නිසරු බව නැති කර කාම ශක්තිය වර්ධනය කරන සුපිරිම ආහාර ටික

June 16, 2018
22,508
Food that prevent sterility and increase sexual potency
ගැටළු වලින් තොර නීරෝගී ලිංගික ජිවිතයක් පවත්වාගෙන යාම, ඔබව ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්නව තබන්න බෙහෙවින් ඉවහල් වෙනවා. ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඇති වන නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ලිංගික ජීවිතය පමණක් නෙවෙයි සමස්ත පවුල් ජිවිතයම අවුලට පත් කරනවා. සෞඛ්‍ය සම්පන්න ලිංගික ජිවිතයක් කියන්නේ යහපත් පවුලකට ශක්තිමත් පදනමක්. ඒත් ගොඩාක් දෙනෙක් තමන්ගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ගැන කතා කරන්න තරම් විවෘත වෙන්නේ නැහැ. ලංකාවේ නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයක් නැති කම මේ තත්ත්වයට ප්‍රධානම හේතුවක්. 

නිසරු බව හා ලිංගික බෙලහිනතාවය කියන්නේ බොහොන්දෙනෙක් තුළ කලින් කිව්ව ගැටළු ඇති කරන්න හේතු වෙන තත්ත්වයක්. මේ තත්ත්වයන් අවම කරවමින් කාම ශක්තිය උද්දීපනය කරන ශක්ති ජනක ආහාර කිහිපයක් තමයි මේ. කාන්තා පිරිමි දෙපාර්ශවයේම ලිංගික ශක්තිය වර්ධනය කරන මේ ආහාර ඔබේ ලිංගික ජීවිතයත් ප්‍රීතිමත් එකක් කරන්න අනිවාර්යෙන් උදවු වෙයි.

උක්

උක් කියන්නේ ආයුර්වේදයට නම් නැතිවම බැරි වටිනා ඖෂධයක්. ඒ වගේම රසවත් පළතුරක් විදියටත් හඳුන්වන්නක්. කාම ශක්තිය වර්ධනය කිරීමේ ඉතා ඉහල හැකියාවක් උක් වලට තියෙනවා. ඒ මඟින් ශරීරයේ ධාතු වර්ධනය කරවන අතරම ශරීරයට ශක්තිය ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ශරිරයේ වර්ධනයටත් ඉවහල් වෙනවා. කාන්තාවන්ගේ ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර වලට ඉතා හිතකර වන අතරම පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු වර්ධනය කරන්නත් හැකියාව උක් වලට තියෙනවා.

මේ දේවල් වලට අමතරව පිත අවම කරන්නත් කැස්ස, ඇදුම,පීනස ඇතුළු සෙම් රෝග සඳහාත් අදවත් රෝග අවම කරන්නත්, මානසික පීඩන තත්ත්වයන් වලින් සහනය දෙන්නත් පුළුවන්.

රට ඉඳි 

රට ඉඳි කියන්නේ අතිශය පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඕනම කෙනෙක් හරි කැමැත්තෙන් කන පළතුරක්. ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න තියෙන හොඳම විසඳුමක්. දිනපතා රට ඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ශරීරය පෘෂ්ටිමත් කර ගන්න පුළුවන්. රට ඉඳි කියන්නේ ඊටත් වඩා ලිංගික ක්‍රියාකාරකම් ඉහල නංවන්න පුළුවන් ආහාරයක්. ශුක්‍ර ධාතු වර්ධනය කරන්නත්, ස්නායු දුර්වලතා මඟ හරවමින් ශක්තිය ලබා ගේන්නත් රට ඉඳි වලට පුළුවන් කියලා තමයි කියන්නේ. 

අනෝදා 

අනෝදා එහෙමත් නැත්තම් අපි කටු ආත්තා කියලා කියන්නේ.. අනොදත් ලිංගික ශක්තිය වර්ධනය කරන්න පුළුවන් පළතුරක් විදියට හඳුන්වනවා. සිරුරේ උෂ්ණය අධික නම් අනෝදා යුෂ පානය කිසිම මඟින් උෂ්ණත්වය අවම කර ගන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම වැනි උෂ්ණාධික රෝගී තත්ත්වයන්ට හොඳ ඖෂධයක් තමයි අනෝදා.

ශරීරයේ විඩාබර බව නිවමින් ධාතු වර්ධනය කරන්නත් සිරුර පෘෂ්ටිමත් කරන්නත් අනෝදා වල ඇති පෝෂ්‍ය පදාර්තයන්ට හැකියාව තියෙනවා. 

මේ ආහාර වලින් ඔබේ ලිංගික ක්‍රියාකාරකම් ඉහළ නංවා ගන්න හැකියාව තියෙනවා. ලිංගික ජීවිතය තෘප්තිමත් කියන්නේ ඔබ දෙදෙනා තල නිසරු බව සම්බන්ධ ගැටළු නැහැ කියන එක. මේ ආහාර වර්ග එදිනෙදා ආහාරයට එක කර ගැනීමෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටළු වලට පිළියම් හොයා ගන්න පුළුවන්.  

මේ ආහාර වලට අමතරව ඔලිව් තෙල්, රතු වයින්, සුදුළූණු, රතුළූණු, උම්බලකඩ, ඉඟුරු වගේම ඇපල්, දෙළුම්, පැණි කොමඩු වගේ පලතුරුත් නිසරු බව අවම කරන්න වගේම කාම ශක්තිය වර්ධනය කරන්නත් උදවු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed