පර්ෆියුම් පාවිච්චි කරනකොට මේ වැරදි 5 කරන්න එපා

June 15, 2019
5,722
Do not do these 5 mistakes of using perfume
සුවඳ විලවුන් පාවිච්චි කරද්දි අපි හිතනවට වඩා පිළිපැදිය යුතු නීති ටිකක් තියෙනවා. සුවඳ විලවුන් පාවිච්චි කරනකොට අපි කරන අත්වැරදීම් ටිකක් තියෙනවා, හැබැයි ඒවා බොහොම පහසුවෙන් වලක්වගන්න පුලුවන් පුරුදු ටිකක්.

ඔයාට හිතෙනවා නම් ඔයාගේ පර්ෆියුම් එක කලින් වගේ සුවඳ නෑ කියලා හෝ දවස පුරාම සුවඳ රැඳී තියෙන්නේ නෑ කියලා, මේ තත්වය ඔබේ අවදානය යොමුවිය යුතු තැනක්. පහලින් කියැවෙන අපේ අතින් වෙන වැරදි හදා ගතතොත් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්වගන්න පුළුවන් වෙයි.

01. අතේ මැණික් කටු දෙක එකට අතුල්ලන්න එපා

අපි කරන පළවෙනි වැරැද්ද තමයි පර්ෆියුම් එක ගහපු ගමන් අතේ මැණික් කටු දෙක එකට අතුල්ලන එක. මේකෙන් වෙන්නේ පර්ෆියුම් එකේ රසායනික සැකසුම වෙනස් වෙන එක. ඒකෙන් ඉතින් එහි මූලික සුවඳ වෙනස් වෙලා වෙනත් සුවඳක් නිර්මාණය කරනවා. අනිත් එක තමා, ඇතිල්ලීමෙන් ඔබේ සම පර්ෆියුම් එකත් එක්ක ක්‍රියා කරලා වෙනම විදිහේ ගන්ධයක් තමයි පිටකරන්නේ.

02. ඇඳුම් වලට පර්ෆියුම් ගල්වන්න එපා

ඔබ සුවඳ විලවුන් මිලදීගත්තම මේ කාරණය අත්විඳලා ඇති. ඔයා පර්ෆියුම් බෝතලෙන් බලන සුවඳට වඩා ඇඟේ ගැල්වූවාම බොහෝ විට සුවඳ වෙනස් බව. එය ඉතින් රසායනික කාරනයක්. ඉතින් හොඳම දේ තමයි වෙළඳපලෙන් සුවඳ විලවුන් මිලදී ගන්නකොට පර්ෆියුම් එක ගල්වලා ටික වෙලාවකින් තීරණය කරන්න ඒ සුවඳට ඔයා කැමතිද ඔයාට ගැලපෙනවද කියලා. සුවඳ විලවුන් හදලා තියෙන්නේ අපේ ශරීරයේ ගල්වන්න. ඉතින් ඇඳුම් වල ගැල්වූවොත් සුවඳ වෙනස් වනවා. අනික ඇඳුම් වල පැල්ලම් හිටින්නත් පුළුවන්.

03. වියලි සිරුරේ සුවඳ විලවුන් ගල්වන්න එපා

ඔයාට පර්ෆියුම් එකේ සුවඳ ගොඩක් වෙලා තියාගන්න ඕනේ නම් පර්ෆියුම් ගල්වන්න කල්වේලා තියලා සිරුර තෙත ගතියෙන් තියාගන්න වගබලා ගන්න. එක්කෝ වොෂ් එකක් දාලා ඇඟ පිස්සට පස්සෙ නැත්නම් සුවඳක් නැති මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාලා සුවඳ විලවුන් ගල්වන්න. අනික ඔයාට ඒ සුවඳ විලවුන් ජාතියෙන්ම (එකම බ්‍රෑන්ඩ් එකෙන්) ඒ සුවඳින්ම ඇති ක්‍රීම් එකක් ගාන්න පුළුවන් නම් වැඩේ ගොඩක් සාර්ථකයි.

04. ඕනවට වඩා ගල්වන්න එපා

ඔයගොල්ලො අහල ඇති නේ කියන කතාව. ඉතින් පර්ෆියුම් ගල්වනකොට පොඩ්ඩක් ගල්වන්න මතක තබා ගන්න. පිරිමි පාර්ශවය කියන කතාවක් තමයි වැඩිපුර පර්ෆියුම් ගලවන්නේ අවිනිශ්චිත කාන්තාවන් කියලා. අනික ඉතින් උත්සවයකදී හෝ ඔෆිස් එකේ හරි පොදු ප්‍රවාහනයකදී හෝ ඕනවට වඩා පර්ෆියුම් ගල්වපු අයගෙන් වහනය වෙන ගන්ධය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

05. ඔයාගේ පර්ෆියුම් එක එළිය වැටෙන, රස්නේ තැනක තියන්න එපා

ආලෝකය, උණුසුම සහ ඔක්සියන් ඔයාගේ ආසම පර්ෆියුම් එකේ සුවඳ වෙනස් කරනවා. හොඳම දේ තමයි ඔයාගේ ඇඳුම් කබඩ් එකේ, අල්මාරියේ පර්ෆියුම් එක තියන එක.

මේ පින්තූරේ තියෙන්නේ ඔයාගේ ඇඟේ උෂ්ණත්වය අනුව ඔයා සුවඳ විලවුන් ගල්වන්න ඕනේ ස්ථානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1353 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:32 PM
Script:/article/1353/do-not-do-these-5-mistakes-of-using-perfume.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:32 PM
Script:/article/1353/do-not-do-these-5-mistakes-of-using-perfume.html