ගර්භනී සමයේදී වැඩිපුර වතුර පානය කිරීමේ වැදගත්කම ගැන දන්නවද?

November 29, 2017
6,332
Do you know the importance of drinking sufficient water when pregnant
ගර්භනී මවකට විතරක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් පවා අනිවාර්යෙන් දිනකට සිරුරට අවශ්‍ය කරන දෛනික ජල අවශ්‍යතාව සම්පුර්ණ කල යුතුයි. මොකද අපේ සිරුරෙන් වැඩි ප්‍රමාණයක් සකස් වෙලා තියෙන්නේ ජලයෙන්. ඒ නිසා දිනකට සාමාන්‍ය පුද්ගලයෙක් වතුර විදුරු 8ක් වත් පානය කල යුතුයි. හැබැයි මේ ප්‍රමාණය ගර්භනී මවක් ගැන සලකා බැලීමේදී වෙනස් වෙනවා.

ගර්භනී සමයේදී මවකගේ අහාර රටාවේ ලොකු ලොකු වෙනස් කම් වෙනවා වගේම වතුර වැඩි පුර පානය කිරීමත් ඉතා වැදගත්. එය දිනකට වීදුරු 10 සිට 12 දක්වා ප්‍රමාණයක් වනවා. එය එසේ වන්නේ දැන් ඔයා තවත් ජිවිතයක් සුරක්ෂිත කරන්න ඕන නිසා. ඒ වගේම ගර්භණී කාලයේ දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ජලය අත්‍යාවශ්‍යම දෙයක්.

කුස තුල වැඩෙන කළලයේ යහපත් වර්ධනය රඳා පවතින්නේ ඔබ නිරන්තරයෙන් පරිභෝජනය කරන පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ද්‍රව්‍ය මතයි. ඒ පෝෂ්‍ය පදාර්ථ දරුවා වෙත රැගෙන යන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ ජලය. ඒ නිසා තමයි මේ කාලයේදී වැඩි පුර වතුර පානය ඒ තරම් වැදගත් වෙන්නේ.

සිරුරේ අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කර ගන්න වතුර වැඩි පුර පානය වැදගත්. ගර්භනී සමයේදී නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඉතින් ඒ කාර්ය ගැටලුවකින් තොරව ඉටු කරන්න නම් අනිවාර්යෙන් වතුර වැඩිපුර පානය කරන්න වෙනවා.

ඒ වගේම ගර්භනී වීමෙන් පසු සාමාන්‍යයෙන් මවගේ ශරීරයේ උණුසුම තරමක් ඉහල යනවා. වැඩි වශයෙන් වතුර පානය කිරීම මඟින් ඒ ඉහල යන ශරීර උෂ්ණත්වය මනාව පාලනය කර ගන්න ඔයාට පුළුවන්. ශරීරය සිසිල්ව තබා ගන්න පුළුවන්.

ගර්භනී සමයේදී සමේ ගැටලු ඇති වන ගැටළු වලට තියෙන තවත් හොඳ විසඳුමක් තමයි වතුර බොන එක. ඒ වගේම සමේ සංවේදී බව හා නැවුම් බව ආරක්ෂා කර ගන්න ජලය උපකාර කරනවා. දරුවාගේ සම මෘදුව තබා ගන්නත් දරුවාගේ සම වියලිමෙන් ආරක්ෂා කර ගන්නත් එයින් පුළුවන්.

ගැබ් ගැනීමත් සමඟ ශරීරයේ ඇතැම් ස්ථානවල ඉදිමීමක් දකින්න පුළුවන්. විශේෂයෙන් කකුල් වල. මේ තත්ත්වය අවම කර ගන්නත් වතුර පානය කරන එක ගොඩාක් හොඳයි.

ඒ වගේම වතුර පානය කරද්දී අනිවාර්යෙන් උණු කර නිවා ගත් සහ පෙරා ගත් පිරිසිදු ජලය පානය කිරීම අනිවාර්ය කාරණාවක්. මොකද කුස තුල වැඩෙන දරුවාගේ ආරක්ෂාව ගැනත් ඔබ අනිවාර්යෙන් සිතිය යුතුයි. එසේ කිරීම මඟින් විෂබීජ හෝ හානිකර බැක්ටීරියා, වෛරස් හෝ විවිධ අහිතකර රසායනික හා අප ද්‍රව්‍ය ඔබේ සිරුරට ඇතුළු වීම වළක්වනවා. එය බෝවන රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. කළලයත් සුරකිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 548 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:35 PM
Script:/article/548/do-you-know-the-importance-of-drinking-sufficient-water-when-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:36 PM
Script:/article/548/do-you-know-the-importance-of-drinking-sufficient-water-when-pregnant.html