ගර්භනී සමයේදී ඔබට අතින්වන බොහෝ ගැටළු වලට එකම විසඳුමක්

June 14, 2018
5,774
One solution for lot of problems you face while you are pregnant
කොමඩු කියන්නේ ඕනෑම කෙනෙක් ආස කරන පලතුරක්නේ. ඒ වගේම ඉතාමත් රසවත් සහ ගුණදායක පළතුරක්. විශේෂයෙන් ගර්භනී සමයේදී කොමඩු ආහාරයෙන් මවට ඉතා ඉහල සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. බලන්න ඔයා මේ දේවල් ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියද කියලා.

ගර්භනී කාන්තාවෝ ගොඩක් වෙලාවට ආහාර ජීර්ණ ගැටළු වලින් පීඩා විඳිනවා. විශේෂයෙන් පපුවේ ඇති වන දැවිල්ල, බඩේ ඇසිඩ් වැනි තත්ත්වයන් ඇති වීමට කොමඩු කියන්නේ හොඳ විසඳුමක්. ඒ වගේ තත්ත්වයන්ට කොමඩු වලින් ඉක්මන් සහනයක් ලබා දෙනවා.

ඉදිමීම අඩු කරන්න කොමඩු උදවු වෙනවා. ඒ කියන්නේ ගර්භණී සමයේදී ගොඩාක් වෙලාවට මවගේ අත්වල සහ පාදවල ඉදිමීමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. කොමඩු වල අඩංගු ජල ප්‍රමාණය ශිරා සහ මාංශ පේශි වල අවහිරතා ඇති වීම අවම කරනවා. ඒ මඟින් ඇති වන ඉදිමීම් තත්ත්වයන් අවම කරනවා.

උදෑසන අවදි වුණාට පස්සේ ගොඩක් ගර්භනී මව්වරුන්ට ඇති වන විඩාබර ගතිය, අසනීප තත්ත්වය අවම කරවන්න කොමඩු වලට හැකියාව තියෙනවා. උදෑසන අවදිවිමෙන් පසුව ඔබට කොමඩු යුෂ පානය කරන්න පුළුවන් නම් සිරුරට ශක්තිය ලබා ගන්න එය හොඳ ක්‍රමයක්.

ඒ වගේම ගර්භනී වීමෙන් පසු සාමාන්‍යයෙන් මවගේ ශරීරයේ උණුසුම තරමක් ඉහල යනවා. ඉහල යන ශරීර උෂ්ණත්වය අවම කර ගනිමින් ශරීරය සිසිල්ව තබා ගන්න කොමඩු වලට පුළුවන්.

මවට ගර්භනී සමයේදී විජලනය වැනි තත්ත්වයක් ඇති වුනොත් එය නොමේරූ දරු උපතක් සඳහා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ගර්භනී ඔබ විජලනය ඇති වීම වැළැක්වීම සඳහා වැඩිපුර ජලය පානය කළ යුතුයි. කොමඩු කියන්නේ ඒ සඳහා තවත් හොඳ මුලාශ්‍රයක්.

මේ කාල සීමාවේදී මවගේ සිරුරේ වෙනස්කම් රාශියක් සිදු වෙනවා. බර වැඩි වෙනවා, හෝමෝන වල වෙනස්කම් සිදු වෙනවා, මාංශ පේශීන් වල වේදනාවන් ඇති වෙනවා. අස්ථි වල වේදනාවන් ඇති වෙනවා. මේ අපහසුතාවයන් වලට සහනයක් ලබා දෙන්න කොමඩු වලට පුළුවන්.

පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ වර්ග බොහොමයක් අඩංගු වන කොමඩු වල විටමින් A, B1 සහ B6 ද අඩංගු වෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ශක්තිය ලබා දෙනවා. ඒ නෙවෙයි දරුවාගේ දෘෂ්ටිය, ප්‍රතිශක්තිකරණය සහ ස්නායු පද්ධතිය සංවර්ධනය කිරීම සඳහාද මෙය ඉවහල් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 880 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/880/one-solution-for-lot-of-problems-you-face-while-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/880/one-solution-for-lot-of-problems-you-face-while-you-are-pregnant.html