නිවුන් බබාලාගේ ආරක්ෂාව තහවුරු කරගන්න ටිප්ස් 8ක්

May 29, 2020
5,457
Safety of twins
සාමාන්‍යයෙන් එක් දරුවෙකු රැකබලා ගන්නවා වගේ නෙමෙයි නිවුන් දරුවන් රැකබලා ගැනීමේදී මවට අමාරු අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම සීමිත සම්පත් තුළ කාලය, ශාරීරික හැකියාවන් සහ තවත් කෙනෙකුගේ උදව් මවට ඕන කරනවා. අම්මා කෙනෙක් නිවුන් බබාලා බිහි කරනවා කියන්නේ වගකීම් දෙගුණයකින් වැඩි වෙනවා කියන එකයි. නමුත් ඔයා ඒ වගකීම් නිසි ලෙස ඉටු කළ පසු ඔයාට ලැබෙන තෘප්තිය ද දෙගුණයකින් වැඩි වෙනවා. අද හැඩකාරී අපි ඔයාට නිවුන් බබාලාගේ ආරක්ෂාව තහවුරු කරන ටිප්ස් ගැනයි කියලා දෙන්න හිතුවේ.

නිවුන් දරුවන් රැකබලා ගැනීමට සරල උපදෙස්

නිවුන් දරුවන්ට එකම වේලාවකදී මව් කිරි දෙන්න
මුළු දවස පුරා නිදා ගැනීමට පෙර දරුවාන්ට පෝෂණය අවශ්‍ය කරනවා. ඉතිං නිවුන් දරුවන්ට මව් කිරි දෙනකොට දෙදෙනාටම එකට පෝෂණය කරන්න. එක් නිවුන් දරුවෙකු පෝෂණය කරන විට අනෙකා තවමත් නිදි නම් දරුවාව අවදි කරන්න. ඇත්තටම එය ප්‍රායෝගිකයි. දරුවන් දෙදෙනාම එකවර පෝෂණය කළ හැකි වන පරිදි ද්විත්ව පෝෂණ කොට්ටයක් භාවිතා කරන්න. එමගින් මවට දීර්ඝ වෙලාවක විවේකයක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ ළදරුවන් දෙදෙනාම එකට පෝෂණය කිරීමට ඔයාට අපහසු නම්, ළදරු බෝතලයෙන් පෝෂණය කරන්න.

නිවුන් දරුවන්ගේ කාලසටහන පිළිබඳ සටහනක් තබන්න
දින කිහිපයක් සඳහා, දරුවන්ගේ චර්යාවන් ලියා තබන්න, එමඟින් ඔයාට ළදරුවන් සම​ග එකම කාලසටහනකට අනුව කටයුතු කිරීමට පුළුවන්. පෝෂක ගණන, ඔවුන්ගේ නින්දේ කාලය සහ ඔවුන් පාවිච්චි ක​ළ ඩයපර් ගණන පිළිබඳ වාර්තාවක් තබා ගන්න. 

නිවුන් දරුවන්ට නිදා ගැනීමට විවිධ ක්‍රම අත්හදා බලන්න. 
ළදරුවන් දෙදෙනාවම එකවර නිදා කිරීම දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. ඔයාට උත්සාහ කළ හැකි ක්‍රම කිහිපයක් මෙන්න:

• දරුවන්ව වඩා ගෙන වටේ ඇවිදින්න

• ළදරු තොටිල්ල මත තබා සෙමින් පද්දන්න

• දරුවන් බ්ලැන්කට්ටුවක් මත තබන්න

• ළදරුවන්ට සුවපහසුව ඇති වන ලෙස රෙද්දකින් දරුවාව ඔතන්න 


ඔයාගේ නිවුන් දරුවන් පහසුවෙන් නින්දට වැටෙන ස්ථාන පිළිබඳවද ඔයාට සටහනක් තබා ගත හැකි අතර, එම ස්ථානවල ඉහත ක්‍රම අත්හදා බලන්න.

Double stroller එකක් ගන්න  
ඔයාට නිවුන් ළදරුවන් එකවර රැගෙන යාම අපහසුයි. එමනිසා, ඔයා සන්ධ්‍යාවේ ඇවිදීම හෝ වෙනත් විවේකී ක්‍රියාකාරකම් සඳහා double stroller එකක් මිලදී ගන්න. එවිට නිවුන් දරුවන්ට අවශ්‍ය සියලුම භාණ්ඩද රැගෙන යාමටද පුළුවන්.

උදව් ඉල්ලන්න
ඔයාට උදව් උපකාර අවශ්‍යයි. ළදරුවන් රැකබලා ගැනීමට උදව් කරන ලෙස ඔයාගේ පවුලේ සාමාජිකයන්ගෙන්, මිතුරන්ගෙන් සහ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔයාට උපකාර කිරීම සඳහා ඔයාගේ දෙමව්පියන්ට පළමු මාස කිහිපය තුළ නිවසේ නැවතීමට ඉඩ දෙන්න.

ඉදිරිය සැලසුම් කරන්න
ළදරුවන් ස්නානය කරවීමට පෙර, තුවා, ඩයපර් සහ ඇඳුම් ළඟින් තබා ගන්න. නිවුන් දරුවන් සමඟ පිටතට යන විට ඔයාට භාවිතා කළ හැකි අත්‍යවශ්‍ය දෑ සහ වතුර සහ සුළු කෑමවලින් පිරුණු තවත් බෑගයක් සූදානම් කර තබන්​න. එවිට ඔයා පිටතට යන සෑම අවස්ථාවකම ඇසුරුම් කිරීමේදී කාලය ඉතිරි වෙනවා.

යම් කාලයක් වෙන් කරන්න
ඔයා කාර්යයන් කොතරම් හොඳින් සැලසුම් කළත්, දවස අවසානයේදී ඔයා වෙහෙසට පත් වෙලා. ඔයාට සැහැල්ලුවෙන් සිටීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. එමනිසා, ඔයාගේ වැඩවලින් විවේකයක් ගෙන ඔයා වඩාත්ම කැමති දේ කරන්න - රූපවාහිනිය නරඹන්න, උණුසුම් ස්නානයක විවේක ගන්න හෝ පොතක් කියවන්න. මෙය ඔයාගේ නිවුන් දරුවන් හදා වඩා ගැනීමේදී ඔයාව සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාර කරනවා.

ශීතකරණයේ තබා ගත් ආහාර භාවිතා කරන්න
ළදරුවන් දෙදෙනෙකු රැකබලා ගනිමින් පවුල වෙනුවෙන් ආහාර පිසීම අමාරු වැඩක්. කලින් සකසා ශීතකරණයේ තබාගෙන, රාත්‍රී භෝජනයට පෙර රත් ක​ර ආහාරයට ගත හැකි ආහාර පිළියෙළ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1626 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:14 PM
Script:/article/1626/safety-of-twins.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:14 PM
Script:/article/1626/safety-of-twins.html