ඔබේ දරුවාට ඇති ඔටිසම් අවදානම පිළිබඳ ඔබ දැණුවත්ද? - 1 කොටස

May 8, 2019
8,401
Are you aware of signs of autism in your child? Part 1
බොහෝ දෙමවුපියන් දරුවන්ගේ ලෙඩක් දුකක් හඳුනාගන්නේ දරුවන්ගේ හැසිරීමෙන්. නමුත් කිසිසේත් නොසිතන හැසිරීම් ලක්ෂන සමගින් පිටතට පෙන්වන රෝග ලක්ෂණත් තියෙන්නට පුළුවන්. මෙහෙම කිවුව ගමන් බිය​ නොවී මේ සටහන කියවන්න. කොයි අම්ම තාත්තාවත් අකමැති දෙයක් ‌තමයි තමුන්ගෙ දරු පැටියට කරදරයක් වෙන එක. හැමෝම ආසා තමුන්ගේ දරුවා සුවසේ දියුණු වෙන එක සහ වැඩෙන එක. ඉතිං ඔය විදියට හිතනකොට අපිට ඔ‌ටිසම් ගැන කතා නොකරම බැහැ. අවුරුදු එකහමාරක පමණ කාලයේදී දරුවෙකුගේ හැසිරීම්වලින් හඳුනාගන්න පුළුවන් දෙයක් වෙන ඔ‌ටිසම් රෝගය නිසා දරුවාගේ දියුණුවිය යුතු සහ වර්ධනය විය යුතු බොහෝ පැතිවල නොදියුණුවක් දැකගන්නට පුළුවන්. කතා කිරීමේ අඩුවක්, සෙල්ලම් කිරීමේ අඩුවක් හෝ අනිත් අය සමග ගණුදෙනු කිරීමේ අඩුවක් ඔටිසම් නිසා මුහුණ පාන්නට සිදුවිය හැකි නිසා මේ සටහන දරුවාටත් ඔටිසම් රෝගය ඇතිදැයි සොයාගන්නට දෙමවුපියන්ට ප්‍රයෝජනවත් වේවි. කොහොම වුනත් මේ සියල්ල ගැන අවසන් තීරණයකට එන්නට පෙරාතුව වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යෙන්ම කළ යුතුමයි.

දරුවා ඔබට මුහුණ දෙන්නේ අපහසුවෙන්ද? දරුවා සහ ඔබේ ඇසින් ඇස ගැටීම දරුවා මගහරිනවාද? දරුවන් තමන් ආදරය කරන පිරිස වගේම තමුන් නොදන්නා ආගන්තුකයින් දෙසත් ඇස මග‌ නොහැර බලා සිටින්නට කැමැත්තක් දක්වනවා. නමුත් ඔටිසම් රෝගය වැලඳී ඇති දරුවන් ඇසින් ඇස ගැටීම වළක්වන්නට ඉඩ තිබෙනවා. ඇතැම් දරුවන් කිසිම මොහොතක ඇසින් ඇස ගැටීමට ඉඩක් දෙන්නේ නැහැ. නමුත් එයින් ඇසින් ඇස නොගැටෙන්නට වගබලාගන්නා දරුවන් හට ඔටිසම් රෝගය වැළඳී ඇති බව කියන්නට නොහැකියි. එය ඇතැම්විටෙක් ඔවුන් තුළ ඇති ලැජ්ජාව නිසාත් මතුවිය හැකි ලක්ෂණයක් ලෙසින් අදහස් වන්නට පුළුවන්.

ඔබේ දරුවාත් සාමාන්‍යයෙන් එකම දේ එකම අයුරින් දිගින් දිගටම පවසනවා නම්, ගීතයක් සේ ගයමින් සිටිනවා නම් එය ඔටිසම්වල මූලික ලක්ෂණයක් ලෙසින් හැඳින්වීමේ හැකියාවක් තිබෙනවා. ස්ක්‍රිප්ටඩ් ලැන්වේජ් කියල හඳුන්වන මේ දේ ගැන අවධානයෙන් සිටිය යුතුමයි. සාමාන්‍යයෙන් දරුවා මෙවන් තත්ත්වයක් සිටිනවා නම්, තව ටික දවසක් බලමු වැනි අදහසක් නොදරා දෙමවුපියන් ‌ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය
යුතුයි. මේ ඔබේ දරුවාගේ ජීවිතයයි. විශේෂයෙන්ම සිදුවිය යුත්තේ දරුවා පිළි​බඳව අවධානයෙන් සිටීමයි. නැතිනම් ඔබට දරුවා එකම දෙයක් කියන බව නොවැටහේවි. ඔබ එය ඔබේ මනසින්ම මගහරීවි.

දරුවෙකු ඇතැම් දේ නිතරම ස්පර්ෂ කරන්නට හෝ සුවඳ බලන්නට කැමති නම්, එය නිතරම දරුවා අතින් සිදුවෙනවානම් එයත් ඔටිසම්වල මූලික ලක්ෂණයක් විය හැකියි. නමුත් එය ඔටිසම් යැයි සැක කරන්නට තවත් කාරණයක් පූර්ණ විය යුතුයි. එනම් ඒ සමග දරුවාව හුරතල් කරනවාට, වඩාගෙන හෝ තුරුළු කරගෙන සිටිනවාට දරුවා අකමැතිද යන්න සෙවිය යුතුයි. එම කාරණා දෙකම සපිරෙන්නේ නම් එය ඔටිසම්
රෝගයේ මූලික ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. එසේම ඇතැම් දරුවන් නිතර ඇසෙන ශබ්දවලට අකමැති බව පෙන්වීමට ඉඩ තිබෙනවා. උදාහරණයකට ඔවුන් ටොයිලට් එක ෆ්ලෂ් කරන ශබ්දය, බ්ලෙන්ඩරය ක්‍රියාත්මක වෙන විට ඇතිවෙන ශබ්දය ඇසෙන විට කන් වසාගැනීමට ඉඩ තිබෙනවා. එසේම ඔවුන් ආලෝකයට සංවේදී නොවීම නිසා දීප්තිමත් එළිය ඇති විට අකමැත්තෙන් වෙසෙන්නටත් ඉඩ තිබෙනවා. මේ සම්බන්ධව ඔටිසම් හා ක්‍රියාකාරී ආයතන සුවිශේෂ නිරීක්ෂණ සිදුකළ හැකි ක්‍රම දක්වා තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1321 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/1321/are-you-aware-of-signs-of-autism-in-your-child-part-1.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/1321/are-you-aware-of-signs-of-autism-in-your-child-part-1.html