අනාගතය වෙනුවෙන් දරුවන්ට හුරු කරන හොඳම පුරුද්ද

January 28, 2019
9,282
The best habit to inculcate in your child
මොන තරම් දේවල් මේ ලෝකේ තිබුනත් දෙමාපියන්ගේ මුළු ලෝකෙම වෙන්නේ ඒ අයගේ දරුවෝ. තමන්ගේ දරුවා උගත්, බුද්ධිමත්, ගුණවත්, නැණවත්, හොඳ දරුවෙක් වෙනවා දකින එක තරම් සතුටු වෙන්න පුළුවන් දෙයක් ඒ අයට  තවත් නැහැ. මේ නිසාම තමයි ඕනෙම කෙනෙක් තමන්ගේ දරුවෝ වෙනුවෙන් හොඳම දේවල් තෝරාගන්නේ වගේම හොඳම දේවල් දරුවන්ට කියලා දෙන්නේ. දරුවෙක් පුංචි කාලේ දෙමාපියන් ඒ අයට පුරුදු පුහුණු කරන හොඳ දේවල් දරුවන්ගේ අනාගත ජීවිතේම සාර්ථක වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේ දරුවන්ගේ මුළු ජීවිතකාලයටම වැදගත් වෙන දරුවන්ට පුරුදු පුහුණු කරන්න පුළුවන් හොඳ පුරුද්දක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. ඒ තමයි පොත් කියවන එක. අපි බලමු දරුවන්ට පොත් කියවන්න පුරුදු කරන එක කොච්ච්ර වැදගත් දෙයක්ද කියන එක ගැන වගේම හොහොමද එක කරන්නේ කියන දේ ගැනත්.

01. දරුවන්ට පොත් කියවන්න පුරුදු කරන එක වැදගත් වෙන්නේ මේ නිසයි 

දරුවත් එක්ක පොතක් කියවන එක දරුවට ඇහෙන්න පොතක් කියවන එක වගේම දරුවොත් එක්ක පොත්වල තියෙන සින්දු වගේ දේවල් කියන එක ඔබ නොහිතන ගොඩක් ආකාර වලින් ඔබේ දරුවාගේ වර්ධනයට බලපානවා. ඔබ දරුවත් එක්ක පොත් කියවනවා කියන්නේ අලුත් වචන ඒවා උච්චාරණය කරන විදිහ, භාෂාව වගේම ඒ පොත් වල තියෙන රූප ගැනත් හොඳ දැනීමක් දරුවන් තුල ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ට හොඳ ආදර්ශ වගේම පොත් පොත් වල ඇති වටිනාකමත් මේ නිසා ඔවුන්ට දැනෙනවා. පොත් කියවීම දරුවාගේ සාක්ෂරතා හැකියාව වර්ධනය කරමින් පුංචි වයසේ ඉඳන්ම ඒ අයව සාර්ථක කියවන්නෙකු බවට පත් කරනවා. කතන්දර පොත් වගේ දේවල් කියවන විට දරුවන්ගේ පරිකල්පන ශක්තිය වර්ධනය වෙනවා ඒ වගේම දෙමාපියන්ට දරුවන් සමඟ සතුටින් ගත කල හැකි කාලයක් මේ නිසා ලැබෙනවා.

02. දරුවන්ට පොත් කියවන්න පුරුදු කරන්න ඕනේ මොන කාලේදී ද ?

ඇත්තටම මේ වැඩේ අපිට දරුවා කුසේ ඉන්න කාලයේ ඉඳන්ම පටන් ගන්න පුළුවන්. මොකද අපි දන්නා දෙයක් තමයි දරුවෙක් මවු කුසේ ඉන්න කාලයේ ඉඳලම ගොඩක් දේවල් ඉගෙන ගන්න බව. ඔබට පුළුවන් කුස අත ගාන ගමන් දරුවා වෙනුවෙන් පුංචි පුංචි කතන්දර කියවන්න. මේ පුරුද්ද දරුවා ලැබුනට පස්සෙත් දිගටම කරන්න පුළුවන්. ඔබේ දරුවා ඔබ වෙත අවධානයෙන් ඉන්න අවස්ථාවන් වල දරුවාගේ මුහුණ දිහා බලාගෙන පුංචි පුංචි කතන්දර කියවන්න. මේ පුරුද්ද නිතරම කරගෙන ගියොත් දරුවට බොහොම පහසුවෙන්ම පොත් කියවන පුරුද්ද හුරු කරන්න පුළුවන්. ඒ
නැතත් ඔබේ දරුවා මොන වයසක හිටියත් ඔබට පුළුවන් ඔහු තුල පොත් කියවීමේ හොඳ පුරුද්ද ඇති කරන්න.

03. දරුවන්ට පොත් කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

පුංචි දරුවෝ කියන්නේ එක විදිහට වැඩි වෙලාවක් එක  තැනක අවධානය තියාගෙන ඉන්න පුළුවන් පිරිසක් නෙවෙයි.මේ නිසා දරුවට ආස හිතෙන විදිහට ඒ අයට පොත් කියවන එක පුරුදු කරන්න අපිට බොහොම පහසු මේ ක්‍රම ටික පාවිච්චි කරන්න පුළුවන්.
 
 i. දරුවා කියවන්න කැමති පොතක් තෝරාගන්න අවස්ථාව දෙන්න . ඔහුටම පොත ළඟ තබාගනිමින් පිටු පෙරලන්න දෙන්න.

ii. දරුවට එපා නොවෙන්න කෙටි වෙලාවක් පොත් කියවීමට ගත කරන්න.

iii. කතාවේ දන්න වචන දරුවට කියන්න අවස්ථාව දෙන්න. ඒ වගේම කතාන්දරය ඔබත් සමඟම කියවීමට දරුවා දිරිමත් කරන්න. 

iv. පොතේ තියෙන පින්තූර නම් කරන්න දරුවට අවස්ථාවක් දෙන්න.

v.  අඩුම තරමින් දවසකට එක පොතක් වත් කියවන්න.

vi. දරුවටත් ඔබටත් සුවපහසු තැනක් පොත් කියවන්න තෝරාගන්න.

vii. ඔබත් සමඟ පොත් කියවන එක දරුවට විනෝදයක් ගෙන දෙන දෙයක් බවට පත් කරන්න 

viii. දරුවාගෙන් ප්‍රශ්න අසන්න. ඒ වගේම කතාව ගැන ඔබෙන් ප්‍රශ්න අසන්නත් දරුවාව දිරි ගන්වන්න.

xi. හැකි තරම් දරුවට සමීපවෙලා ආදරෙන් දරුවට පොත් කියවන්න හුරු කරන්න.

x . නිතරම දරුවට අලුත් දෙයක් ඉගෙන ගත හැකි පොත් ගෙනත් දෙන්න.

04. දරුවන්ට කියවන්න හොඳම පොත් මොනවද ?

දරුවන් එක්ක කියවන්න නැත්නම් දරුවන්ට කියවන්න දෙන්න හොඳම පොත් මොනවද කියන එක තමයි දෙමාපියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද ඒ තරම් පොත් ගොඩක් තියෙනවා දරුවන් වෙනුවෙන් නිර්මාණය වුන. කොහොම උනත් ටිකක් කල්පනාවෙන් අවධානෙන් හොයලා බැලුවොත් දරුවන්ට ගැලපෙන හොඳම පොත් ඔබට තෝරාගන්න පුළුවන් . පුංචි දරුවෝ කොහොමත් කැමති ඒ අයට විනෝදයක් සතුටක් ගෙන දෙන දේවල් කරන්න. මේ නිසා දරුවන්ව පොත් කියවන්න හුරු කරවන්න අවශ්‍ය නම් දරුවන්ට විනෝදයක් ගෙන දෙන හොඳ රිද්මයක් තියෙන අර්ථවත් පොත් තමයි තෝරාගන්න ඕනේ. එතකොට දරුවාගේ අවධානය තියාගන්න පහසුයි වගේම දරුවා පොත් කියවන්නේ ලොකු කැමැත්තකින්. ඒ වගේම පොතේ බාහිර පෙනුමත් දරුවාට පොත කියවන්න ආස වෙන විදිහට ලස්සන ලස්සන පින්තූර වලින් සකස් කරලා තියනවා නම් තමයි හොඳ. විශේෂයෙන් දරුවන් කියවන්න කැමති මාතෘකා වලින් පොත් තෝරාගන්න. සත්තු ගැන , වාහන ගැන, සුරංගනා කතා ඒ වගේ දේවල් වලට දරුවෝ කැමතියි. දරුවාගේ කැමැත්ත හඳුනාගෙන පොත් තෝරාගත්තොත් ඒ අයව කියවන්න පුරුදු කරන්න හරිම ලේසියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1248 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:02 AM
Script:/article/1248/the-best-habit-to-inculcate-in-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/1248/the-best-habit-to-inculcate-in-your-child.html