මුරණ්ඩු පොඩ්ඩොන්ව මට්ටු කරන්නේ මෙහෙමයි

July 28, 2018
11,959
How to control stubborn kids
ඔයාගේ දරුවත් මුරණ්ඩුද? කියන කිසිම දෙයක් අහන්නේ නැද්ද? ගොඩක් අම්මලාට වගේම තාත්තාලට තියෙන ප්‍රශ්ණයක් තමයි දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා කලාපයන්. පොඩි දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් අහන්න ලැබෙන කතාවක් තමයි දරුවෝ කියන දෙයක් අහන්නේ නෑ හරිම දඩබ්බරයි කියන එක. ඉතිං ඔයා හිතනවා නම් පොඩි දරුවන්ට දඩුවම් කිරීමෙන් හෝ තරවටු කිරීමෙන් ඔවුන්ව හික්මවා ගන්න පුළුවන් කියලා එය සත්‍යයක් නෙවෙයි. මොකද කුඩා දරුවන් එක්ක ගණදෙනු කරන්න ඕනි හරි පරිසස්මට. එහෙම නොවුණොත් පොඩි දරුවන්වගේ මුරණ්ඩු ගති තවත් වැඩි වෙන්න පුළුවන්. අද අපි ඔයාට Hadakari.com තුළින් කියන්න යන්නේ ඔයා කුඩා දරුවෙක් එක්ක ගනදෙනු කරන්න ඕන කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

පළමුව ඔයා දරුවාට සවන් දෙන්න

ඔය නොදන්නවා වෙනුවට ඔයාගේ දරුවා ඔයාගේ අවධානය බලාපොරොත්තු වෙනවා. දරුවා ගොඩක් වේලාවට මුරණ්ඩු වෙන්නේ දරුවන්ට ඔබේ අවධානය යොමු නොවන නිසා. විශේෂයෙන්ම පවුල තුළ අම්මා තාත්තාගේ විතරක් නෙමෙයි වැඩිමහල් අයියලා අක්කලාගේ පවා පොඩ්ඩො අවධානය බලාපොරොත්තු වෙනවා. ඔයාගේ අවධානය ඔවුන්ට යොමු නොවෙන විට දරුවෝ දඩබ්බර වෙනවා. පොඩ්ඩෝ ගොඩක් කැමති ඔවුන්ට අවධානය යොමු කරනවට. ඒත් අද වෙන්නේ දරුවන්ට අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන්ට නිතර නිතර දොස් පවරනවා. ඔයා පළමුවෙන් දරුවන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න උත්සාහ කරන්න. පොඩ්ඩෝ ඔවුන්ට ඕන හැම දේම ඉල්ලන්නේ නෑ. ඔයා දරුවන්ට නිතර නිතර කෑ ගහනවා නේද? ඔවුන්ට තරවටු කරනවා නේද? එය දරුවන්ගේ මනසට යෝග්‍ය වෙන්නේ නෑ. ඔයා පොඩ්ඩොන්තට තරවටු කරන්න කලින් ඇයි එහෙම කරන්නේ කියලා චුට්ටක් හිතලා බලන්නකෝ. එතකොට ඔයාට පුළුවන් දරුවන්ගේ හිත් රිදවන්නේ නැතුව ඔවුන්ට සවන්දීමෙන් හික්මවා ගන්න. දරුවන්ට ඕන අවශ්‍ය ආදරය, රැකවරණය වගේම අවධානය ලැඛෙන කොට ඔවුන් ඔයාටත් නොදැනිම මුරණ්ඩුකම් වලින් මිදෙනවා.

දරුවන්ට බොරු කියලා රවට්ටන්න එපා

අම්මලා පොඩි කාලේ ඉදන්ම දරුවන් අඩනකොට බොරු කියලනේ නළව ගන්නේ. දරුවන්ට නොතේරෙන කාලයේ බොරු කියලා රවට්ටවා ගත්තට දරුවෝ ටික වැඩෙන කොට නම් බොරු කියලා රව්ට්ටන්න බෑ. ඔවුන් ටික ටික වයසෙන් මෝරලා එනාකොට ඇත්ත හොයන්න පටන් ගන්නවා. ඒ නිසා පුංචි කාලේ ඉදලම දරුවන්ට ඇත්ත කියන්න පුරුදු වෙන්න. උපන් දා ඉදලා ඔයා බොරු කිව්වත් ඔබ ඔබේ දරුවා කොයි තරම් රැවට්ටුවත් කල් යනකොට තවත් දරුවන්ව රවට්ටන්න බෑ. ඔයා මුලින් බොරු කියලා ඇතත්ක් කිව්වත් දරුවෝ පිළිගන්නේ නෑ. මෙය ඔයා හිතමතා නොකළත් මෙය ඉතා භයානක තත්ත්වයක්. අත්‍යාවශ්‍යම මොහොතකදීම දරුවාව තමන්ගේ බහට අවනත කර ගන්න බැරි වෙනවා. පොඩි දරුවන්ටත් ආදරය සෙනෙහස අවශ්‍යයයි. ඔවුන් පුංචියි කියලා දරුවන්ව අවතක්සේරු කරන්න එපා. එය පොඩි දරුවන්ට අවධානය යොමු නොකරන විට ඔවුන් ඇත්තටම අසරණ වෙනවා. ඔයා ඔයාගේ දරුවාව අවතක්සේරුවට පත් වෙන විදිහේ කිසිම දෙයක් කරන්න එපා. එයින් ඔබේ දරුවා තවත් මුරණ්ඩු වේවී. විශේෂ සම්බන්ධතාවක් ඔයාගේ දරුවා සමග නිවස තුළ ගොඩ නගා ගන්න. දරුවට ඔයාගේ ආදරය රැකවරණය සෙනෙහස මෙන්ම අවධානය නොඅඩුව ලබා දෙන්න. එවිට ඔයාගේ දරුවා තුළ පවතින සියලු මුරණ්ඩුකම් දගකාරකම් ටිකෙන් ටික අඩු වෙලා යාවී.

දරුවන්ට පුංචි පුංචි වගකීම් දෙන්න අමතක කරන්න එපා

පුංචි දරුවෝ වුණත් අඩු සැළකිලිවලට කැමති වෙන්නේ නෑ. පුංචි කාලයේ ඉදලා පොඩ්ඩෝ වගකීම් දැරීමට ඉතාමත් කැමතියි. ඒත් ඔයා පුංචි දරුවන්ට වගකීම් දෙන්න අකමැකි වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි දරුවන්ට වගකීම් දෙන්න කවදාවත් ඔයා පැකිලෙන්න එපා. සෙල්ලම් බඩු අදින්න එපා, එළියේ සෙල්ලම් කරන්න එපා, ගෙදර බඩු මුට්ටු අදින්න එපා කියලා දරුවන්ට නිතර නිතර කියන්න එපා. මෙවැනි අවස්ථාවක් දරුවන්ට නොලැඛෙනකොට දරුවන් මේ දේවල් අත්හදා බලන්න යනවා. ඔයා දරුවන්ට අවධානය යොමු නොකරන විට ඔයාගේ අවධානය ගන්න ඔවුන් විවිධ දේවල් කරයි. ඉතිං දරුවන්ට කවදාවත් දඩුවම් කරන්න යන්න එපා. ඔවුන්ට සවන් දී ඔවුන්ව මුරණ්ඩුකම් වලින් දඟවැඩ වලින් මුදවා ගන්න ඔයාට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 980 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:42:37 AM
Script:/article/980/how-to-control-stubborn-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:42:37 AM
Script:/article/980/how-to-control-stubborn-kids.html