ඔබ ගන්නා මේ දැඩි තීරණ 5 ඔබේ දරුවා ප්‍රසන්න දරුවෙකු කරනවා නිසැකයි

October 6, 2019
4,595
5 strict steps to make a pleasant child
කුඩා දරුවෙකුට සාරධර්ම කියා දීම තුළින් තමයි ගුණ ගරුක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සාරධර්ම කියා දීම තුළින් දෙමාපියන් බලාපොරොත්තු වන්නේ සමාජයේ ඔබේ දරුවා යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමයි. දරුවෙකුට හොඳින් හැසිරෙන්නට කියා දීම සහ නිවැරදි ලෙස තම ජීවිතය හැඩගස්වා ගැනීමට කියා දීම මව්පියන්ගේ වගකීමක්. අම්මෙකුගේ වගකීම හරි ලෙස ඉටු නොකළොත් ඔබේ දරුවා ඔබට අකීකරු වන දවස වැඩි ඈතක නොවේ. කුඩා කාලයේ සිටම දරුවන්ව හරි මඟෙහි යැව්වේ නැති නම්, පසුකාලීනව දරුවන්ව නිවැරදි මඟට ගැනීම ඉතා අපහසුයි. ඉතින් අද හැඩකාරී අපි ඔයාට දරුවෙකුට සාරධර්ම කියා දීමේ පියවර 5ක් ගැන කියා දෙන්න තීරණය කළා.

නීති පනවන්න

දරුවෙකු නිසි මඟට ගැනීමේදී අත්‍යාවශ්‍යම සාධකය තමයි නීති පැනවීම කියන්නේ. නමුත් දරුවාගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා වන සේ නීති පනවන්න එපා. නමුත් නීති පැනවීම කළ යුත්තේ දරුවන්ට හරි දේ සහ වැරදි දේ තේරුම් ගත හැකි අවධිය පැමිණි විටදියි. ඔයා දරුවන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීම ඔවුන්ට නිවැරදි ලෙස සන්නිවේදනය කළ යුතුයි. එමෙන්ම නීති කැඩුවොත් සිදු වන දෙය ගැනත් ඔවුන්ට කලින්ම අවවාද දිය යුතුයි.

කාල සටහනකට අනුව වැඩ කිරීමට උනන්දු කරන්න

දරුවා උදේ අවදි වූ වෙලාවේ සිට, නින්දට යාම තෙක් කළ යුතු වැඩ රාජකාරි වල ලිස්ට් එකක් හා ඒවා කළ යුතු වේලාවන් යොදා කාලා සටහනක් සකසන්න. කාල සටහනකට අනුව වැඩ කිරීමට කුඩා කළ සිටම ඔවුන්ව එයට හුරු කරවන්න. දරුවාගේ කාල සටහන කිසියම් උවමනාවකට වෙනස් කිරීමට සිදු වෙනවා නම් දරුවාව දැනුවත් කරන්න.

ස්වභාවික ප්‍රතිඵල වෙනස් කරන්න එපා

සමහර මව්පියන් දරුවාට ඇති, දැඩි ආදරය නිසා දරුවා අතින් සිදු වන වැරදීම් නොසලකා හරිනවා. දරුවාගේ වැරදි වලට දෙමව්පියන් මැදිහත් වී ඔවුන් බේරා ගන්නවා. එසේ කිරීමට යාමෙන් ඔයාගේ දරුවා ඊළඟ දිනයේත් වැඩ අතපසු වීම, අනෙකුත් ළමුන් සමග දබර ඇති කර ගැනීම, ගුරුවරුන්ට ගරු නොකිරීම වගේ දේවල් දිගින් දිගටම සිදු වේවි. ඒ දෙමව්පියන් මැදිහත් වී තමාට අවාසියක් වීමට ඉඩ නොදෙන බව දන්නා නිසා. එවිට ඔවුන් නිවැරදි ලෙස ජිවත් වීමට උනන්දු වෙන්නේ නැහැ. දරුවාගේ අඩුපාඩු නොසලකා හැරීමෙන් ඔවුන් දිගින් දිගටම අඩුපාඩු සහිතව වැඩ කිරීමට පෙළඹෙනවා. ඔබ සතුව දරුවන් කීප දෙනෙකුම සිටිනවා නම්, අන් අයත් වැරදි කිරීමට පෙළඹෙනවා.

අවවාද ලබා දෙන්න

දරුවෝ කියන්නේ සෙල්ලමට බර, වගකීම් ඉක්මනින් අමතක වන පිරිසක්. ඉතින් ඔවුන් තමන්ගේ වගකීම් අතපසු කරන බව දැනුනු විගස ඔවුන්ට එය නැවත මතක් කරලා දෙන්න. අම්මගේ අවවාදය සෘජුව ලබා දීමෙන් දරුවා නැවත තමන්ගේ කාර්යයේ නිරත වෙනවා නම්, දෙමව්පියන්ට බිය වෙන්න දෙයක් නැහැ. ඔවුන් නිවැරදිව ඔවුන් කළ යුතු දෙය ගැන හොඳ වැටහීමකිනුයි සිටින්නේ.

ආචාරශිලිව කතා කරන්න උගන්වන්න

දරුවන් තමන්ගේ වැඩ අතපසු කළ විට හෝ වරදක් කළ විට අශිලාචාර වදන් වලින් ඔවුන්ට බැන වදින්නට යන්න එපා. එය ඔබ දරුවාගේ මනසට සිදු කරන හානියක්. එවිට දරුවා තමන්ගේ වැඩ රාජකාරි වල නිරත වන්නේ ඔයාට ඇති බිය නිසා මිස තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි. අනිත් කරුණ නම්, දරුවාත් දෙමව්පියන් අනුගමනය කර රෞද්‍රව හැසිරෙන්නට ඉඩ තිබෙනවා. වචන කීපයකින්, සරලව ඔයාට පැවසීමට ඇති දේ දරුවන්ට පවසන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   38,670
   67

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Do you need a happy healthy child?
   20,615
   55

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍යද.. එසේනම් මේ පියවර අනුගමනය කරන්න

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍ය නම් ඔබ අනිවාර්‍යෙන් පිළිපැදිය යුතු පියවර කිහිපයක් හැඩකාරි අපි ඔබවෙත ගෙන එනවා
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   23,365
   53

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි
How to avoid hair loss from dandruff
   16,391
   51

හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නේ කෙසේද?

හිස්සොරි නිසා හිසකෙස් ගැල්වීයාම වැඩි නම් ඔබ හිස්සොරි හැදෙන්න හේතුව සොයා ගැනීම ඉතාම වැදගත්. අද හැඩකාරීගෙන් ඒ හේතු සහ කල යුතු දේ ගැනයි මේ සටහන..
Consequences of oversleeping
   5,302
   50

ඔබත් ලොක්ඩවුන් කාලයේ වැඩිපුර නිදාගත්තාද..එසේ නැතිනම් විවේක කාලයේදි අධික ලෙස නිදාගැනීමට හුරුවෙලාද? දන්නවාද එමනිසා ඔබට සිදුවන දේ..

ලොක් ඩවුන් එක මුලදී ඉතා විනෝදජනක වුවත් ක්‍රම ක්‍රමයෙන් ඉතා අලසකාරි බවකින් සියලු දෙනා වෙළාගනු ලැබූවා.. දවසින් වැඩි කාලයක් බොහෝ දෙනා නින්දට හුරුවුනා. එයින් අපිට සිදු වෙන බලපෑම ගැන පර්යේෂකයක් සොයාගත් දේ ගැනයි අද හැඩකාරිගෙන් මේ සටහන..

Latest Articles

Most Viwed