දිනකට රට ඉඳි දෙක බැගින් සතියක් ආහරයට ගැනීමෙන් සිදුවන්නේ කුමක්ද?

October 28, 2021
7,818
What will happen to your body if you eat 2 dates every day for 1 week?
නිවර්තන දේශගුණවල වැවෙන කුඩා ගෙඩි විශේෂයක් වන රට ඉඳි වියළීමෙන් වෙළඳ පොලෙන් අප මිලට ගන්නා තත්ත්වයට පත් කර තිබෙනවා.. අහාරයට ගන්නා උදවිය එහි ඇති ප්‍රණීත රසය නිසා එය අතුරු පස සඳහා අප බොහෝ විට එක්කර ගන්නවා.. නමුත් රට ඉඳි යනු පෝෂණයෙන් ඉතා ඉහල ආහාරයක්.. ඔබ රට ඉඳි ග්‍රෑම් 100 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබගේ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් 20% ක් පමණ සපුරාලීමට හැකි අතර එහි තන්තු ග්‍රෑම් 7 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක් සහ ප්‍රතිඔක්සිකාරක වර්ග කිහිපයක් මෙන්ම පොටෑසියම්ද ඊට අමතරව තඹ, මැංගනීස්, විටමින් බී 6, මැග්නීසියම් සහ යකඩ බහුල වශයෙන් අන්තර්ගත වනවා.

ලොව පුරා රට ඉඳි වර්ග 3000ක් පමණ ඇති අතර නැවුම් රට ඉඳි දීප්තිමත් රතු සහ කහ පැහැයෙන් යුක්තවන අතර වියළීමෙන් පසු රන්වන් පැහැති දුඹුරු පැහැ ස්වභාවයක් ගනු ලබනවා. Medjool සහ Deglet Noor යන ප්‍රභේද දෙක බහුලව භාවිතා වන අතර ඔබ ඕනෑම ප්‍රභේදයකට අයත් නැවුම් හෝ වියළන ලද ‍රට ඉඳි ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට ඉතා විශ්මිත ප්‍රතිලාභයන් ගෙන එනු ලබනවා.. ඔබ දිනකට රට ඉඳි දෙකක් බැගින් සතියක් ආහාරයට ගැනීමෙන් පහත ප්‍රතිලාභයන් අත්කර ගැනීමට හැකියි.

ආහාර හොඳින් ජීර්ණය කිරීම



ඔබගේ ආහාරවේලේ තන්තු බහුලව අඩංගු වීම ආහාර ජීර්ණයට උපකාරි වන අතර මල පහ ප්‍රමාණය වැඩි කරනු ලබනවා.. විශේෂයෙන් රට ඉඳි ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 7ක් පමණ ඇති අතර එමගින් ඔබගේ ආහාර වේල හොඳින් ජීර්ණය වීමට උපකාරි වනවා.. එම නිසා ඔබගේ ආහාර වේලට දිනපතා රට ඉඳි එක්කර ගැනීම මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමයයි.

ශක්තිය වැඩි කරයි



රට ඉඳි පැණිරස ආහාරයක් වුවත් එමගින් ඔබගෙ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය කෙරෙහි බලපෑම් එල්ල නොකරයි. එය අඩු ග්ලයිසමික් අගයක් ඇති ආහාරයකි. එමෙන්ම ශරිරයේ ශක්තිය ඉහළ නැංවීමටද උපකාරි වනවා.

රෝග ඇතිවීම වළක්වාලීම



රට ඉඳි වල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් සිරැරට අහිතකර බලපෑම් එල්ල කරන සාධක උදාසීන කරන අතර එමගින් රෝග ඇතිවීමේ අවධානම පහළ නංවනවා.. රට ඉඳි වල ඇති ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක වන්නේ,

- ෆ්ලේවනොයිඩ් (Flavonoids) - ශරීරයේ දැවිල්ල අඩු කරන ප්‍රතිඔක්සිකාරකයක් වන අතර දියවැඩියාව, ඇල්සයිමර් සහ සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බව සොයාගෙන ඇත.

- කැරොටිනොයිඩ්ස් (Carotenoids) - කැරොටිනොයිඩ්ස් හෘද සෞඛ්‍යය නිසි පරිදි තබගැනීමටත්, ඇසේ සුද ඇතිවීම පාලනය කර අක්ශි නීරෝගිව තබා ගැනීමට සහය වනවා.

- ෆීනොලික් අම්ලය (Phenolic acid) හෘද රෝග හෝ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට උපකාරි වීම.

වයසට යාමත් සමග ඇතිවන මානසික තත්ත්ව පාලනය



වයස්ගත වීමත් සමග බොහෝ පුද්ගලයන් මානසික පරිහානියකට ලක්වනවා.. විශේෂයෙන් වයස්ගත වීමත් සමග ඇතිවන ඇල්සයිමර් වැනි රෝග තිබෙන අතර වයස්ගත වීමත් සමග මොළය ආරක්ෂා කරගත යුතුයි. රට ඉඳි දිනපතා ආහාරයට ගැනීම මතක ශක්තිය වැඩි කිරීමටත්, කාංසාව වැනි තත්ත්වයන් පාලනයටත් උපකාරි වනවා.

සීනි වෙනුවට ආදේශකයක් ලෙස යොදාගත හැකියි



අධික සීනි පරිභෝජනය දියවැඩියාව, තරබාරුව සහ පිළිකා වැනි රෝගාබාධ රැසක් සඳහා හේතු වනවා.. විශේෂයෙන් පිරිපහදු කළ සීනි විවිධ නම්වලින් බොහෝ ආහාරවල අඩංගු වන බැවින් ඔබ ඉතාමත් සැලකිලිමත් වීම වැදගත් වනවා. පර්‍යේෂකයන් සඳහන් කරන ආකාරයට සීනි වෙනුවට රට ඉඳි ඉතා හොඳ ආදේශකයක් වනවා.. එමනිසා ඔබට අවශ්‍ය නම් රට ඉඳි ජලය සමග එක්කර පේස්ට් එකක් වන සේ බ්ලෙන්ඩර් කර සීනි වෙනුවට 1: 1 අනුපාතයට ඔබ බේක් කරන ආහාර සඳහා එක්කර ගත හැකියි.. එසේ නැතිනම් ලංකාවේ අපි දිනකට තේ කිහිපයක් පානය කරන බැවින් ඒ සඳහා සීනි වෙනුවට රට ඉඳි එක්කර ගැනීමටත් පුළුවන්.

රට ඉඳි කැලරි බහුල ආහාරයක් වුවත් එමගින් ඔබගේ සිරැරට ප්‍රතිලාභයන් රාශියක් ගෙන දෙනවා… නමුත් ඔබට සිරැරේ බර පිළිබඳව ගැටළුවක් ඇතිනම් රට ඉඳි දෙකක් පමණක් දිනකට ආහාරයට එක්කර ගැනීමට පුලුවන්..

වඩාත් වැදගත් වන්නේ රට ඉඳි මගින් නිරෝගී ශරීරයක්, මනසක් මෙන්ම දවසට අවශ්‍ය කරන ශක්තිය ලබාදීමයි.. රට ඉඳි පමණක් ආහාරයට ගැනීම, සලාද වලට, නැතිනම් සීනි වෙනුවට බේක් කරන ආහාරවලට එක්කර ආදී විවිධ ක්‍රමවලට ඔබට රට ඉඳි ආහාරයට ගත හැකියි. ඉතින් තවත් බලා සිටිය යුතු නැහැ නේද.. ඔබටත් අදම උත්සාහ කර බැලීමට පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2082 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:28 AM
Script:/article/2082/what-will-happen-to-your-body-if-you-eat-2-dates-every-day-for-1-week.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:28 AM
Script:/article/2082/what-will-happen-to-your-body-if-you-eat-2-dates-every-day-for-1-week.html