මේ කෑම ලස්සනයි හැබැයි හිතාගන්න වත් බැරි තරම් මාරාන්තිකයි

February 1, 2018
6,741
These food are beautiful but deadly
කතාවටත් කියනවනේ අපි කන කෑම වලින් දිව පිනවන්න කලින් ඇහැ පිනවන්න ඕනේ කියලා. හැබැයි ඇහැ පිනවන්න කියලා හිතාගෙන අපි හැමෝම හොයලා බලන්නේ නැතුව හිතලා බලන්නේ නැතුව කරන දෙයක් නිසා ජීවිතේම කණපිට පෙරලෙන්න පුළුවන් කිවුවොත් ඔබ ඇත්තටම පුදුම වේවි, ඒ නිසා අද අපි ඔබත් එක්ක කතා කරන්න හිතුවේ අපි නොදැනුවත් කම නිසා කරන ලොකු වැරැද්දක් ගැන.

ආහාර වර්ණක කියන්නේ එදිනෙදා බහුතරයක් කෑම වර්ග වල අපිට දකින්න ලැබෙන දෙයක්. ඒ නිසාම අපිට ඒ කෑම බිම සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. හැබැයි මේ වර්ණක භාවිතා කරලා හදන කෑම බීම අද වෙනකොට පිළිකා හැදෙන්න බලපාන ප්‍රධානම කාරණාවක් බවට පත්වෙලා. විශේෂයෙන් උපන්දින වලට හදන කේක් වලට මේ වර්ණක වැඩි වශයෙන් භාවිතා කරනවා. මොකද පුංචි දරුවන් වර්ණ වලට කැමති නිසා අම්මලා තාත්තලා පුළුවන් තරම් උත්සහ කරන්නේ පාට පාට ලස්සන කේක් එකක් දරුවට හදලා දෙන්න. හැබැයි ඔබ නොදැනුවත්වම කරලා තියෙන්නේ ලොකු වැරද්දක්. බලන්නකෝ එහෙම කියන්නේ ඇයි කියලා.

01. මොනවද මේ ආහාර වර්ණක බෝතල් වල අඩංගු වෙන්නේ?

බොරතෙල් මගින් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන විට ඇතිවෙන ප්ලාස්ටික් වලට සමාන අතුරු පලයකින් තමයි මේ ආහාර වර්ණක සකස් කරන්නේ. බොහෝ වේලාවට මේ ගැන බෝතලයේ ලේබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මේවාගේ දරුණු පිලිකා කාරක සහ වකුගඩු රෝග වලට බලපාන විස රසායන විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා.

02. දියුණු රටවල් වල ආහාර වර්ණක සම්බන්ධ නීති තදින්ම ක්‍රියාත්මක වෙනවා

ඔස්ට්‍රියා සහ නොර්වේ කියන රටවල් වල ආහාර වර්ණක භාවිතය සම්පුර්ණයෙන්ම තහනම්. ඒ වගේම තමයි දරුණු පිලිකා කාරක අඩංගු වෙන නිසා ඒ බව ලේබලයේ සඳහන් කිරීම අනිවාර්ය දෙයක්. හැබැයි අවාසනාවකට ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මේ සම්බන්ද නීති තදින් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ප්‍රමිතියක් නැති ආහාර වර්ණක විශාල ප්‍රමාණයක් තිබෙනවා.

03. රතු සහ කහ පාට

රතු සහ කහ කියන්නේ දරුවන් කැමතිම පාට වර්ග දෙකක්. මේ වර්ණ දෙකේ පිලිකා කාරකයක් ලෙස ලොවම හඳුනාගත් benzene කියන රසායනිකය අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊස්ට්‍රජන් කියන ලිංගික හොර්මෝනයත් වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේ වර්ණ දෙක පිලිකා හැදෙන්න වගේම ළමයි ලිංගික කාර්යන්ට නැබුරුවෙන්නත් හේතුවක් වෙනවා.

රතු - citrus Red - වකුගඩු පිලිකා සහ වකුගඩු අක්‍රිය වීම
Erythosing - තයිරොයිඩ් ග්‍රන්තියේ පිලිකා ඇතිකරනවා. ඒ වගේම අධික විස නිසා මේ වර්ණකය භාවිතය තහනම්.
allura red - ශරීරයේ ඕනෑම තැනක පිලිකා ඇතිකරවනවා.
කොළ - Fast Green - මුත්‍රාශයේ පිලිකා
කහ - Tartrazine yellow - ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා ඇතිකරවනවා.

04. දරුවන්ගේ හැසිරීමේ අසාමාන්‍යතා ඇතිකරනවා

මේ රෝගය හඳුන්වන්නේ Attention deficit Hyperactivity disorder (ADHD) නමින්. මොළයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ ඩොපමින් කියන රසායනිකයේ අසමතුලිත භාවය නිසා ඇතිවෙන මෙම රෝගයට ප්‍රධාන හේතුව වෙන්නෙත් ආහාර මගින් දරුවන්ගේ ශරීරයට එකතුවෙන මෙම වර්ණක.

අපි හැම දෙයක්ම කරන්නේ දරුවන්ට ආදරේ නිසා. හැබයි දරුවාගේ හිත සනසන්න ඇහැ පිනවන්න කියලා හිතාගෙන අපි මේ වැරැද්ද තව දුරටත් කරොත් අපිට පසුතැවෙන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 645 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:41 PM
Script:/article/645/these-food-are-beautiful-but-deadly.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:42 PM
Script:/article/645/these-food-are-beautiful-but-deadly.html