටින බව ප්‍රකාශ කරන්නේ නම්, විවාහය නතර කිරීම හැර ඔයාට එයට කළ හැකි කිසිවක් නැහැ. ඔයාගේ හදවතට ඇහුම්කන් දී ඔබ දෙදෙනාට වඩාත් සුදුසු දේ කරන්න. එය මෙම විවාහය අවසන් කිරීමට අවශ්‍ය නම්, නිර්භීත වී එය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1616 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:38:34 PM
Script:/article/1616/these-signs-tells-you-that-you-are-heading-a-divorce.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:38:34 PM
Script:/article/1616/these-signs-tells-you-that-you-are-heading-a-divorce.html